අපේ නායකත්වය
ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවිත රක්ෂණයක රැකවරණය ලබාදී ඔවුන්ගේ අරමුණු හඹායාමට සැනසුම උදාකරදීමේ දැක්මකින් යුතුව සෙලින්කෝ ලයිෆ් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මෙන්ම සෙලින්කෝ ලයිෆ් හි පූරෝගාමියෙක් වන ආර්. රෙන්ගනාදන් මහතා සමාගමේ විධායක සභාපති ලෙස ලබාදෙන විශිෂ්ට නායකත්වය යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුදුසුකම් ලත් හා අත්දැකීම් බහුල රක්ෂණ වෘත්තීයවේදීන් රැසකගේ සාමූහික එකමුතුවෙන්, සෙලින්කෝ ලයිෆ් හි කළමනාකරණය සිදුකෙරේ. ඔවුන්ගේ මූලික අවධානය යොමු වී ඇත්තේ, සියලුම පාර්ශවකරුවන්ට නව්‍යකරණයේ හා ප්‍රගතියේ ප්‍රතිලාභ හිමිකරදීමට යි.
සභාපතිවරයාගේ පණිවුඩය
"විශිෂ්ට දේ හිමිකරගැනීම සඳහා හොඳ දේ අත්හැරීමට, බිය නොවන්න"
ජෝන් ඩී. රොක්ෆෙලර්
මිලියන 21.5ක ජනගහණයකින් සමන්විත වුණත් ඉන් 1%ක ප්‍රතිශතයක් පමණක් ජීවිත රක්ෂණ රැකවරණය ලබා ඇති රටක් ලෙස, ශ්‍රී ලාංකික ජීවිත රක්ෂණ ආයතන සඳහා ලංකාව තුළ පුළුල් ව්‍යාපාරික අවස්ථාවක් පවතී. එම නිසා අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ අපගේ වෙළෙඳපොළ තවතවත් පුළුල් කරගැනීමයි.
කුලී පදනම මත ගොඩනැගිලි භාවිතාකිරීම වෙනුවට සමාගමටම අයිති ගොඩනැගිලිවල ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය, ඉදිරියටත් අනුගමනය කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. දැන් දැන් ඩිජිටල්කරණය වෙත ඇති සුවිසල් පාරිභෝගික නැඹුරුව මත – ඔවුන් ඩිජිටල් උපාංග මත වැඩි වැඩියෙන් රඳාපවතින නිසා, ඉදිරියේදී විශාල වශයෙන් සංයුක්ත ශාඛාවල අවශ්‍යතාව වැඩිවනු ඇත.
සෙලින්කෝ ලයිෆ්, අනාගතය සඳහා සිය උපායමාර්ගික තොරතුරු තාක්ෂණ මාර්ග සිතියම සමාලෝචනය කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති අතර, දිගුකාලීනව එහි ඩිජිටල් පියසටහන සැලසුම්කර ක්‍රියාත්මක කිරීම සඳහා කීර්තිමත් වෘත්තීයවේදීන් ගේ සහාය ලබාගෙන තියනවා.
ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩය
"දුෂ්කර කාල වැඩිකල් නොපවතී. ශක්තිමත් මිනිසුන් පමණක් අවසානය තෙක් රැඳී සිටී"
ආචාර්ය රොබට් එච්. ෂූලර්
“අපගේ කණ්ඩායමේ අවිවාදිත ශක්තිය, කැපවීම සහ වෘත්තීයභාවය විදහා දක්වමින්, වසංගතයේ දෙවන වසර දක්වා සිය වෙළෙඳපොළ නායකත්ව තත්ත්වය පවත්වාගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය.
2022 දී පෙර වසරට වඩා ‘රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධනය ඉක්මවූ වර්ධනයක්’ වාර්තාකිරීමට අපි කටයුතු කරන අතරම, අපගේ ප්‍රමුඛතම උපායමාර්ගික අරමුණ වූයේ පසුගිය වසර 18 තුළ අප අත්කරගෙන ඇති වෙළෙඳපොල නායකත්වය තවදුරටත් තිරසාරව පවත්වා ගැනීමයි.
ඉදිරියේ දීත් පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, අපගේ වෙළෙඳපොල නායකත්ව තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අතිශය වැදගත් වනු ඇත. ‘මිලෙනියල්’ සහ ‘Gen Z’ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, සහ ඩිජිටල්කරණය ඔස්සේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍රයක් වනු ඇත.
අධ්යක්ෂක මණ්ඩලය
වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන ආර්. රෙංගනාදන් මහතා සමාගම ආරම්භ කරන විටම එයට එක් වූ අතර, මේ වන විට ඔහු සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් සමාගමේ සභාපති ලෙස එය ඉතා සාර්ථකව මෙහෙයවමින් සිටියි. ජීවිත රක්ෂණ මෙහෙයුම් 1988 වසරේ ආරම්භ කළ අවධියේ සිටම ප්‍රධාන තනතුරෙහි රැුඳී සිටිමින්, ඉන්පසුව ජීවිත රක්ෂණ ක්ෂේත්රය පුද්ගලීකරණය වීමත් සමඟ ශී‍්‍ර ලංකාවේ සෑම පවුලක් වෙතම ජීවිත රක්ෂණය පිරිනැමීම සඳහා වූ දැක්මෙන් යුතුව ඔහු විසින් මෙම සමාගම නිවැරදි දෙසට මෙහෙයවනු ලැබ ඇත. ශී‍්‍ර ලංකාවේ රක්ෂණය ලැබීමේ හැකියාව ඇති ජනගහනයේ විවිධ අවශ්‍යතා සඳහා සරිලන පරිදි නව්‍යකරණයෙන් යුතු සැලසුම් සහ සේවාවන් හඳුන්වාදෙමින් ඔහු පවුල්වල ප්‍රධාන ආදායම් සපයන්නන් මිලියනයකට ජීවිත රක්ෂණය පිරිනැමීම සඳහා සෙලින්කෝ ලයිෆ් මෙහෙයවා ඇත. ඔහුගේ මූල්‍ය හසළත්වය සහ ¥රදර්ශීබව ඔස්සේ වසර 31ක් පමණක් වූ කාලයක් ඇතුළත රු. බිලියන 88ක දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදලක් ගොඩනැගීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය. එසේම, පසුගිය වසර 15 පුරා අඛණ්ඩව ශී‍්‍ර ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම රැුඳීසිටීම සඳහා සෙලින්කෝ ලයිෆ් මෙහෙයවීමට ඔහු සහ ඔහුගේ කළමනාකාරිත්ව කණ්ඩායම සමත් විය. සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ සමාගමක් වන සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් මඟින් පිළිකාවට ගොදුරු වූ පිරිස් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා නව ලොව නවතම උපකරණ සහ පහසුකම් පිරිනමන අතරතුරදී, රෙංගනාදන් මහතා සිය ¥රදර්ශී දැක්ම ඔස්සේ කටයුතු කරමින් සකී‍්‍රය විශ්‍රාමිකයින් සඳහා සමාගමෙහි අනෙක් අනුබද්ධ සමාගම වන සෙරීන් රිසෝට්ස් ලිමිටඞ් හි ‘‘නිවෙසින් පිටත නිවෙසක්’’ ආරම්භ කර ඇති අතර, කොළඹ සිට සැතපුම් 9ක් පමණක් වූ දුරකින් ඇති උස්වැටකෙයියාවේ පිහිටි සුවපහසු නිවාඩු නිකේතනයක් වන ‘ලා සෙරීනා’ නම් වන එය මේ වන විට ජනතාවට සේවය සැලසීම සඳහා සූදානමින් සිටියි.
වර්ෂ 2014 දී අධ්යක්ෂ මණ්ඩලයට පත් වූ රණසිංහ මහතා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් හි කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීලෙස කටයුතු කරයි. රණසිංහ මහතා 1986 වසරේදී නිෂ්පාදන කළමනාකරුවකු ලෙස සෙලින්කෝ ලිමිටඞ් හි සේවයට එක් විය. අලෙවි, වෙළෙඳ සහ උපායමාර්ගයික සැලසුම්කරණය සම්බන්ධයෙන් වසර 35කට අධික සේවා පළපුරුද්දක් සහිත ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. ආරම්භ කිරීමට දායක වූ පුරෝගාමී සාමාජිකයින්ගෙන් අයෙකි. ඔහු සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් හි අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි. ශී‍්‍ර ලංකාවේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ ආරම්භක සාමාජිකයකු වන රණසිංහ මහතා එහි විධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුර ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවක් දරා ඇත. රණසිංහ මහතා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ඵඊ් උපාධියක් හිමි කරගෙන සිටින අතර ඔහු වරලත් අලෙවිකරුවකු මෙන්ම එක්සත් රාජධානියේ වරලත් අලෙවි ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.
Mr. Cooray joined Ceylinco Insurance PLC as Assistant Manager – Training in 1987 and has played a key role in setting up the sales force at Ceylinco Life. He has served on the Board of Ceylinco Insurance PLC as a Director since 2001. An internationally reputed speaker on life insurance, Mr. Cooray was the first South Asian non-member to address the Million Dollar Round Table (MDRT), a prestigious international life insurance convention. Mr. Cooray is a Fellow of the Life Underwriters Training Council, USA (LUTCF), and a Chartered Insurance Agency Manager (CIAM).
2014 වසරේ අධ්යක්ෂ මණ්ඩලයට පත් කරන ලද පාලිත ජයවර්ධන මහතා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා වේ. ඔහු 1990 දී සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ජීවිත අංශයට ප්‍රධාන ගණකාධිකාරී (ශාඛා) ලෙස සම්බන්ධ වූ අතර මූල්‍ය ක්ෂේත්රයේ වසර 27 කට වැඩි පළපුරුද්දක් ඇත. ජයවර්ධන මහතා සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.
Mr. Abeynayake මහතාට මූල්‍ය කළමනාකරණය, අවදානම් කළමනාකරණය, න්‍යායාත්මක සැලසුම්කරණය, Treasury Management සහ ව්‍යාපෘති සැලසුම්කරණය යන ක්ෂේත්රවල ප්‍රධාන කළමනාකරණ තනතුරුවල නියුතු වසර 25කට අධික පළපුරුද්දක් පවතී. ඔහු Postgraduate Institute of Management (PIM), University of Sri Jayewardenepura මඟින් පිරිනමන Master of Business Administration (MBA) උපාධියක් ලබාගෙන ඇත. එමෙන්ම ඔහු Institute of Chartered Accountants of Sri Lanka සහ Institute of Certified Management Accountants of Sri Lanka ආයතනවල Fellow Member (FCA/FCMA) සාමාජිකයෙකි. ඔහු 1998 මාර්තු මාසයේදී Ceylinco Insurance PLC සමාගමේ Life Division එකට Financial Accountant ලෙස එකතු වූ අතර, පසුව සභාවේ සාමාජිකයෙකු ලෙස පත්වීමට පෙර බොහෝ ජ්‍යෙෂ්ඨ තනතුරුවල කටයුතු කළේය. අද වනවිට ඔහු සමාගමේ Deputy Chief Executive Officer ලෙස කටයුතු කරයි.
Samitha Hemachandra, Executive Director and Chief Operating Officer of Ceylinco Life, has over 25 years of experience in life insurance marketing and brand building. Since joining as Brand Manager in 2000, he has played a key role in maintaining the company’s market leadership for over two decades and in securing multiple Brand of the Year and Service Brand of the Year accolades from SLIM. A Fellow and Chartered Marketer of the Chartered Institute of Marketing (UK), he holds an MBA from the University of Western Sydney, Australia. Mr. Hemachandra also serves as a Director of Ceylinco Healthcare Services Ltd. and a Non-executive Director of Citizens Development Business Finance PLC (CDB).