අපේ නායකත්වය

ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවිත රක්ෂණයක රැකවරණය ලබාදී ඔවුන්ගේ අරමුණු හඹායාමට සැනසුම උදාකරදීමේ දැක්මකින් යුතුව සෙලින්කෝ ලයිෆ් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මෙන්ම සෙලින්කෝ ලයිෆ් හි පූරෝගාමියෙක් වන ආර්. රෙන්ගනාදන් මහතා සමාගමේ විධායක සභාපති ලෙස ලබාදෙන විශිෂ්ට නායකත්වය යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුදුසුකම් ලත් හා අත්දැකීම් බහුල රක්ෂණ වෘත්තීයවේදීන් රැසකගේ සාමූහික එකමුතුවෙන්, සෙලින්කෝ ලයිෆ් හි කළමනාකරණය සිදුකෙරේ. ඔවුන්ගේ මූලික අවධානය යොමු වී ඇත්තේ, සියලුම පාර්ශවකරුවන්ට නව්‍යකරණයේ හා ප්‍රගතියේ ප්‍රතිලාභ හිමිකරදීමට යි.

සභාපතිවරයාගේ පණිවුඩය

"විශිෂ්ට දේ හිමිකරගැනීම සඳහා හොඳ දේ අත්හැරීමට, බිය නොවන්න"

ජෝන් ඩී. රොක්ෆෙලර්

මිලියන 21.5ක ජනගහණයකින් සමන්විත වුණත් ඉන් 1%ක ප්‍රතිශතයක් පමණක් ජීවිත රක්ෂණ රැකවරණය ලබා ඇති රටක් ලෙස, ශ්‍රී ලාංකික ජීවිත රක්ෂණ ආයතන සඳහා ලංකාව තුළ පුළුල් ව්‍යාපාරික අවස්ථාවක් පවතී. එම නිසා අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ අපගේ වෙළෙඳපොළ තවතවත් පුළුල් කරගැනීමයි.

කුලී පදනම මත ගොඩනැගිලි භාවිතාකිරීම වෙනුවට සමාගමටම අයිති ගොඩනැගිලිවල ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය, ඉදිරියටත් අනුගමනය කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. දැන් දැන් ඩිජිටල්කරණය වෙත ඇති සුවිසල් පාරිභෝගික නැඹුරුව මත – ඔවුන් ඩිජිටල් උපාංග මත වැඩි වැඩියෙන් රඳාපවතින නිසා, ඉදිරියේදී විශාල වශයෙන් සං‍යුක්ත ශාඛාවල අවශ්‍යතාව වැඩිවනු ඇත.

සෙලින්කෝ ලයිෆ්, අනාගතය සඳහා සිය උපායමාර්ගික තොරතුරු තාක්ෂණ මාර්ග සිතියම සමාලෝචනය කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති අතර, දිගුකාලීනව එහි ඩිජිටල් පියසටහන සැලසුම්කර ක්‍රියාත්මක කිරීම සඳහා කීර්තිමත් වෘත්තීයවේදීන් ගේ සහාය ලබාගෙන තියනවා.

ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩය

"දුෂ්කර කාල වැඩිකල් නොපවතී. ශක්තිමත් මිනිසුන් පමණක් අවසානය තෙක් රැඳී සිටී"

ආචාර්ය රොබට් එච්. ෂූලර්

“අපගේ කණ්ඩායමේ අවිවාදිත ශක්තිය, කැපවීම සහ වෘත්තීයභාවය විදහා දක්වමින්, වසංගතයේ දෙවන වසර දක්වා සිය වෙළෙඳපොළ නායකත්ව තත්ත්වය පවත්වාගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය.

2022 දී පෙර වසරට වඩා ‘රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධනය ඉක්මවූ වර්ධනයක්’ වාර්තාකිරීමට අපි කටයුතු කරන අතරම, අපගේ ප්‍රමුඛතම උපායමාර්ගික අරමුණ  වූයේ පසුගිය වසර 18 තුළ අප අත්කරගෙන ඇති වෙළෙඳපොල නායකත්වය තවදුරටත් තිරසාරව පවත්වා ගැනීමයි.

ඉදිරියේ දීත් පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, අපගේ වෙළෙඳපොල නායකත්ව තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අතිශය වැදගත් වනු ඇත. ‘මිලෙනියල්’ සහ ‘Gen Z’ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, සහ ඩිජිටල්කරණය ඔස්සේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු  ක්ෂේත්‍රයක් වනු ඇත.

අධ්යක්ෂක මණ්ඩලය

2
Mr. R. Renganathan
Executive Chairman
Ceylinco 2020 BOD2
Mr. E.T.L. Ranasinghe
Managing Director/ Chief Executive Officer
Ceylinco 2020 BOD3
Mr. P. D. M. Cooray
Senior Executive Director
Ceylinco 2020 BOD4
Mr. P. A. Jayawardena
Senior Executive Director
Ceylinco 2020 BOD05
Mr. S. R. Abeynayake
Executive Director/ Chief Operating Officer
Ceylinco 2020 BOD15
Mr. J. Durairatnam
Non-Executive Director/Independent
DSC_0823 - Copy
Mr W W L R A Fernando
Non Executive Director/ Independent
OSHAD SENANAYAKE - Copy
Mr. O. G. V. J. Senanayake
Non Executive Director/ Independent
Mr. H.M.H. Bandara Ceylinco Life
Mr. H. M. H. Bandara
Non-Executive Director/Independent
Dr
Dr. L. J. S. H. Cabral PC
Non-Executive Director/Independent
Mr. M. Ismail Ceylinco Life
Mr. M. Ismail
Non-Executive Director/Independent
Mr. E. R. C
Mr. E. R. C. Moraes
Non-Executive Director/Independent
Ms. R. J. Moraes Ceylinco Life
Ms. R. J. Moraes
Non-Executive Director/Independent
Prof. S. K. Chandrasekera Ceylinco Life
Prof. S. K. Chandrasekera
Non-Executive Director
Ms. A. A. Ludowyke Ceylinco Life
Ms. A. A. Ludowyke
Non-Executive Director/Independent