දත්ත දායකයාගේ අයිතිවාසිකම්

ඔබේ ජීවිත රක්‍ෂණ සහකරු වශයෙන්, සෙලින්කෝ  ලයිෆ් ඔබේ පෞද්ගලිකත්වය ඉතා  වැදගත් ලෙස ආරක්‍ෂා   කිරීමට වගකීම භාර ගනී.

අපගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට සහ අපගේ නීතිමය බැඳීම්වලට අනුකූලවිමට​, අපි පහත සඳහන් ආකාරයේ පුද්ගලික දත්ත රැස්කර සැකසීම සිදුකල හැක​.

  • පුද්ගලික හඳුනා ගැනීම්: නම, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතික හැඳුනුම්පත (NIC) හෝ  විදේශ ගමන් බලපත්‍ර විස්තර.
  • සම්බන්ධතා   විස්තර: ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය ආදි විස්තර​.
  • රක්‍ෂණ ඔප්පු සම්බන්ධ තො රතුරු: වෙනත්  රක්‍ෂණ ඔප්පු විස්තර, රක්‍ෂණ හිමිකම් ඉතිහා සය, ප්‍රතිලා භීන්ගේ විස්තර.
  • සෞඛ්‍ය  සහ වෙනත් සංවේදී තොරතුරු: වෛද්‍ය ඉතිහාසය හෝ වාර්තා, ජීවන රටාව, මරණ සහතිකය, අපරාධ වරද පිළිබඳ විස්තර ( ප්‍රා රක්‍ෂණ හෝ  හිමිකම් සඳහා  අවශ්‍ය නම්).
  • මුල්‍ය විස්තර:  බැංකු ගිණුම් විස්තර, ණය/ඩෙබිට් කා ඩ්, ආදායම් විස්තර, සහ ගෙවීම් ඉතිහා සය.
  • අනන්‍යතා සත්‍යාපනය සහ පසුබිම් පිරික්සුම් ලේඛන:  (පරිශීලක පැ තිකඩ සැ කසීමට පින්තූර, ඩිජිටල් ඇතුල්වීම සඳහා  KYC සත්‍යාපනයේ වීඩියෝ  )
  • ඩිජිටල් තොරතුරු : කුකීස් ආදිය මගින් එකතු කරන ලද තො රතුරු.

ඉහත එකතු කරන ලද දත්ත ව්‍යා පා ර සහ නීතිමය අවශ්‍යතා   සඳහා   පහත පා ර්ශ්ව සමඟ බෙදා ගත හැකිය

  • අපගේ නියෝ ජිතයන්, ගිවිසුම්ගත සේවා  සපයන්නන් (එනම් Cloud Services සපයන්නන් සහ තා ක්ෂණ සේවා  සපයන්නන්)
  • ප්‍රති රක්‍ෂණකරුවන්, ජීව ගණකඥ්ණයින්
  • ගෙවීම් පද්ධති ක්‍රියා කරුවන් (උදා හරණයක් ලෙස, ක්‍රෙඩිට් කා ඩ් ගෙවීම්)
  • අපගේ මූල්‍ය උපදේශකයින්, නීති උපදේශකයින් සහ විගණකවරුන් වැ නි වෘ ත්තීය උපදේශකයින්
  • වංචා හෝ වෙනත් විෂමාචාර හඳුනා ගැනීම, විමර්ශනය කිරීම හෝ   වැ ළැ ක්වීම  සඳහා   වංචා   හා   දුෂණ  කා ර්යංශය​ හෝ   වෙනත් සංවිධා න
  • ඕනෑ ම අධිකරණ බල ප්‍රදේශයක නියා මන ආයතන, රා ජ්‍ය ආයතන සහ නීතිය ක්‍රියා ත්මක කරන ආයතන

ශ්‍රී ලංකාවේ 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත යටතේ, දත්ත උරුමකරුවකු ලෙස ඔබට පහත දේ කිරීමට අයිතිය ඇත.

  • ඔබ ගැන අප සතුව ඇති ඔබේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට
  • ඔබගේ පුද්ගලික දත්ත සාවද්‍ය හෝ අසම්පූර්ණ නම් නිවැරදි කිරීම් ඉල්ලීමට​.
  • නීතිමය හෝ ගිවිසුම්ගත සීමාවන්ට යටත්ව ඔබේ දත්ත මකාදැමීමට ඉල්ලීමට.
  • සැකසීම කැමැත්ත මත පදනම් වන අවස්ථාවන් හීදිඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගැනිමට​
  • ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සීමා කිරීමට ඉල්ලීමට
  • ඔබගේ අයිතීන් උල්ලංඝනය වී ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම්, ශ්‍රී ලංකා  දත්ත ආරක්‍ෂණ අධිකාරියට පැමිණිල්ලක් ගොනුකිරීමට​

කෙසේ වෙතත්, ඔබට ඔබේ දත්ත රහස්‍යභාවය පිළිබඳ කිසියම් කනස්සල්ලක් ඇත්නම් හෝ   සැ ක සහිත දත්ත උල්ලංඝනයක් වා ර්තා    කිරීමට හෝ   ඔබේ දත්ත විෂය අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, ඔබට අප හා    පහත අයුරින් අප හා සම්බන්ධ විය හැ ක

  • විද්‍යුත් තැපෑල: dpo@ceylife.lk (Ceylinco Life දත්ත ආරක්‍ෂණ නිලධාරී)
  • තනතුර : දත්ත ආරක්ෂණ නිලධාරි

සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්

සෙලින්කෝ ලයිෆ් ටවර් අංක 106, හැව්ලොක් පාර කොළඹ 05

සටහන : ඔබගේ ඉල්ලීම සැකසීමෙන් පසු, ඔබෙන් රු.1000/= නො ඉක්මවන සැකසුම් ගාස්තුවක් අය කරනු ලැබේ.

අපගේ රහස්‍යතා   ප්‍රතිපත්තිය Ceylinco Life වෙබ් අඩවියේ (https://www.ceylincolife.com/privacy-policy/) ඔබේ යොමුව සඳහා ලබා ගත හැකිය