ඇඩ්වාන්ස් පේමන්ට්
සෙලින්කෝ ලයිෆ් ඇඩ්වාන්ස් පේමන්ට් යනු, ඔබේ අනාගතය කල්තියාම සැලසුම් කරගැනීමට අවස්ථාව උදාකරන සුවිශේෂී රක්ෂණ සැලසුමකි. මේ සුවිශේෂී සැලසුම මඟින්, ඔබ අපේක්ෂා කරන ආකාරයටම ඔබේ දිගුකාලීන සහ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සැලසුම් කරගැනීමට ආයෝජන අවස්ථාවක් සැලසෙන අතර, ඔබේත් ඔබේ පවුලේ ආදරණීයයන්ගේත් සුබසිද්ධිය සහතික කෙරෙන සැළකිය යුතු ජීවිත ආවරණයකුත් හිමිවේ. ඒනිසා, ඔබේ දරුවාගේ ප්‍රාථමික, ද්විතීයික හෝ තෘතීයික අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම, ඔබ සිහින මැවූ නිවස ඉදිකිරීම හෝ ඔබේ දරුවාගේ විවාහ මංගල්‍යය සැලසුම් කිරීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලට ගැටලුවකින් තොරව මුහුණදීමට ඔබට හැකියාව ලැබේ.
ඇඩ්වාන්ස් පේමන්ට් මඟින් මූල්‍ය හිමිකම් සහ රැකවරණය යන වැදගත් අංශ දෙකම ආවරණය කෙරේ. රක්ෂණ සැලසුමේ ඇති ජීවිත ආවරණය මගින් පරිපූර්ණ රැකවරණයක් සැලසෙන අතර, රක්ෂණ සැලසුමේ කාලය අවසන් වීමට පෙර ඔබේ රක්ෂිත මුදලේ අත්තිකාරම් ගෙවීම්, වාරික වශයෙන් ඔබට හිමිවේ.
රක්ෂණ කාලය අවසන් වීමට පෙර, වාරික වශයෙන් ඔබට අත්තිකාරම් ගෙවීම් හිමිවන නිසා ඔබට කල්තියා ඔබේ අනාගත වියදම් සැලසුම් කරගැනීමේ අවස්ථාව උදාවේ. යම් හෙයකින්, අවාසනාවන්ත ලෙස ජීවිත රක්ෂණ ඔප්පු හිමියාගේ අභාවය සිදුවුණොත්, ඒ වනවිට ගෙවා ඇති අත්තිකාරම් ගෙවීම් කිසිවක් අඩු නොකර – ප්‍රතිලාභියා වෙත ජීවිත රක්ෂණ ආවරණය නොපමාව ගෙවීමට කටයුතු කෙරේ.
උදාහරණය:
ඔබේ වයස අවුරුදු 30ක් යැයි අපි සිතමු. වගුවේ දක්වා ඇති කිසියම් කාලපරිච්ඡේදයක් සඳහා ඔබ රු. 500,000/-ක මූලික ආවරණයක් ලබාගන්නේ නම්, රක්ෂණය කල්පිරෙන තෙක් ඔබට වාරික වශයෙන් අත්තිකාරම් ගෙවීම් හිමිවේ. කාලපරිච්ඡේදය අවසානයේ, රක්ෂණ කාලපරිච්ඡේදය පුරා එකතු වූ ප්‍රසාද දීමනාත් සමඟම රක්ෂිත වටිනාකමෙන් ඉතුරු ප්‍රමාණය ඔබට හිමිවේ.
අයැදුම් කළ හැකි අය
ඔබ අවුරුදු 18 – 60 අතර වයසේ අයෙකු නම් වසර 10, 15, 20 හෝ 25 යන කාල පරිච්ඡේදයක් සඳහා මේ ජීවිත රක්ෂණ සැලසුම ලබාගැනීමට ඔබ සුදුසුකම් ලබනවා.
ගෙවීම් මාදිලි
මේ රක්ෂණ සැලසුම සඳහා මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික සහ වාර්ෂික යන මාදිලිවලින් ගෙවීම් කළහැක.
අමතර ප‍්‍රතිලාභ
පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ සැලසුම් ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එක් කරගත හැකියි.
- සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් බෙනිෆිට්
- සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
- සෙලින්කෝ ලයිෆ් යුගදිවි
- සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් බෙනිෆිට්
- සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
- සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
- සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
- සෙලින්කෝ ලයිෆ් එක්ස්ට‍්‍රා කවර්
අතිරේක ප‍්‍රතිලාභ
අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් ඇඩ්වාන්ස් පේමන්ට් රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.