ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත.
උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන ප්‍රදේශවල පැවැත්වූ අතර පසුව කැබිතිගොල්ලෑව, බෙලිඅත්ත සහ දෙනියාය යන ප්‍රදේශවලට සංක්‍රමණය විය. එමඟින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සඳහා සීමිත පහසුකම් ඇති පුද්ගලයින් 1,200 කට අධික පිරිසක් වෙත මෙම සේවාව ලබා දීමට හැකි විය.
‘වෛද්‍ය හමුව’ සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් හරහා බෝ නොවන රෝග කල්තියා හඳුනා ගැනීම අරමුණු කරගත් පුළුල් වූ වෛද්‍ය පරීක්ෂණ සහ රෝග විනිශ්චය සේවා පැකේජයක් පිරිනමයි. සහභාගී වූවන්හට අහඹු සහ නිරාහාර රුධිරගත සීනි පරීක්ෂණ, රුධිර පීඩනය පරීක්ෂාව, ECG පරීක්ෂණ, ක්ෂණික කොලෙස්ටරෝල් සහ නිදන්ගත වකුගඩු රෝග (CKD) සඳහා වූ මූත්‍රා පරීක්ෂණ ඇතුළු විවිධ පරීක්ෂණ සේවා සපයන ලදී. ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මිනුම් සහ අක්ෂිවල දෘශ්‍ය පරීක්ෂාවන් ද සිදු කරන ලදී. මෙම වසරේදී, සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනේ කොටසක් ලෙස හිමොග්ලොබින් පරීක්ෂණය ද හඳුන්වා දුන් අතර එමඟින් රක්තහීනතාවය සහ අනෙකුත් රෝග තත්ත්වයන්ට අදාල අතිරේක සෞඛ්‍ය ගැටළු ද හඳුනා ගැනීමට හැකි විය.
සෑම වෛද්‍ය කඳවුරක ම සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක කණ්ඩායම් සේවය ලබා දුන් අතර, ඔවුන් සෙලින්කෝ ලයිෆ් ශාඛා සේවකයින් සහ ප්‍රවර්ධන කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම සේවාවන් කාර්යක්ෂමව ලබා දුන්හ. පරීක්ෂණවලින් පසුව, සහභාගීවන්නන් හට ඔවුන්ගේ ප්‍රතිඵල වෛද්‍යවරුන් සමඟ සෘජුව ම සාකච්ඡා කිරීමට, අවස්ථාව සහ ඖෂධ සඳහා බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමට මෙන් ම නිදන්ගත රෝග වැළැක්වීම හෝ කළමනාකරණය කිරීම සඳහා වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට ඒ ඒ පුද්ගලයාට අදාල ලෙස මග පෙන්වීමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.
වෛද්‍ය කඳවුරු වලට සහභාගී වූවන් අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම, දිලීර ආසාදන, ඩිස්ලිපිඩේමියාව සහ හෘදය ආශ්‍රිත රෝග අතුළු මීට පෙර හඳුනා නොගත් රෝග ගණනාවක් ද සොයා ගැනීමට හැකි වූ බව සමාගම පවසයි. රජයේ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා දිගු කාලයක් බලා සිටීමට සිදු වීම හා පෞද්ගලික වෛද්‍ය සේවා සඳහා වැය වන අධික පිරිවැය හේතුවෙන් කාලෝචිත රෝග විනිශ්චයන් හා ප්‍රතිකාර සඳහා බාධාවක් වන කාලයක, මෙවැනි ප්‍රජා පාදක මැදිහත්වීම් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය, මෙවන් සොයාගැනීම් මගින් පෙන්වා දෙන බව ද සමාගම පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ප්‍රජාවන්ගේ පවුල් ගෙවතු වගා කිරීමට දිරිගන්වමින්, මෙම වසරේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සියලුම සහභාගීවන්නන්හට එළවළු බීජ පැකට් ද බෙදා දෙන ලදී. මෙම ප්‍රවේශයේ අරමුණ වන්නේ වඩා හොඳ පෝෂණයක්, ස්වයංපෝෂිත බවක් සහ දිගුකාලීන සෞඛ්‍යය ප්‍රවර්ධනයක් ඇති කිරීමයි.
සෙලින්කෝ ලයිෆ් හි ‘වෛද්‍ය හමුව’ වැඩසටහන දශක දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අතර, එම කාලය තුළදී ශ්‍රී ලංකාව පුරා 150,000 කට අධික පිරිසකට නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබා දී ඇත.
2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත්
ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.