පාරිසරික තිරසාරත්වය

සෙලින්කෝ ලයිෆ් හි මෙහෙයුම්වල සෑම කොටසක තිරසාරභාවය සහ වගකීම් සහගත පරිභෝජන මූලධර්ම අන්තර්ගත වේ. අපගේ ශ්‍රම බලකායේ සියලුම සාමාජිකයින් මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් වලදී මෙම තිරසාර මූලධර්මවලට අනුගතව ක්‍රියා කිරීමට කැපවී සිටිති. අපගේ මෙහෙයුම් වල සෘජු පාරිසරික බලපෑම අවම කිරීමට, ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමට, සහ අනාගත පරම්පරාවන් සඳහා අපගේ පෘථිවිය ආරක්ෂා කිරීමට දායක වීමට සෙලින්කෝ ලයිෆ් අපි උත්සාහ කරමු.

මේ සඳහා, අපි:

  • සියලුම නව ගොඩනැගිලි හරිත ගොඩනැගිලි මූලධර්ම භාවිතයෙන් ඉදි කිරීමට පියවර ගෙන ඇත්තෙමු.
  • බලශක්තිය, ජල පරිභෝජනය සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමෙන් අපගේ කාබන් පියසටහන අවම කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත්තෙමු.
  • පාරිසරික තිරසාරත්වය හා සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු සියලුම දෙපාර්තමේන්තු වලින් ස්වේච්ඡා සේවකයන්ගෙන් “හරිත සමාජයක්” පිහිටුවා ඇත්තෙමු.

Ceylinco Life පාරිසරික මුල පිරීම් 2020 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී පාරිසරික වශයෙන් තිරසාර භාවිතයන් සඳහා රිදී සම්මානයක් සමඟින් ඇගයීමට ලක් විය.

හරිත ගොඩනැගිලි ජාලය

සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිලි ‘හරිත ගොඩනැගිලි’ විශේෂාංග සහිතව ක්‍රියාත්මක වේ, ඒවා අතර:

  • පිරිසිදු, පුනර්ජනනීය බලශක්ති ප්රභවයන් භාවිතා කිරීම. අපගේ සියලුම හරිත ගොඩනැගිලි ජාතික විදුලිබල පද්ධතියෙන් පරිභෝජනය කරන විදුලිය ප්‍රමාණය ශුන්‍ය වන අතර, එම ගොඩනැගිලි 100% සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ.ප්‍රමාණවත් තරම් විදුලිය සැපයුමක් ඇති විට, අතිරික්ත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ලැබේ.
  • ඉදිකිරීම් වලදී පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කිරීම.
  • කාර්‍යක්ෂම බලශක්ති සැලසුම් සහ පද්ධති භාවිතා කිරීම.
  • ස්වභාවික පරිසරයට වන මැදිහත්වීම් සහ බලපෑම අවම කරගැනීමට පියවර ගැනීම.
  • අවකාශය හා සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම.
  • වැසි ජලය රැස් කිරීම සහ නව අපවහන පවිත්‍රාගාර ඉදිකිරීම හරහා ජල කළමනාකරණය සහ සංරක්ෂණය සිදු කිරීම.

හරිත සමාජය

සෙලින්කෝ ලයිෆ් හි හරිත සමාජය, පරිසර ආරක්ෂණ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු, සමාන අදහස් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත වේ. එහි ආරම්භයේ සිටම, හරිත සමාජයේ සාමාජිකයින් වාර්ෂික විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාපාරය සහ කාබන් පියසටහන් විගණනය සම්බන්ධීකරණය කිරීම වැනි බොහෝ ක්‍රියාකාරකම් වලට මූලිකත්වය ගෙන ඇත.

රැකියාවේදී සහ නිවසේදී පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ්හි හරිත සමාජයේ සාමාජිකයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.