ලයිෆ් රිවෝඞ්ස්

අපගේ ව්‍යාපාරයේ අනුප‍්‍රාණය පාරිභෝගිකයන් වන බව අප විශ්වාස කරන්නෙමු. අපගේ සාර්ථකත්වය සහ වර්ධනය සඳහා සැමවිටම මුල් වූයේ ඔබය. අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම සේවාවන් සපයන අතරම ඔවුන්ගේ හිතවත්භාවය වෙනුවෙන් ඔවුන්ට ඉහළම ප‍්‍රසාදාත්මක සැලකිල්ල පිරිනමන්නටද අපි නිබඳව කටයුතු කරන්නෙමු.
අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ විශ්වාසය සහ ඔවුන් අප සමඟ පවත්වාගනු ලබන සබඳතාව අපි ඉහළින්ම අගය කරන්නෙමු. සෙලින්කෝ ලයිෆ් රිවෝඞ්ස් යනු ඒ සඳහා පිරිනැමෙන ඇගයීමක් වන අතර, එහිදී සාමාන්‍ය සේවා පරාසයෙන් ඔබ්බට යමින් අපගේ ඉතා හිතෛශී පාරිභෝගිකයින් වෙත ප‍්‍රසාදය පිරිනමමින් අපගේ කෘතවේදීත්වය ඔවුන් වෙත පළ කරන්නෙමු.

ෆැමිලි සවාරි

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි යනු ශී‍්‍ර ලංකාවේ ජීවිත රක්ෂණ සමාගමක් විසින් පිරිනමනු ලබන විශාලතම පාරිභෝගික ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය මෙන්ම හිතවත්භාවය ඇගයීමේ වැඩසටහනද වෙයි.

ප‍්‍රණාම ශිෂ්‍යත්ව

සෑම මවකගේ සහ පියෙකුගේ සිහිනය වන්නේ සිය දරුවන් විශිෂ්ටයන් වනු දැකීමය. දරුවන් ජීවිතයේ ඉහළම තැනක බැබළෙනු දැකීම ඕනෑම මවකගේ සහ පියෙකුගේ ජීවිතයේ ලැබිය හැකි ඉහළම සතුට වෙයි.