ආයතනික සමාජ වගකීම

සෙලින්කෝ ලයිෆ් හි අප විශ්වාස කරන ආකාරයට ආයතනයක සැබෑ සාර්ථකත්වය වන්නේ, සමාගමේ මූල්‍ය සවිමත් බව, සේවක තෘප්තිය සහ සමාජ හා පාරිසරික සුබසිද්ධිය උදෙසා එහි කැපවීම යන සියල්ලෙහි සංකලනයයි.

අප සෑමවිටම කටයුතු කරන්නේ, වඩාත්ම අවශ්‍යතා ඇති අයට හැකි සෑම අයුරකින්ම තිරසාර අගයයන් නිර්මාණය කිරීම උදෙසායි. අපගේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට අප විසින් තිරසාරත්වය මුසුකර ඇති අතර, සෙලින්කෝ ලයිෆ් සත්කාරක ව්‍යාපෘති යටතේ රට පුරා විසිරී විහිදී සිටින ප්‍රජාවන් සවිබලගැන්වීම සඳහා මේ වනවිට ව්‍යාපෘතීන් ගණනාවක් දියත්කර තිබෙනවා.

සෞඛ්‍ය

 

සෙලින්කෝ ලයිෆ් විසින් සංවිධානය කරන සෞඛ්‍ය සේවා කඳවුර –  ‘වෛද්‍ය හමුව’,  දිවයිනේ ගම්බද ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉලක්ක කරගෙන පවත්වනු ලැබෙන වෛද්‍ය සේවා වැඩසටහන් මාලාවකි.

අධ්‍යාපන

ශ්‍රී ලාංකීය දරුවන් අතිබහුතරයක්, සිය පාසල් අධ්‍යාපනය සඳහා රජයේ පාසල් මගින් ලබාදෙන නිදහස් අධ්‍යාපනය මත යැපෙයි. එසේ තිබියදීත්, දුෂ්කර ප්‍රදේශවල බොහෝ පාසල්වලට මූලික යටිතල පහසුකම්වල පවා අඩුපාඩු තිබෙන බව රහසක් නොවේ.