රන් දරු

දෙමාපියන් ලෙස ඔබ සෑමවිටම උත්සාහ කරන්නේ, අවහිරයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩසලසා, එමගින් අනාගතය ජයගැනීමේ මාවත විවර කරදීමටයි. අනාගත ජයග්‍රහණ කරායාමට ඔබේ දරුවන් දිරිගන්වන සහ ඒ සඳහා මූල්‍යමය සහයෝගය නොඅඩුව ලබාදෙන ශක්තිමත් සැලසුමක් ඔබ ළඟ තිබිය යුත්තේ, ඒ නිසයි.

සෙලින්කෝ ලයිෆ් ‘රන්දරු’, දරුවන්ගේ අනාගත අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා ඔබට ලබාගත හැකි අපූරු රක්ෂණ සැලසුමකි. ඒ අතරතුර කාලයේ දී, අනපේක්ෂිත ලෙස ඔබේ අභාවය සිදුවුවද දරුවාගේ අධ්‍යාපනික ඉදිරි ගමනට අවශ්‍ය මූල්‍ය රැකවරණය එමගින් හිමිවේ.

ක්‍රියාත්මක වන ආකාරය

ඔබේ දරුවාගේ අධ්‍යාපන ඉදිරි ගමනටත් ආදරණීයයන්ගේ ජීවිතවලටත් සවියක් වන අධ්‍යාපනික අරමුදල් 2ක් ගොඩනගාගැනීමේ අවස්ථාව, සෙලින්කෝ ලයිෆ් රන්දරු වෙතින් හිමිවේ.

ප‍්‍රතිලාභ

 රක්ෂණ ඔප්පු කාලය අතරතුර දී ඔප්පු හිමියාගේ අභාවය සිදුවුවහොත්, රන්දරු මූලික අධ්‍යාපන අරමුදල මගින් රක්ෂිත මුදල මෙන් 5 ගුණයක ප්‍රතිලාභයක් වහාම ඔබේ යැපෙන්නන්ට ගෙවන්නේ, අවහිරයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙනයෑම සඳහා ය.

 

රන්දරු උසස් අධ්‍යාපන අරමුදල – අවම වශයෙන් ඔප්පු වටිනාකමෙන් 5 ගුණයක් වේ. ඔබේ දරුවාගේ වයස අවුරුදු 18ක් වූ විට දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු, වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා හෝ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා එම අරමුදල ලබාදෙයි.

 

අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකින් ඔප්පු හිමියාගේ අභාවය සිදුවුවහොත්, මෙම අරමුදල දෙගුණකර ලබාදෙයි.

 

උදාහරණ: ඔබේ දරුවාට රන්දරු ප්‍රතිලාභ හිමිවන ආකාරය පහත දැක්වෙන වගුවෙන් නිරූපණය වේ.

අයැදුම් කළ හැකි අය

ඔබ අවුරුදු 18–60 අතර අයෙකු නම්, වසර 05–25 අතර කාලයක් සඳහා මෙම සැලසුම ලබාගත හැක. මෙහිදී ඔබේ දරුවාගේ වයස, මාස 6 සිට අවුරුදු 18 දක්වා අතර වියයුතුයි.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ, ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එක් කරගත හැකියි.

  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් යුගදිවි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් මේජර් සර්ජරි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි හොස්පිටල් කෑෂ්
  • සෙලින්කෝ ලයිෆ් එක්ස්ට‍්‍රා කවර්
  • සෙලින්කෝ ලයිෆ් හෙල්ත් සපෝට් ප්ලස්

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් රන්දරු  රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.