ආයෝජක සම්බන්ධතා

ක්ෂේත්‍රයේ වැඩිම වේගයෙන්ම වර්ධනය වන ජීවිත අරමුදල, සෙලින්කෝ ලයිෆ් සතුවන අතර, එය 2023 දී රු. බිලියන 157 ඉක්මවීය. එම වසරේ වාර්තා කළ පාරිභෝගික ප්‍රතිලාභවල වටිනාකම රු. බිලියන 23කි. ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස අප පසුකළ වසර 20 තුළ, මූල්‍යමය වශයෙන් වඩාත්ම ශක්තිමත් සහ ස්ථාවර සමාගමක් ලෙස, අප හඳුනාගෙන ඇත. මෙම ස්ථාවරත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලද පිළිබිඹු කිරීමට අපි උත්සාහ කරන්නේ, එවිට ඔවුන්ට ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගනිමින් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බැවිනි.

‘විශ්වාසයේ හරය’ සෙලින්කෝ ලයිෆ් 2023 වාර්ෂික වාර්තාව –ඔබට පහතින් බාගතකර ගැනීමට හෝ බැලීමට හැකිය.

Ceylinco Life Annual Report 2023

මූල්‍ය ස්ථාවරත්වය

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට, සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 157 ඉක්මවමින්, ක්ෂේත්‍රයේ වැඩිම වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ අරමුදල බවට පත්ව ඇත. එම වසරේ වාර්තා කළ පාරිභෝගික ප්‍රතිලාභවල වටිනාකම රු. බිලියන 23කි. අපගේ ජීවිත රක්ෂණ අරමුදල සම්බන්ධ ආයුගණක තක්සේරුකරණය සිදුකරන්නේ, විලිස් ටවර්ස් වොට්සන් නමැති ස්වාධීන උපදේශන ආයුගණක විශේෂඥයින් විසිනි.

සෙලින්කෝ ලයිෆ් හි ජීවිත අරමුදලට අදාළ ආයෝජන

 

ජීවිත රක්ෂණ අරමුදලට අදාළ ආයෝජන සිදුකරනු ලබන්නේ,   2000 වසරේ අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි යටතේ දක්වා ඇති ආයෝජන උපදෙස් පරිදිය.

රජයේ සුරැකුම්පත් –58% 

කාලීන තැන්පතු – 27%

ආයතනික ණය – 7%

ඉඩම් හා දේපළ – 8%

වෙනත්– 1%

පාරිභෝගික ප‍්‍රතිලාභ

2023 වසර තුළ රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 23 ක පාරිභෝගික ප්‍රතිලාභ ලබාදී ඇත.

2023 දී ගෙවන ලද පාරිභෝගික ප්‍රතිලාභ

මරණ හිමිකම් සහ වෙනත් හිමිකම්1,197 Rs. Mn
මුදල්/ලෝයල්ටි බෝනස්4,500 Rs. Mn
කල් පිරීම්16.6 Rs. Bn

වැඩි විස්තර සඳහා පහත අපගේ වාර්ෂික වාර්තාව 2023 පරීක්ෂා කරන්න.

වසර 20ක් පුරා වෙළෙඳපොල ප්‍රමුඛයා වීම, අප කෙරෙහි ඇති විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය සනාථ කරයි

2004 වසරේ දී සෙලින්කෝ ලයිෆ්, ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ලබාගත්තේ රු. මිලියන 3,962ක වාරික ආදායමක් උපයමිනි. අපි අඛණ්ඩව 20 වෙනි වසරටත්, ඒ විශිෂ්ටත්වය හා උද්‍යෝගය පෙන්නුම් කරමින් සිටින්නෙමු.

වැඩි විස්තර සඳහා පහත අපගේ වාර්ෂික වාර්තාව පරීක්ෂා කරන්න.

වාර්ෂික වාර්තා

Ceylinco Life Annual Report 2023
visual
annual-report-img-1
annual-report-img-2
2019 annual report image