සිප්සෙත

ඔබේ දරුවාගේ අනාගත ඉළක්ක සපුරාගැනීම සඳහා පදනම් වෙන්නේ, ඔවුන්ගේ අධ්‍යාපනය යි. ඔවුන්ගේ පාසල් කාලය තුළ දී මෙන්ම තෘතියික අධ්‍යාපනය වෙත යොමුවීමේ දීත්, ඔබේ උපකාරය ඔවුන්ට ඉතා වැදගත් ය.

ඔවුන්ගේ අධ්‍යාපනික බලාපොරොත්තු සඵල කරගැනීම සඳහා අවශ්‍ය වන මානසික සැනසිල්ල පවත්වාගැනීමට, මූල්‍ය සහයෝගය අඛණ්ඩව ලැබිය යුතු බව රහසක් නොවේ. ඔබට ‘සෙලින්කෝ ලයිෆ් සිප්සෙත’ රක්ෂණ සැලසුම අවශ්‍ය වන්නේ, ඒ සඳහා ය.

ක්‍රියාත්මක වන ආකාරය

සෙලින්කෝ ලයිෆ් සිප්සෙත මගින් ලැබෙන ජීවිත රක්ෂණ ආවරණය ඔබට පහසුවෙන් තේරුම්ගත හැකි අතර, එමගින් ඔප්පු කාලසීමාවේ අවසාන වසර 8 දී අධ්‍යාපන දීමනා ද වාර්ෂිකව ඔබට ලැබේ.
                                                                          

ප‍්‍රතිලාභ

ඔප්පු හිමියාගේ අභාවය සිදුවුණොත් :

  • තවදුරටත් වාරික ගෙවිය යුතු නොවේ
  • රක්ෂිත මුදලේ මුළු වටිනාකම, ඔබේ දරුවාට ලබාදෙයි.
 
  • ඒ වනවිට, වාර්ෂික දීමනා ගෙවීම ආරම්භ වී ඇත්නම්:

– ඉතිරි වාර්ෂික දීමනා තෙගුණකර, ඔබේ දරුවාට ලබාදෙයි.

 

  • ඒ වනවිට, වාර්ෂික දීමනා ගෙවීම ආරම්භ වී නැත්නම්:

-වාර්ෂික දීමනා ගෙවීම තෙගුණකර, ඔබේ දරුවාට ලබාදෙයි.

 

ඔප්පු හිමියාගේ අභාවය සිදුවුණේ හදිසි අනතුරකින් නම්:

  • රක්ෂිත මුදල දෙගුණ කර ගෙවයි.
  • වාර්ෂික දීමනාවක් තෙගුණ කර ගෙවයි.

ඔප්පු හිමියා ජීවත්ව සිටීනම්, රක්ෂණ ඔප්පු කාලසීමාවේ  අවසන් වසර 8 තුළ දී අනුපාතිකව, වාර්ෂික අධ්‍යාපනික දීමනා ගෙවයි.

උදාහරණ:

ඔබ වසර 20ක කාලයක් සඳහා රු.200,000/-ක මුළු රක්ෂිත මුදලකට සෙලින්කෝ ලයිෆ් සිප්සෙත සැලසුමක් ලබාගෙන ඇත්නම් සහ ඔබේ දරුවාගේ වයස අවුරුදු 3ක් යැයි උපකල්පනය කරන්නේ නම්, අවසන් වසර 8 අතරතුර දී දරුවාට හිමිවන ප්‍රතිලාභ මෙසේය.

                                  

අයැදුම් කළ හැකි අය

අවුරුදු 18–54 අතර වයසේ ඕනෑම අයෙකුට, වසර 11 සිට 23 දක්වා කාලයකට මෙම සැලසුම ලබාගත හැක.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

 

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එක් කරගත හැකිය.

  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් යුගදිවි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
  • සෙලින්කෝ ලයිෆ් එක්ස්ට‍්‍රා කවර්
  • සෙලින්කෝ ලයිෆ් හෙල්ත් සපෝට් ප්ලස්

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් සිප්සෙත  රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.


2004 ஆம் ஆண்டில் ஆயுள் காப்பீட்டில் சந்தைத் தலைவர் என்ற நிலையை நாங்கள் முதன்முதலில் பெற்றோம். இதன் பிரீமியம் வருமானம் 3,962 மில்லியன் ரூபாவாகும்.  பதிவு செய்யப்பட்ட பிரீமியம் வருமானத்துடன் 19வது ஆண்டாக நாங்கள் அந்த வேகத்தை தொடர்ந்துள்ளோம். 29 பில்லியன் ரூபா  பிரீமியம் வருமானம் மற்றும் 2022 டிசம்பர் 31 நிலவரப்படி 21.4% சந்தைப் பங்குகளை பதிவு செய்துள்ளோம்.

 மேலும் விவரங்களுக்கு எங்களின் 2023ஆம் ஆண்டறிக்கையை கீழே பார்க்கலாம்.