Gender | Product | Page Name | Page URL |
---|---|---|---|
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | එන්ඩෝව්මන්ට් | http://www.ceylincolife.com/si/endowment/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | එන්ඩෝව්මන්ට් | http://www.ceylincolife.com/si/endowment/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ඇඩ්වාන්ස් පේමන්ට් | http://www.ceylincolife.com/si/advanced-payment/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ඇඩ්වාන්ස් පේමන්ට් | http://www.ceylincolife.com/si/advanced-payment/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | සුප්‍රීම් | http://www.ceylincolife.com/si/supreme/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | සුප්‍රීම් | http://www.ceylincolife.com/si/supreme/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | Ceylife ඔන්ලයින් | http://www.ceylincolife.com/si/ceylife-online/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | Ceylife ඔන්ලයින් | http://www.ceylincolife.com/si/ceylife-online/ |
Man | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Women | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Man | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Women | මගේ දීර්ඝකාලීන මූල්‍ය ඉලක්ක ජයගැනීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Man | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | විශ්‍රාම සැලසුම් | http://www.ceylincolife.com/si/retirement/ |
Women | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | විශ්‍රාම සැලසුම් | http://www.ceylincolife.com/si/retirement/ |
Man | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Women | මගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම | පෙන්ෂන් සේවර් | http://www.ceylincolife.com/si/pension-saver/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | බරපතල රෝගාබාධ ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/critical-illness-cover/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | බරපතල රෝගාබාධ ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/critical-illness-cover/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | මේජර් සර්ජරි ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/major-surgery-benefit/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | මේජර් සර්ජරි ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/major-surgery-benefit/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/hospital-cash-benefit/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හොස්පිට්ල් කෑෂ් ප්‍රතිලාභය | http://www.ceylincolife.com/si/hospital-cash-benefit/ |
Man | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට් | http://www.ceylincolife.com/si/health-support-plus/ |
Women | සෞඛ්‍ය අවදානම් සඳහා රැකවරණය ලබාගැනීම | හෙල්ත් සපෝට් ප්ලස් බෙනිෆිට් | http://www.ceylincolife.com/si/health-support-plus/ |
Man | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Women | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ෆියුචර් සේවර් | http://www.ceylincolife.com/si/future-saver/ |
Man | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ආයෝජන සැලසුම් | http://www.ceylincolife.com/si/investment-plans/ |
Women | කෙටිකාලීන මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීම | ආයෝජන සැලසුම් | http://www.ceylincolife.com/si/investment-plans/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | සිප්සෙත | http://www.ceylincolife.com/si/sipsetha/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | සිප්සෙත | http://www.ceylincolife.com/si/sipsetha/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | රන්දරු | http://www.ceylincolife.com/si/ran-daru/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | රන්දරු | http://www.ceylincolife.com/si/ran-daru/ |
Man | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | ඩිග්‍රී සේවර් | http://www.ceylincolife.com/si/degree-saver/ |
Women | මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීම | ඩිග්‍රී සේවර් | http://www.ceylincolife.com/si/degree-saver/ |
Man | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ස්මාර්ට් සේවර් | https://www.ceylincolife.com/si/smart-saver/ |
Women | මගේ අනාගත ඉලක්ක සහ මගේ පවුලේ ආදරණීයයන් සඳහා රැකවරණය | ස්මාර්ට් සේවර් | https://www.ceylincolife.com/si/smart-saver/ |
ජීවිත රක්ෂණය
ඔබේ ජීවිතයේ ඉලක්කවලට සරිලන රක්ෂණ සැලසුම තෝරාගන්න
ඔබේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ජීවිත රක්ෂණය ඔබට උපකාර කරන්නේ කෙසේද?
ජීවිතයේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීම බව අපි හැමෝම දන්නා කරුණක්. ඇතැම් අවස්ථාවලදී, මේ වෙනස්වීම ඉතාමත්ම බරපතළ ආකාරයෙන් ඔබේ පවුලට බලපෑ හැකි බැවින්, ඔබේ පවුලේ අනාගතය කල්තියා සැලසුම් කරගැනීම ඉතා වැදගත් ය. ඔබේ ආදරණීයයන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරුකිරීම සඳහා, ඔබේ ජීවිතයේ අවිනිශ්චිතතාව ඉදිරියේ කටයුතු කළයුතු ආකාරය ඔබ දැනසිටිය යුතුයි.
පවුලේ සාමාජිකයින් ඔබට මුළු ලෝකයේම ඇති වටිනාම සම්පතයි. ඔවුන්ගේ අපේක්ෂාවන් සහ සිහින සපුරාලමින් වඩා සාර්ථක අනාගතයක් උදාකරගැනීමට ඔබ කටයුතු කළයුතුයි. ඔවුන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය කිසිම අවස්ථාවක අවදානමකට ලක් කළයුතු නැත. ඔබට බරපතළ රෝග, පූර්ණ අකර්මණ්‍යතාව හෝ හදිසියේ වියෝවීම වැනි සිදුවීම් ඇතිවෙන්නේ කිසිවෙක් බලාපොරොතු නොවන අවස්ථාවල දී ය. ඒත්, ඒවා නිසා ඔබේ පවුලේ ආදරණීයයන්ගේ ජීවිතවලට අපහසුතා ඇතිවීම වැලැක්වීමට කල්ඇතුව කටයුතු කිරීම, වගකීම් සහගතව වැඩකරන ඔබේ යුතුකමකි. සෑම පවුලකම බර උසුලන අය විසින්, මෙලෙස අමතර රැකවරණයක් සලසාගැනීම, හැකි ඉක්මනින් කළයුත්තකි. ජීවිත රක්ෂණය, ඔබ විසින් සලකාබැලිය යුතු තවත් එක් ආයෝජනයක් පමණක් නොවෙයි. එය, ඔබ විසින් ඔබේ ආදරණීයයන් සහ ඔබ වෙනුවෙන් ලබාගත යුතු සවිමත් මූල්‍ය ආධාරකයක්; උපකාරක සැලසුමක්. එමගින් සැලසෙන රැකවරණය සහ ආදායම් ජනනය කරගැනීමේ හැකියාව – ඔබටත්, ඔබේ පවුලේ සැමටත් විශ්වාසයෙන් යුතුව සිහින සැබෑකරගැනීමට අවස්ථාව උදාකර දෙයි. ඔබේ අවශ්‍යතා කෙටිකාලීන වුණත්- දිගුකාලීන වුණත්, ජීවිත රක්ෂණයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් වෙතින් ඔබේ ආදරණීයයන්ට අවශ්‍යම මොහොතේ දී ඉහළම මූල්‍ය සුරක්ෂිත බව හිමිවන බවට සහතිකයි. ඒ නිසා, ඔබටම ගැළපෙන රක්ෂණ සැලසුම තෝරාගැනීමට සහාය වෙන්න අපිට පුළුවන්. |
රැකවරණ සැලසුම්
ඔබේ පවුලේ ආදරණීයයන්ටත්, ජීවිතයේ ඔබ හඹායන අරමුණුවලටත් උපරිම රැකවරණයක් ලැබේනම්, එය ඔබේ ජීවිතයට ලොකු ශක්තිමත් අඩිතාලමකි. ඔබේ ආදරණීයයන්ගේ සුරක්ෂිත බව තහවුරු කළවිට, ඒ සැනසිල්ල නිසාම ඔබට ඔබේ අරමුණු හා සිහින වෙනුවෙන් වෙහෙසීමට අවස්ථාව හිමිවේ.
ඉතුරුම් සැලසුම්
ඔබේ ඉලක්ක කරා ළඟාවීමට අවධානය යොමුකරන විට, ඔබේ ඕනෑම ආයෝජනයක් සඳහා හොඳ මූල්‍ය ප්‍රතිලාභ ඉපයීමේ හැකියාවක් තිබීම ඉතා වැදගත්. ශක්තිමත් මූල්‍යමය උපකාරයක් තිබීම – කෙනෙකුගේ ජීවිතයේ සිහින සාක්ෂාත් කරගැනීමේ මාවතේ ප්‍රධානම සාධකයක් බව සෙලින්කෝ ලයිෆ් හි අපි කිසිදා අමතක කර නැත.
මෙම ‘ප්‍රතිලාභ ඉලක්ක කරගත් ජීවිත රක්ෂණ සැලසුම්’ සකස්කර ඇත්තේ ම, ඔබට හොඳම ප්‍රතිලාභයක් උපයාගැනීම සඳහාම ය.
අධ්‍යාපන සැලසුම්
ලෝකය වේගයෙන් දියුණුවෙමින් පවතින මේ යුගයේ, ඔබේ දරුවාට තමන් කැමැති ක්ෂේත්‍රයක් තෝරාගෙන එහි විශිෂ්ටයකු වීම සඳහා ගමන්කිරීමට අද වනවිට දොරටු රැසක් නිර්මාණය වී ඇත. මේ සියලු දොරටු විවරකර දෙන යතුර අධ්‍යාපනය යි. ඔබේ ජීවිතයේ කුමන අනපේක්ෂිත සිදුවීමක් වුවද, ඔබේ දරුවාගේ අධ්‍යාපන ඉදිරිගමනට ඒවායින් ගැටලු ඇති නොවන බවට ඔබ වගබලාගත යුතුය.
සෙලින්කෝ ලයිෆ් අධ්‍යාපන රක්ෂණ සැලසුම් මගින්, රැකවරණය සමගම ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ සෑම අදියරක දීම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදෙයි.
ජීවිත රක්ෂණය ගැන තේරුම් ගනිමු
ජීවිත රක්ෂණය
මෙය, රක්ෂණ ආයතනයක් (‘රක්ෂකයා’) හා කිසියම් පුද්ගලයෙකු (රක්ෂිතයා) අතර ඇතිවන ගිවිසුමකි. එහිදී, රක්ෂණය ලබාගත් පුද්ගලයාගේ අභාවය සිදුවුවහොත් ඔහු/ඇය විසින් කළින් නම්කර තිබූ ප්‍රතිලාභීන් වෙත, මුදල් එකතුවක් ගෙවීමට රක්ෂණ ආයතනය පොරොන්දු වේ.
වාරිකය
රක්ෂණ ඔප්පුවට සම්බන්ධ අවදානම් කළමනාකරණය සදහා පුද්ගලයකු විසින් ගෙවිය යුතු වන ගාස්තු.
මරණ ප‍්‍රතිලාභය
රක්ෂිත පුද්ගලයයා මියගිය විට, ප්‍රතිලාභියෙකු වෙත හිමිවන මුදල් වටිනාකම.
හිමිකම් ඉල්ලාසිටීම්
ප්‍රතිලාභියා/ප්‍රතිලාභීන් විසින්, මරණ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කරමින් ‘මරණ හිමිකමක්’ ඉල්ලා සිටී. මෙසේ අදාළ හිමිකම ඉල්ලාසිටීමට, බොහෝ සමාගම් රක්ෂිතයන්ට දින 30ක කාලයක් ලබාදෙයි. ඉන්පසු, එය ගෙවීම, ප්‍රතික්ෂේප කිරීම හෝ තවදුරටත් අමතර තොරතුරු ඉල්ලා සිටීම සිදුවිය හැක.
කල්පිරීමේ දිනය
රක්ෂණ ඔප්පුවක් කල්පිරීම ලෙස සැළකෙන්නේ, ඔප්පු හිමියාගේ මරණය සිදුවීම හෝ ගිවිසුමෙහි සඳහන් කාලය ඉකුත්වීම මතයි.
ප‍්‍රතිලාභියා
රක්ෂණ සැලසුමක ප්‍රතිලාභ ලැබීමට හිමිකම් ලබන පුද්ගලයෙකු, ‘ප්‍රතිලාභියා’ලෙස සැළකේ. රක්ෂණ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී, රක්ෂණ ඔප්පු හිමියා සිය ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත්කරයි.
අමතර ප‍්‍රතිලාභ
මෙය අමතර ගෙවීමක් කළ විට මූලික රක්ෂණ සැලසුමට එකතු වන ප‍්‍රතිපාදනයක් වන අතර, එමගින් රක්ෂණ ඔප්පු හිමියාට අමතර ප‍්‍රතිලාභ පිරිනැමෙයි.
අවදානම්
රක්ෂණ ආයතන විසින් ‘ඔප්පු හිමියාට සිදුවියහැකි අවදානම්’ කල්ඇතුව පූරෝකථනය කරයි. සාමාන්‍යයෙන්, රක්ෂණ ආයතන එම අවදානම් ගණනය කරන්නේ ඔප්පු හිමියාගේ වයස සහ සෞඛ්‍ය ඉතිහාසය වැනි සාධක පදනම් කරගෙනයි. අවදානම වැඩිනම්, මිල අධික රක්ෂණ ආවරණ ලබාගැනීමට සිදුවේ.
එන්ඩවුමන්ට්
රක්ෂණ ඔප්පුවේ කාලසීමාව තුළ රක්ෂිතයාගේ අභාවය සිදුවීම හෝ කාලසීමාව අවසාන වනවිටත් රක්ෂිතයා ජීවත්ව සිටීම යන අවස්ථා දෙකේදී ම, ප්‍රතිලාභ ලබාදෙන රක්ෂණ වර්ගයකි.