ෆැමිලි සවාරි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම්වලින් කරන සියලු පාරිභෝගික ප්‍රවර්ධන හා පාරිභෝගික ළබැඳියා අතරින් විශාලතම වැඩසටහන, සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ය.

 

අඛණ්ඩව වසර 16ක් පුරා සෙලින්කෝ ලයිෆ් පවත්වාගෙන එන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් සමග විශ්වාසයෙන් යුතුව රැඳීසිටින පාරිභෝගිකයන්ට, ලොව පුරා රටවල් ගණනාවකට විස්මිත විදේශ සවාරි පිරිනමා ඇති අතර, ඊට අමතරව වටිනා රන්කාසි දිනාගැනීමටත්, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් ගැනීමටත් අවස්ථාව උදාකරදී ඇති අතර තවත් ත්‍යාග රාශියක් පිරිනමා ඇත. ඒ නිසා, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි, රක්ෂණ ඔප්පු හිමියාට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ මුළු පවුලටම ජීවිත කාලයක් පුරා පවතින මිහිරි මතකයන් නිර්මාණය කරන අපූරු ප්‍රවර්ධන වැඩසටහනකි.

 

අඛණ්ඩව 17 වන වරට දියත් කරන ෆැමිලි සවාරි මගින්, වසර තුනකට පසුව යළිත් ලෝක සවාරි දිනාගැනීමේ භාග්‍යය උදාවී ඇත. වාසනාවන්ත ජයග්‍රාහකයින් 10 දෙනෙකු තුර්කියේ සංචාරයක් ද, වාසනාවන්ත ජයග්‍රාහකයින් 40 දෙනෙකු මැලේසියාවේ සංචාරයක් ද ජයග්‍රහණය කළ අතර, තවත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 1,000ක් ශ්‍රී ලංකාවේ පර්ල්බේ වෝටර්පාර්ක් හි විනෝදයෙන් සපිරි දිනයක් ගතකිරීමේ අවස්ථාව දිනාගෙන තිබේ..

 

ෆැමිලි සවාරි 17 ප්‍රවර්ධන කාලය

2023 සැප්තැම්බර් 1 සිට 2023 දෙසැම්බර් 31 දක්වා පමණයි.

 

ත්‍යාග පහත පරිදි වේ!

ත්‍යාගය
ජයග්‍රාහකයින් සංඛ්‍යාව

තුර්කි සංචාරය

10

මැලේසියා සවාරිය

40

පර්ල් බේ හි විනෝදයෙන් පිරුණු දවසක්

1000

 

 

ෆැමිලි සවාරි ජයග්‍රාහකයන්

අතීත ෆැමිලි සවාරි මතකයන්