ෆියුචර් සේවර්

සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර් සමඟින් ඔබේ අනාගත ඉලක්ක කරා ළඟාවීමට සූදානම් වෙන්න! මෙම සුවිශේෂී සැලැස්ම, සැනසිල්ලේ හිඳිමින් සමෘද්ධිමත් ජීවිතයක් ලබාගැනීමට ඇති හොඳම මාර්ගය යි.

ෆියුචර් සේවර් – ඔබේ ඉලක්ක සඳහා සැලසුම් කිරීම සඳහා, ආකර්ශනීය ප්‍රතිලාභ සපිරි හොඳින් ප්‍රමාණවත් අරමුදලක් ගොඩනගාගැනීමට ඔබට උදවුකරනවා. අවිනිශ්චිතතාවලින් ඔබේ ආදරණීයයන්ට ශක්තිමත් රැකවරණයක් ලබාදීමත් එමගින් සිදුවේ.

ෆියුචර් සේවර් හි ඇති ආකර්ශනීයම ලක්ෂණය නම්, මෙම අගනා දිගුකාලීන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දිගුකාලීන පිරිවැයක් දරන්නට නොවීමයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ, ඔබේ මූල්‍ය වශයෙන් ඉතා ශක්තිමත් කාලයේදී කෙටිකාලයක් පමණක්, උද්‍යෝගිමත්ව ඉතිරිකිරීමයි.

අපෙන් ඔබට

කල්පිරීමේ දී ආකර්ශනීය ‘එකවර ලැබෙන මුදලක්’ ලැබෙන බව සහතික කරමින්, වර්ධනය වන ධන අරමුදල

ෆියුචර් සේවර් මගින්, ඔබ ගෙවන මූලික වාරිකය සඳහා සමාගම විසින් මාසිකව ප්‍රකාශයට පත්කරන ලාභාංශ අනුපාත මත ගොඩනැගෙන වර්ධනය වන ධන සමුච්චිත අරමුදලක් සහතික කෙරේ. ඔබේ විශ්‍රාම ගැනීම, දරුවන්ගේ අධ්‍යාපනය හෝ වෙනත් විශාල මුදලක් අවශ්‍ය වෙන කටයුතු වැනි අනාගත අරමුණු සපුරාගැනීම සඳහා, ‘කල්පිරීමේ දී ආකර්ශනීය අරමුදලක්’ ගොඩනංවාගැනීමට මෙම ධන අරමුදල් කොටස මගින් ඔබට අවස්ථාව උදාවේ. ධන අරමුදලට ඔබේ දායකත්වය (එනම්, මූලික වාරිකය) ඔබට ම තීරණය කළහැකි අතර, එකඟ වූ වාරික ගෙවීමේ කාලය සඳහා මාසිකව, කාර්තුමය වශයෙන්, අර්ධ-වාර්ෂිකව හෝ වාර්ෂිකව – අරමුදල ගොඩනැංවීම ආරම්භ කළහැකියි.

ජීවිත ආරක්ෂණ ප්‍රතිලාභය

ඔබ අවාසනාවන්ත ලෙස අභාවයට පත්වුවහොත් ඔබේ ආදරණීයයන්ට යහපත් හෙට දවසක් ලැබෙන බව තහවුරු කිරීම සඳහා, පහසු??/දැරියහැකි?? වාරිකයක් සහිත ජීවිත රක්ෂණ ආවරණයක් ඔබට හිමිවේ. ඔප්පු කාලසීමාව අතරතුර දී ඔබේ අභාවය සිදුවුණොත්, ඔබේ ප්‍රතිලාභීන්ට හිමිවෙන ප්‍රතිලාභ වන්නේ;

  • ජීවිත ආවරණය (මූලික රක්‍ෂණ මුදල + පවුල් ආරක්ෂණ ප්‍රතිලාභය)
  • වාරික සහතික ප්‍රතිලාභ
  • කල්පිරීමේ දිනයේ දී එකවර ගෙවන මුදල

වාරික සහතික ප්‍රතිලාභ

ඔබ අවාසනාවන්ත ලෙස අභාවයට පත්වුවහොත්, වාරික ගෙවීමේ කාලය අවසන් වනතෙක් සෙලින්කෝ ලයිෆ් විසින්ම ඔබේ ධන අරමුදල සඳහා මූලික වාරික ගෙවීම අඛණ්ඩව කරගෙන යන අතර, එමගින් ඔබ නොමැති කාලය තුළදී පවා ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අරමුදල ගොඩනැංවීමට කටයුතු කරයි. අනපේක්ෂිත ලෙස ඔබ පූර්ණ සහ සදාකාලික ආබාධිත බවට පත්වුවහොත්, වාරික ගෙවීමේ කාලය අවසන් වනතෙක් සෙලින්කෝ ලයිෆ් විසින් මූලික වාරික මෙන්ම ජීවිත ආවරණය සඳහා වාරික ද අඛණ්ඩව ගෙවීමට කටයුතු කරයි.

ළබැඳියා තිළින

නියමිත වේලාවට – නොපමාව වාරික ගෙවීම මගින් පැහැදිලි වන්නේ, මූල්‍ය කටයුතු සඳහා ඔබේ අඛණ්ඩ කැපවීමයි. ඔබේ එම කැපවීම අගය කිරීම සඳහා, සෙලින්කෝ ලයිෆ් විසින් ඔප්පු කාලසීමාව තුළදී නියමිත කාලයකට වරක් ඔබේ අරමුදලට ‘ළබැඳියා තිළින’ බැර කරයි.  ඔප්පුව කල්පිරීමේ දී ඔබට වඩාත් ආකර්ශනීය අරමුදලක් ලබාගත ගැනීමට හැකි තවත් ආකාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. කෙසේ වෙතත්ඔබ වාරික ගෙවියයුතු දිනයේ සිට දින 180ක් ඇතුළත ගෙවීමට අපොහොසත් වුවහොත්ඔබට අනාගත ළබැඳියා තිළින කිසිවක් හිමිනොවේමෙය කල්පිරීමේ දී ඔබට ලැබීමට ඇති ප්‍රතිලාභයෙන් 50% – 80% ක උපරිම අඩුවීමකට බලපායි.

කල්පිරීමෙන් පසු ‘ලයිෆ් ලයින් ගෙවීම්’ ප්‍රතිලාභ

අනාගතයේ දී උද්ගත වියහැකි ඔබේ රෝගාබාධ, විශ්‍රාම ආදී අවශ්‍යතා සඳහා ‘හදිසි අවශ්‍යතා අරමුදලක්’ තබාගැනීමට අවශ්‍ය නම්, ඔප්පුව කල්පිරීමෙන් පසුවත් තවත් වසර 20ක් දක්වා කාලයක් සඳහා ධන අරමුදල වර්ධනය වීමට ඉඩහැරිය හැක. ඔප්පුව කල්පිරීමේ දී ඔබ ‘කල්පිරීමේ වටිනාකම ලබානොගෙන’ ලයිෆ් ලයින් ගෙවීම් ප්‍රතිලාභය තෝරාගත්තොත්, එම අමතර කාලසීමාව අතරතුර දී ඔබට සීමාවකින් තොරව ‘පසු-ආපසු ගැනීම්’ කිරීමට සෙලින්කෝ ලයිෆ් ඔබට අවස්ථාව ලබාදෙයි. හදිසි මුදල් අවශ්‍යතා ඇතිවන ඕනෑම විටෙක, ඔබට මේ අරමුදල් ලබාගත හැකිය. මෙම කාලසීමාව තුළදීත් සෙලින්කෝ ලයිෆ් විසින් ඔබේ අරමුදලට ලාභාංශ බැරකිරීම අඛණ්ඩව කරගෙන යයි.

අරමුදල වර්ධනය වේ?

වෘත්තීය ආයෝජන කළමණාකරුවන් විසින් ඔබේ විශ්‍රාම අරමුදල ඉතා සැලකිල්ලෙන් යුතුව කළමනාකරණය කරයි. ඔබේ විශ්‍රාම අරමුදල මාසයෙන් මාසයට වර්ධනය වන බවට ඔවුන් වගබලාගන්නා අතර, කාලසීමාව  අවසානයේ දී ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභයක් හිමිවන බවද තහවුරු කරයි.

 

ධන අරමුදල කල්පිරීමේ ප්‍රතිලාභ සඳහා උදාහරණය:

  • වයස: අවුරුදු 35 යි

  • වාරික ගෙවීමේ කාලය: අවුරුදු 5 යි

  • ඔප්පු කාලය: අවුරුදු 20 යි

  • වාරික ගෙවන ආකාරය: වාර්ෂික

ධන අරමුදල සඳහා වාර්ෂික මූලික වාරිකය සහ මූලික රක්ෂිත මුදලළබැඳියා තිළින එකතුව (රු.)

සියලුම හිඟ වාරික ගෙවීමෙන් පසු, වසර 20 අවසානයේ ප්‍රතිලාභය (රු.)
4%8%12%
200,0001,350,0002,846,5834,413,7357,239,924
500,0003,375,0007,149,23411,079,77618,164,903
1,000,0006,750,00014,320,31822,189,84436,373,201

ඉහත දැක්වෙන්නේ, වාර්ෂිකව 4%, 8%, 12% යන උපකල්පිත ලාභාංශ අනුපාත මත, සියලු කළමනාකරණ ගාස්තුවලින් පසුව සහ සියලු වාරික අදාළ නියමිත දිනට ගෙවනු ඇතැයි කරන ලද උපකල්පන මත පදනම් වූ විදහාදැක්වීමක් පමණි. තවද, ඉහත උපකල්පනය කරන ලද ලාභාංශ අනුපාත සහතික කර නොමැති අතර පවතින වෙළෙඳපොළ තත්ත්වයන්ගේ උච්චාවචනයන්ට යටත් වේ. සමාගම විසින් ගෙවන සැබෑ කල්පිරීමේ ප්‍රතිලාභ තීරණය වන්නේ, ප්‍රකාශයට පත්කරන සැබෑ ලාභාංශ අනුපාත මතයි.

ඉහත විදහා දක්වන අගයන්, වාරික ගෙවීමට තෝරාගත් ක්‍රමය මත වෙනස් වේ. (එනම්, අර්ධ-වාර්ෂික, කාර්තුමය හෝ මාසික)

ආරක්ෂණ ප්‍රතිලාභය සඳහා උදාහරණය:

අන්තර්ගත ආරක්ෂණ ප්‍රතිලාභ
විස්තරය

ජීවිත ආවරණය

 

මූලික රක්ෂිත මුදල + පවුල් ආරක්ෂණ ප්‍රතිලාභය

(ජීවිත රක්‍ෂිතයා විසින්, ආවරණයේ වටිනාකම තීරණය කළහැක)

 

වාරික  සහතික ප්‍රතිලාභ (PAB)

ප්‍රධාන ජීවිත රක්‍ෂණ ලාභියාගේ මරණය සිදුවූ හෝ පූර්ණ හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ අවස්ථාවක දී, වාරික ගෙවීමෙන් නිදහස් කෙරෙන අතර, විශ්‍රාම අරමුදල ගොඩනැගීම අඛණ්ඩව සිදුවනු ඇත.

අතිරේක ප්‍රතිලාභ

අතිරේක ප්‍රතිලාභ ධාවකයන් එක් කිරීමේ හැකියාව

ඔබේ අභිමතය මත පදනම්ව, ඔබේ ජීවිත කාලය සඳහා ඔබේ ආරක්ෂණ ප්‍රතිලාභ ගුණ කිරීම සඳහා පහත කෙටි කාලීන වාරික ගෙවන අතිරේක ප්‍රතිලාභ ධාවකයන් තෝරා ගැනීමට ඔබට ඉඩ සැලසේ. 

  • හදිසි මරණ ප්රතිලාභය
  • සම්පූර්ණ සහ ස්ථිර ආබාධිත ප්රතිලාභ
  • බරපතල රෝග ප්රතිලාභ
  • ඔබේ සහකරු හෝ සහකාරිය සහ දරුවන් සඳහා ආවරණය

ආපසු ලබාගැනීමේ ප්‍රතිලාභය

තුන්වන ප්‍රතිපත්ති වර්ෂයෙන් පසු, ඔබට කිසියම් හදිසි අවස්ථාවකදී, ප්‍රතිපත්ති කාලසීමාව තුළ දෙවතාවක් සඳහා, සමුච්චිත ධන අරමුදලෙන් 100%ක් දක්වා මුදල් ආපසු ගැනීමට ඔබට හිමිකම් ඇත.

සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ හිමියන් සඳහා විශේෂ ත්‍යාග

‘ප්‍රණාම ශිෂ්‍යත්ව සහ ෆැමිලි සවාරි’ වැනි සෙලින්කෝ ලයිෆ් හි විශේෂ ත්‍යාග වෙනුවෙන් අයදුම් කිරීමට ඔබට තවදුරටත් හිමිකම් ලැබේ.