විශ‍්‍රාම සැලසුම්

ඔබේ විශ්‍රාම දිවිය කල්ඇතුව සැලසුම් කිරීම, ඉතා වැදගත් ය. එහෙත් එය, සංකීර්ණ හෝ කාලය වැයවන කටයුත්තක් නොවිය යුතුය. එමෙන්ම එය ඔබේ වර්තමාන මූල්‍ය තත්ත්වයට බාධාවක් ද නොවිය යුතුය.

ඔබේ කැමතිම ආකාරයෙන් ඔබේ විශ්‍රාම දිවිය ගතකිරීම සඳහා අවස්ථාව උදාකරන, සරල සහ ඔබටම ගැළපෙන ආකාරයට සකස් කරගත හැකි ‘විශ්‍රාම සැලසුම් විසඳුම්’ සෙලින්කෝ ලයිෆ් සතුව ඇත.

ක්‍රියාත්මක වන ආකාරය

ඔබේ පෞද්ගලික ගිණුමට වාරික ගෙවීම මගින්, ඔබේ විශ්‍රාම දිවිය ගතකිරීමට ප්‍රමාණවත් වන අරමුදලක් ගොඩනංවා ගැනීමට සෙලින්කෝ ලයිෆ් විශ්‍රාම සැලසුම් උපකාර වේ.  මෙම අරමුදල, මාසිකව ප්‍රකාශයට පත්කරන සමුච්චිත අනුපාතයක් යටතේ, වර්ධනය වේ.

ඔබේ අරමුදල, සංයුක්තමය බලපෑමක් සහිතව වර්ධනය වෙන අතර, ඔබේ විශ්‍රාම දිවිය සතුටෙන් ගතකිරීමට ප්‍රමාණවත් වන ශක්තිමත් අරමුදලක් ක්‍රමක්‍රමයෙන් ගොඩනැගේ.

 

ප‍්‍රතිලාභ

ඔබේ ගිණුමේ ඇති ශේෂය රක්ෂණ කාලපරිච්ඡේදය පුරාම වර්ධනය වන අතර, එම කාලය අවසානයේ දී ඔබට සැලකියයුතු තරමේ විශ්‍රාම අරමුදලක් එක්‍ රැස්කරගත හැකිවේ. එවිට, ඔබට මෙම අරමුදල ආපසු ලබාගත හැකි ක්‍රම දෙකක් තිබේ. එනම්, අරමුදලේ මුළු මුදලම එකවර ලබාගැනීම හෝ මාසිකව විශ්‍රාම වැටුපක් ලබාගන්නා ආකාරයෙන් කාලාන්තරයක් මුළුල්ලේ ලබාගැනීම යි.

 

එසේම, විශ්‍රාම සැලසුමටම ඇතුළත් ජීවිත රක්ෂණ ආවරණයෙන් ඔබට සැලසෙන රැකවරණය නිසා ඔබට හොඳ සැනසිල්ලේ ජීවිතය ගතකිරීමට හැක.

උදාහරණය : රු. 5,000/-ක මාසික වාරිකයක් සඳහා, වයස අවුරුදු 60 දී හිමිවන කල්පිරීම් වටිනාකම

 

 

දැන් වයස7%9%
කල්පිරීමේදී ගෙවනු ලබන මුදල (රු.)
238,337,97813,432,364
257,259,67611,333,198
276,306,4729,545,038
295,463,8548,021,806

* මෙය කල්පිරීමේ ප්‍රතිලාභ සඳහා උදාහරණයක් පමණක් වන අතර, වෙළෙඳපොළ තත්ත්වයන් මත පදනම්ව සමාගම විසින් ප්‍රකාශයට පත්කරන මාසික සමුච්චිත අනුපාත අනුව සත්‍ය ප්‍රතිලාභය වෙනස්විය හැක.

රු.2,000,000/-ක තනි වාරිකයක් සඳහා, වයස අවුරුදු 60 දී හිමිවන කල්පිරීම් වටිනාකම :

දැන් වයස7%9%
කල්පිරීමේදී ගෙවනු ලබන මුදල (රු.)
3012,102,00021,094,000
358,892,00014,126,000
377,860,00012,034,000
396,948,00010,252,000

අයැදුම් කළ හැකි අය

අවුරුදු 18–65 අතර වයසේ ඕනෑම අයෙකුට මෙම සැලසුම ලබාගත හැක. මෙම සැලසුම ලබාගත හැකි අවම කාලය, වසර 5කි.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

 ඔබට අවශ්‍ය නම්, වාරික වශයෙන් කිසිවක් නොගෙවා ඒ වෙනුවට සැලකිය යුතු මුදලක් එකවරක් පමණක් ආයෝජනය කිරීමේ හැකියාව ද මෙහිදී ලබා දී ඇත.

 

ඔබට ඔබේ විශ්‍රාම සැලසුමේ ආයෝජනය තවදුරටත් ඉහළ නංවාගැනීමට අවශ්‍ය නම්, ඔබට හැකි ඕනෑම විටෙක එම අරමුදලට තව තවත් අමතර මුදල් එකතු කිරීමේ හැකියාවද ඇත.

 

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් විශ්‍රාම  සැලසුම් රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.