අධ්‍යාපන

පන්තිකාමර ඉදිකිරීම් ව්‍යාපෘතිය

ශ්‍රී ලාංකීය දරුවන් අතිබහුතරයක්, සිය පාසල් අධ්‍යාපනය සඳහා රජයේ පාසල් මගින් ලබාදෙන නිදහස් අධ්‍යාපනය මත යැපෙයි. එසේ තිබියදීත්, දුෂ්කර ප්‍රදේශවල බොහෝ පාසල්වලට මූලික යටිතල පහසුකම්වල පවා අඩුපාඩු තිබෙන බව රහසක් නොවේ. අපගේ ‘පන්ති කාමර සංවර්ධන වැඩසටහන’ මෙම ගැටළුවලට විසඳුම් ලබාදෙන්නේ, අඩු වරප්‍රසාද ලත් පාසල් හඳුනාගෙන ඔවුන්ට පන්ති කාමර වැනි යටිතල පහසුකම් ලබාදීමෙනි. අපගේ අතිවිශාල ශාඛා ජාලය මගින් අපි එවැනි පාසල් හඳුනාගෙන, එම ශාඛා කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ග්‍රාමීය ජන ප්‍රජාවේ සාමාජිකයින්ගේ එකමුතුවෙන් පන්ති කාමර ඉදිකිරීමට අපගේ සහාය ලබාදෙයි. සෙලින්කෝ ලයිෆ් විසින් එම ඉදිකිරීම්වල ප්‍රගතිය අධීක්ෂණය කරන අතර ඒ ඒ අදියර අවසානයේ දී, අරමුදල් ලබාදීමට කටයුතු කරයි.

 

මෙම වැඩසටහන යටතේ මේ වනවිට, අපි පන්ති කාමර 80කටත් වඩා ඉදිකර ඇති අතර, ඒවා නඩත්තු කිරීමට පවා එම පාසල්වලට අපගේ සහාය අඛණ්ඩව හිමිවේ. ඔබේ පාසලේ හෝ ගමේ පන්ති කාමර ඉදිකිරීම සඳහා අපගේ සහයෝගය ලබාගැනීමට ඔබ කැමති නම්, care@ceylife.lk ඔස්සේ අපට ලියන්න.

 

Kegalle Classroom
Elpitiya Classroom
Ceylinco Life best life insurance company education csr