සුප්‍රීම්

සාර්ථකත්වය අත්විදිමින් අද ඔබ සිටින තැනට පැමිණීම සදහා මාවත සැකසුණේ ඔබේ වෙහෙස, උද්‍යෝගය සහ කැපවීම ඔස්සේය. ඒ කෙසේ වුණත්, හෙට දවසේ උදාවන අනාගතයට කල්තියා සූදානම් වෙමින් නව මංපෙත් සොයායමින් ජයග්‍රහණයේ සහ සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා යාමට ඔබ කැපවිය යුතුය.

ඔබේ පුද්ගලික හෝ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් ඔබට ඇති බලාපොරොත්තු සහ සිහින සැබෑ කරගැනීම සඳහා සවිමත් සැලැස්මක් අවශ්‍ය ය. සෙලින්කෝ ලයිෆ් සුප්‍රීම්, ඔබේ හැකියාවන් අභිබවා ජයග්‍රහණය කරායාමට ඔබට සහාය වන නිවැරදිම පියවර යි.

ක්‍රියාත්මකවන ආකාරය

සුප්‍රීම් ලයිෆ් සැලසුමේ කාලපරිච්ඡේදය අතරතුර දී, වාරික වශයෙන්  එකවර මුදල් ගෙවීම් කෙරෙන අතර, ජීවිත රක්ෂණ ආවරණයක් ද හිමිවේ. ඔප්පුව කල්පිරීමේ දී, ඔප්පු හිමියා ජීවත්ව සිටින්නේ නම් කල්පිරීමේ මුදලක් ද ඔප්පු හිමියාට ලැබේ.

ප‍්‍රතිලාභ

මේ සැලසුමේ ප්‍රතිලාභ ආකාර 3කින් හිමිවේ.

ඔබ සුප්‍රීම් ජීවිත සැලසුමක් ලබාගත් විට, ඔබේ රක්ෂණ ඔප්පු කාලය පුරා සෑම වසර 4කට වරක්ම ඔබට සැලකිය යුතු ‘එකවර මුළු මුදල් ගෙවීම්’ හිමිවන අතර, ඒවා ඔබේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් යොදාගත හැක.

අදාළ කාලපරිච්ඡේදය අවසානයේ දී, රක්ෂිත මුළු මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වඩා ඉහළ අගය සහිත මුදල – ඒ වනවිට ගෙවා ඇති ‘එකවර ගෙවීම් අඩුකරගැනීමකින් තොරව’ ලබාගැනීමේ අමතර ප්‍රතිලාභය ද ඔප්පු හිමියාට ලැබේ.

එසේම, මෙම සලසුමට ජීවිත රක්ෂණ ආවරණයක් ද ඇතුළත්ව ඇති නිසා, අනපේක්ෂිත ලෙස ඔප්පු හිමියාගේ අභාවය සිදුවුණොත් – මූලික මුළු රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි වටිනාකම, ඔප්පු හිමියාගේ ප්‍රතිලාභීන් වෙත හිමිවේ.




කාලය
අත්තිකාරම් ගෙවීම (අවසානයේදී)
රක්ෂිත වටිනාකමෙන් % ප‍්‍රතිශතයක් ලෙස

වසර 12

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර

20%
20%
මූලික රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් ඉහළ අගය

 වසර 16

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර

15%
15%
15%
මූලික රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් ඉහළ අගය

 වසර 20

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර
20 වැනි වසර

12%
12%
12%
12%
මූලික රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් ඉහළ අගය

 වසර 24

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර
20 වැනි වසර
24 වැනි වසර

10%
10%
10%
10%
10%
මූලික රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් ඉහළ අගය

රු. 500,000/-ක රක්ෂිත වටිනාකමක් සහිත රක්ෂණ ඔප්පුවක් සදහා 20 වැනි වසරේ කල්පිරීමේදී ඔබේ එකතු වූ අරමුදලේ ඇති ශේෂය

වසරකට 7%ක ලාභාංශ අනුපාතයක් ඇතැයි සලකා නිරූපිත කල්පිරීම් ප‍්‍රතිලාභය. රු. 950,000/-

වසරකට 7%ක ලාභාංශ අනුපාතයක් ඇතැයි සලකා නිරූපිත කල්පිරීම් ප‍්‍රතිලාභය. රු. 1,180,000/-

අයැදුම් කළ හැකි අය

ඔබ අවුරුදු 18 -58 අතර වයසේ පිරිමි පුද්ගලයකු නම් වසර 12, 16, 20 හෝ 24 යන කාලපරිච්ඡේදයක් සදහා මේ සැලසුම ලබාගැනීමට ඔබ සුදුසුකම් ලබයි.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එක් කරගත හැකිය.

  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් යුගදිවි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
  • සෙලින්කෝ ලයිෆ් එක්ස්ට‍්‍රා කවර්

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.