ප‍්‍රණාම ශිෂ්‍යත්ව

සෑම දෙමාපියෙකුගේ ම සිහිනය වන්නේ, තම දරුවන් විශිෂ්ටයන් වී ජීවිතයේ ඉහළම තලයේ බැබළෙනු දැකීමයි. ඕනෑම දෙමාපියෙකුගේ ජීවිතයේ ලොකුම සතුට එයයි.

 

ප්‍රණාම අධ්‍යාපනික ශිෂ්‍යත්ව මගින්, අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට සෙලින්කෝ ලයිෆ් හි අපි සැමවිටම සූදානම්.

 

ප්‍රණාම ශිෂ්‍යත්ව මගින්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස. (සා.පෙළ) සහ (උ.පෙළ) විභාගවලින් හෝ ක්‍රීඩා, නාට්‍ය, කලා හෝ නව නිපැයුම් සඳහා ජාතික/ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප්‍රතිඵල අත්කරගන්නා සෙලින්කෝ රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ට මූල්‍ය ශිෂ්‍යයත්ව පිරිනැමීමට කටයුතු කරයි.

 

අඛණ්ඩව වසර 23ක් තිස්සේ ප්‍රණාම ශිෂ්‍යත්ව අවස්ථා මගින්,  අපි ‘හෙට දවසේ නායකයින්ට’ අපගේ උපහාරය පුද කරමින් සිටින්නෙමු.

කාණ්ඩ

5 වසර ශිෂ්‍යත්ව (එකක් රු.240,000ක් වටිනා, ශිෂ්‍යත්ව 25ක්)

අයැදුම් කළ හැකි අය: සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියෙකුගේ දරුවෙකු කිසියම් දිස්ත්‍රික්කයකින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දී විශිෂ්ටතම දස්කම් දක්වන්නේ නම්, ඔහු/ඇය මේ ශිෂ්‍යත්ව කාණ්ඩය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 

ප‍්‍රතිලාභය: මසකට රු.4,000 බැගින්, වසර 5ක් දක්වා.

අ.පො.ස. (සා/පෙ) (එකක් රු.168,000ක් වටිනා, ශිෂ්‍යත්ව 25ක්)

අයැදුම් කළ හැකි අය: සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියෙකුගේ දරුවෙකු කිසියම් දිස්ත්‍රික්කයකින් අ.පො.ස. (සා/පෙ) විභාගයේ දී විශිෂ්ටතම දස්කම් දක්වන්නේ නම් ඔහු/ඇය මේ ශිෂ්‍යත්ව කාණ්ඩය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

මෙහිදී ඇගයීම කරන්නේ, විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන මූලික විෂයයන් හයේ ලකුණු එකතුව මතයි

ප‍්‍රතිලාභය: මසකට රු.7,000 බැගින්, වසර 2ක් දක්වා.

GCE (A/L) සඳහා ශිෂ්‍යත්ව 100ක් (එක් ශිෂ්‍යත්වයක් රු.120,000/- වටිනාකමක් ඇති)

අයැදුම් කළ හැකි අය: සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියෙකුගේ දරුවෙකු කිසියම් දිස්ත්‍රික්කයකින් අ.පො.ස. (උ/පෙ) විභාගයේ දී ඉසෙඩ් ලකුණු ක්‍රමයට අනුව විශිෂ්ටතම දස්කම් දක්වන්නේ නම් ඔහු/ඇය මේ ශිෂ්‍යත්ව කාණ්ඩය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

ප‍්‍රතිලාභය: සෑම විෂය ධාරාවකම උසම Z ලකුණ ලබාගත් සිසුවෙකුට එක්වර ගෙවීමක් ලෙස සිසුවන් හතරකට LKR 120,000ක් බැගින් ලබාදේ.

ජාතික කුසලතා සම්මාන (එකක් රු.50,000ක් වටිනා, ශිෂ්‍යත්ව 10ක්)

අයැදුම් කළ හැකි අය:

  • ජාතික හෝ අන්තර්ජාතික මට්ටමෙන් නිර්මාණශීලීත්වය හෝ නව නිර්මාණ සම්බන්ධ දක්ෂතාවන් මත ඇගයීමට ලක්වන දරුවන්
  • ඔලිම්පික් ක්‍රීඩා යටතේ කාණ්ඩ ගතකර ඇති ක්‍රීඩා සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලද දරුවන් හෝ ජාතික මට්ටමේ සම්මාන හිමිකරගත් දරුවන්
  • කලා, නාට්‍ය හෝ සංස්කෘතික ක්‍රියාකා රකම් සඳහා ජාතික හෝ අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීම හිමිකරගෙන ඇති දරුවන්.

ප‍්‍රතිලාභය:

එකක් රු.50,000ක් වටිනා, ශිෂ්‍යත්ව 10ක් (එකවරක්)

අතීත ප්‍රණාම මතකයන්