ආයෝජක සම්බන්ධතා

ක්ෂේත්‍රයේ වැඩිම වේගයෙන්ම වර්ධනය වන ජීවිත අරමුදල, සෙලින්කෝ ලයිෆ් සතුවන අතර, එය 2025දී රු. බිලියන 201.8 ඉක්මවීය. එම වසරේ වාර්තා කළ පාරිභෝගික ප්‍රතිලාභවල වටිනාකම රු. බිලියන 25කි. ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස අප පසුකළ වසර 22 තුළ, මූල්‍යමය වශයෙන් වඩාත්ම ශක්තිමත් සහ ස්ථාවර සමාගමක් ලෙස, අප හඳුනාගෙන ඇත. මෙම ස්ථාවරත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලද පිළිබිඹු කිරීමට අපි උත්සාහ කරන්නේ, එවිට ඔවුන්ට ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගනිමින් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බැවිනි.

පහතින් “Guided for Life and Generations” නම් සෙයිලින්කෝ ලයිෆ් 2025 වාර්ෂික වාර්තාව ඔබට බාගත කර ගැනීමට හෝ නරඹා බැලීමට හැක.

CLI-AR-2025-pdf-03-20-2026_10_43_AM

සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව 2024 හි සාරාංශය බැලීමට මෙතන ක්ලික් කරන්න (සිංහල භාෂාවෙන්)

2025 වාර්ෂික වාර්තාව විමසන්න

සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව 2025 හි සාරාංශය බැලීමට මෙතන ක්ලික් කරන්න

2024 වාර්ෂික වාර්තාව විමසන්න

මූල්‍ය ස්ථාවරත්වය

2025 දෙසැම්බර් 31 වැනිදා වනවිට, සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 201.8 ඉක්මවමින්, ක්ෂේත්‍රයේ වැඩිම වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ අරමුදල බවට පත්ව ඇත. එම වසරේ වාර්තා කළ පාරිභෝගික ප්‍රතිලාභවල වටිනාකම රු. බිලියන 31.2 කි. අපගේ ජීවිත රක්ෂණ අරමුදල සම්බන්ධ ආයුගණක තක්සේරුකරණය සිදුකරන්නේ, විලිස් ටවර්ස් වොට්සන් නමැති ස්වාධීන උපදේශන ආයුගණක විශේෂඥයින් විසිනි.

සෙලින්කෝ ලයිෆ් හි ජීවිත අරමුදලට අදාළ ආයෝජන

 

ජීවිත රක්ෂණ අරමුදලට අදාළ ආයෝජන සිදුකරනු ලබන්නේ,   2000 වසරේ අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි යටතේ දක්වා ඇති ආයෝජන උපදෙස් පරිදිය.

රජයේ සුරැකුම්පත් –41% 

කාලීන තැන්පතු – 36%

ආයතනික ණය – 10%

ඉඩම් හා දේපළ – 6%

වෙනත්– 7%

පාරිභෝගික ප‍්‍රතිලාභ

2025 වසර තුළ රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 31.2 ක පාරිභෝගික ප්‍රතිලාභ ලබාදී ඇත.

2025 දී ගෙවන ලද පාරිභෝගික ප්‍රතිලාභ

 හිමිකම්2,186 Rs. Mn
හිමිකම් සහ ප්‍රතිලාභ  31 Rs. Bn
කල් පිරීම්24 Rs. Bn

වැඩි විස්තර සඳහා පහත අපගේ වාර්ෂික වාර්තාව 2025 පරීක්ෂා කරන්න.

වසර 22ක් පුරා වෙළෙඳපොල ප්‍රමුඛයා වීම, අප කෙරෙහි ඇති විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය සනාථ කරයි

2004 වසරේ දී සෙලින්කෝ ලයිෆ්, ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ලබාගත්තේ රු. මිලියන 3,962ක වාරික ආදායමක් උපයමිනි. අපි අඛණ්ඩව 22 වෙනි වසරටත්, ඒ විශිෂ්ටත්වය හා උද්‍යෝගය පෙන්නුම් කරමින් සිටින්නෙමු.

වැඩි විස්තර සඳහා පහත අපගේ 2025 වාර්ෂික වාර්තාව පරීක්ෂා කරන්න. 

වාර්ෂික වාර්තා

CLI-AR-2025-pdf-03-20-2026_10_43_AM
image (1)
Ceylinco Life Annual Report 2023
visual
annual-report-img-1