වෘත්තිය
සෙලින්කෝ ලයිෆ් හි සේවකයින්ට, ඔවුන්ගේම අරමුණු ඉටු කර ගැනීමට ශක්තිය සහ මග පෙන්වීම ලබා දෙන තෘප්තිමත් වෘත්තීය මාවතක් අපි පොරොන්දු වන්නෙමු. Great Place to Work® මගින් ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ශ්‍රේණිගත වී ඇති අපි, අපගේ සියලුම කණ්ඩායම් සාමාජිකයින් සඳහා ප්රගතිශීලී සහ ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීමට කැප වී සිටින්නෙමු.
වැඩසටහන්
අපගේ කණ්ඩායම් සාමාජිකයින් තව තවත් උද්යෝගිමත් කිරීම සහ දිරිගැන්වීම අරමුණු කරගත්තා වූ කැපී පෙනෙන අන්දමේ වැඩසටහන් ගණනාවකින් සෙලින්කෝ ලයිෆ් වාර්ෂික දිනදර්ශනය සමන්විත වේ. වාර්ෂික සම්මාන උළෙල මෙන්ම වෙනත් බහුවිධ වැඩසටහන් මඟින් අපගේ සේවකයින්ගේ දක්ෂතා සහ කාර්යශූරත්වය විදහා දක්වනු ලබන අතරම, වඩාත් ඉහළ තළයකට ළං වීමට ඔවුන් අභිප්‍රේරණය කරනු ලබයි.
පුහුණුව
ආයතනික පුහුණු අංශය මඟින් මෙහෙයවනු ලබන පුහුණු වැඩසටහන් මෙන්ම බාහිර පුහුණු කිරීම්ද ඔස්සේ සිය කුසලතා සහ දැනුම ඉහළ නංවාගැනීමේ අවස්ථා අපගේ කාර්යමණ්ඩලයේ සියලූ දෙනාට ලැබෙයි. අපගේ සේවකයින්ගේ අනාගතය සඳහා ආයෝජනයන් කිරීමට අප කටයුතු කරන අතර, ඔවුන්ගේ විශේෂඥතාවයේ සෘජු ප්‍රතිලාභීන් වන්නේද අපගේ සේවාලාභීන් බව අපි විශ්වාස කරන්නෙමු.
අපේ සංස්කෘතිය
වෘත්තීය විශිෂ්ටත්වය අරමුණු කරගෙන, අවංකභාවය සහ කැපවීම පදනම් කරගත් සෙලින්කෝ ලයිෆ් සංස්කෘතිය අපේ ආයතනික වටිනාකම් වටා ගොඩනැගී ඇත.