එන්ඩවුමන්ට් සැලසුම

සෙලින්කෝ ලයිෆ් හි අප සෑමවිටම කටයුතු කරන්නේ, පහසුවෙන් වටහාගත හැකි වගේම ඔබේ පසුම්බියටත් වඩාත් පහසු, ඔබට ඉහළම මට්ටමේ රැකවරණයක් පිරිනමන්නටයි. ඔබට නිදහසේ විශ්වාසයෙන් යුතුව ඔබේ ජීවිතයේ අරමුණු හඹායාමට හැකිවන්නේ එවිටයි.

සෙලින්කෝ ලයිෆ් එන්ඩවුමන්ට් සැලසුම, ඔබේ ජීවිතයට හානියක් වන අවාසනාවන්ත සිදුවීමකදී ඔබේ ආදරණීයයන්ට රැකවරණය සැලසීම වෙනුවෙන්ම සැකසුණු පහසුවෙන් වටහාගත හැකි සැලසුමක් වගේම, සවිමත් මූල්‍ය ආයෝජනයකි.

ක්‍රියාත්මක වන ආකාරය

එන්ඩවුමන්ට් සැලසුමේ විශේෂත්වය වන්නේ, එය වටහාගැනීමට ඉතා පහසුවීම සහ රැකවරණය යන අංශ කෙරෙහි මූලික වශයෙන්ම අවධානය යොමුකිරීමයි.

මේ රක්ෂණය ලබාගෙන වාරික ගෙවීම මගින්, ඔබේ ජීවිතය ඔබ කැමති රක්ෂණ කාලපරිච්ඡේදයක් ඇතුළත ආවරණය කරගත හැකියි.

ප‍්‍රතිලාභ

අවාසනාවන්ත ලෙස ජීවිත රක්ෂණ හිමියාගේ මරණය සිදුවූ විටෙක, ජීවිත රක්ෂණ ආවරණය සහ අදාළ වන සෙසු අමතර ප්‍රතිලාභ ද ප්‍රතිලාභියා වෙත නොපමාව ගෙවීමට කටයුතු කරයි. ජීවිත රක්ෂණ හිමියා කල්පිරෙන දිනය ජීවත්වන්නේ නම්, රක්ෂණ සැලසුමේ රක්ෂිත මුළු මුදල ආපසු ගෙවීමට කටයුතු කරයි.

උදාහරණය : රක්ෂණ හිමියා වයස අවුරුදු 30ක් වන අයෙකු නම් සහ වසර 20ක කාලපරිච්ඡේදයක් සඳහා සෙලින්කෝ ලයිෆ් එන්ඩවුමන්ට් රක්ෂණ සැලසුමක් ලබාගන්නේ නම් හිමිවන ප්‍රතිලාභ මෙසේය:

රක්ෂිත මුදල
කල්පිරීමට පෙර මරණය සිදු වූ අවස්ථාවේදී හිමි වන මුදල
කල්පිරීම (පවතින ප‍්‍රසාද දීමනා අනුපාතය යටතේ වයස අවුරුදු 50 දී)

රු. 100,000

රු. 100,000 + ප‍්‍රසාද දීමනාව

රු. 190,000

රු. 250,000

රු. 250,000 + ප‍්‍රසාද දීමනාව

රු. 475,000

රු. 500,000

රු. 500,000 + ප‍්‍රසාද දීමනාව

රු. 950,000

රු. 1,000,000

රු. 1,000,000 + ප‍්‍රසාද දීමනාව

රු. 1,900,000

අයැදුම් කළ හැකි අය

ඔබ අවුරුදු 18 – 60 අතර වයසේ අයෙකු නම්, වසර 5 – 40 දක්වා වූ කාලපරිච්ඡේදයක් සඳහා මේ රක්ෂණ සැලසුම ලබාගැනීමට ඔබ සුදුසුකම් ලබනවා.

ගෙවීම් මාදිලි

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එක් කරගත හැකියි.

  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් යුගදිවි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
  • සෙලින්කෝ ලයිෆ් එක්ස්ට‍්‍රා කවර්

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් එන්ඩවුමන්ට් රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.