ඩිග්‍රි සේවර්

අධ්‍යාපන සැලසුම

වේගයෙන් දියුණුවෙන නූතන ලෝකයේ, ඔබේ දරුවාට තමා කැමති ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලබා ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථා රැසක් අද වනවිට උදාවී ඇත.

සෙලින්කෝ ලයිෆ් ඩිග්‍රි සේවර් අධ්‍යාපන සැලසුම මගින් ඔබේ දරුවාට උසස් අධ්‍යාපනය ඉළක්ක වෙත යාමට මග විවර කරන නිසා, ඔබට අනාගතයේ දී වැයකිරීමට වන විශාල වියදම ගැන සිත්තැවුල් ඇතිකරගැනීමට අවශ්‍ය නොවේ. දරුවාගේ තෘතීයික අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ඉතුරුකරන අතරම, පරිපූර්ණ ජීවිත රක්ෂණාවරණයක් ලබාගැනීමේ අවස්ථාවත්, සෙලින්කෝ ලයිෆ් ඩිග්‍රි සේවර් ඔබට ලබාදෙනවා.

ක්‍රියාත්මක වන ආකාරය

ඔබේ දරුවා සමාජයට පිවිසෙන්නට සැරසෙන විට ඒ සඳහා ඔබට කොපමණ අරමුදලක් අවශ්‍ය වන්නේදැයි යන කරුණ තීරණය වන්නේ, දරුවා පිළිබඳ ඔබේ ඇති අනාගත අපේක්ෂා මට්ටම සහ ඒ වෙත ළඟාවීමට දරන්නට වෙන වියදම් ප්‍රමාණය අනුවයි.

ඔබ ගෙවියයුතු වන වාරිකය තීරණය වන්නේ, ඔබ කාලයකට වරක් වශයෙන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල සහ ඔබ තෝරාගන්නා ජීවිත රක්ෂණ ආවරණය මතයි.

ඔබ ගෙවන වාරිකය, සංයුක්ත වැල්පොලී ගණනය කිරීම මත ඔප්පු කාලය මුළුල්ලේ එකතුවෙමින්, කල්පිරෙන දිනය වනවිට ඔබේ දරුවා වෙනුවෙන් විශාල මුදලක් බවට පත්වේ.

ප‍්‍රතිලාභ

සමාගම විසින් මාසිකව ප්‍රකාශයට පත්කර සමුච්චිත පොලී අනුපාතය සමඟ ඔබේ දරුවා වෙනුවෙන් අවශ්‍ය වන අධ්‍යාපන අරමුදල වර්ධනය වේ. අදාළ ඔප්පු කාලය අවසානයේ දී ඔප්පු හිමියාට එම අරමුදල, එකවර විශාල මුදලක් වශයෙන් ලබාගෙන දරුවාගේ තෘතීය  අධ්‍යාපන අවශ්‍යතා සඳහා යොදවාගත හැක.

මෙහිදී, ඔප්පු හිමියාට අවම වශයෙන් රු.1,000,000/-ක් වූ පරිපූර්ණ ජීවිත රක්ෂණ ආවරණයක් ද හිමිවන අතර, අනපේක්ෂිත ලෙස ඔප්පු හිමියාගේ අභාවය සිදුවුවහොත් එම මුදල සහ හිමිකම් ඉල්ලාසිටින අවස්ථාව වනවිට එකතු වී ඇති අරමුදල් ශේෂය සැණෙකින් ගෙවනු ලැබේ.

උදාහරණය:

ඔබේ වයස අවුරුදු 30ක් නම් සහ ඔබ වසර 20ක කාලයක් සඳහා රු.7,000,000/-ක ජීවිත රක්ෂණ ආවරණයක් සමඟ ඩිග්‍රි සේවර් සැලසුම ලබාගන්නේ නම්, පහත දැක්වෙන ප්‍රතිලාභ අපේක්ෂා කළහැකියි.

මාසික වාරිකය: රු. 2,614/- යි.

අරමුදලට මාසික දායකත්වයමුළු මාසික වාරිකය: ජීවිත රක්ෂණ අරමුදල*වසර 20 අවසානයේ හිමිකම්
7%9%
7,0009,6143,222,6324,045,209
10,00012,6144,603,7605,778,870
15,00017,6146,905,6408,668,305

*මෙය උදාහරණයක් පමණක් වන අතර, සැබෑ හිමිකම් ප‍්‍රමාණය මාසිකව ප‍්‍රකාශිත සමුච්චිත පොලී අනුපාතය අනුව වෙනස් විය හැකියි. රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව වාරිකය වෙනස් විය හැකියි.

අයැදුම් කළ හැකි අය

අවුරුදු 18–30 අතර වයසේ ඕනෑම අයෙකුට, වසර 10–30 අතර කාලයක් සඳහා මෙම රක්ෂණ සැලසුම ලබාගත හැක.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප්‍රතිලාභ, ඔබේ ජීවිත රක්ෂණ
සැලසුමට එක්කරගත හැකියි
.

  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
  • සෙලින්කෝ ලයිෆ් හෙල්ත් සපෝට් ප්ලස්

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් ඩිග්‍රි සේවර්  රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.