පෙන්ෂන් සේවර්

පෙන්ෂන් සේවර්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඇති ප්‍රමුඛතම විශ්‍රාම සැලැස්මයි. ඔබ කවදා හෝ ගතකිරීමට සිහින දකින සුවපහසු විශ්‍රාම ජීවිතය ගොඩනගාගැනීමට ඔබට සහය වන අතරේම මුහුණදීමට සිදුවිය හැකි අවිනිශ්චිතතාවන්ට එරෙහිව ඔබ සුරක්ෂිත කරවන පෙන්ෂන් සේවර්, අපූරු විශ්‍රාම මෙන්ම ජීවිත ආරක්ෂණ සැලැස්මක් ද වෙයි. සෙලින්කෝ ලයිෆ් පෙන්ෂන් සේවර්, ඔබේ ඉලක්ක නිදහසේ හඹා යා හැකි – කනස්සල්ලෙන් තොර විශ්‍රාම ජීවිතයක් භුක්තිවිඳීමට ඔබට උපකාරීවෙනවා.

අපෙන් ඔබට

වර්ධනය වන විශ්‍රාම අරමුදලක්

පෙන්ෂන් සේවර්, ඔබ ගෙවන ලද මූලික වාරිකය සඳහා සමාගම විසින් ප්‍රකාශයට පත්කරන මාසික ලාභාංශ අනුපාත මත ගොඩනැගෙන, වර්ධනය වන විශ්‍රාම අරමුදලක් ඔබට හිමිවන බව සහතික කරයි.

විශ්‍රාම අරමුදලට ඔබේ දායකත්වය, ඔබ විසින්ම තීරණය කළහැකි අතර, එයට මාසිකව, කාර්තුමය වශයෙන්, අර්ධ-වාර්ෂිකව හෝ වාර්ෂිකව දායකවිය හැකිය.

 

ජීවිත ආරක්ෂණ ප්‍රතිලාභය

මේ යටතේ, දැරිය හැකි වාරිකයක් සහිත ජීවිත රක්ෂණ ආවරණයක් ඔබට හිමිවේ. අනපේක්ෂිත ලෙස ඔබේ අභාවය සිදුවුණොත්, ඔබේ ආදරණීයයන් සඳහා යහපත් අනාගතයක් උදාවෙන බව එමගින් තහවුරු කෙරේ. රක්ෂණ කාලසීමාව තුළ ඔබේ අභාවය සිදුවුණොත්, ප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රතිලාභ:

 

  • මූලික රක්‍ෂණ මුදල

  • පවුල් ආරක්ෂණ ප්‍රතිලාභ

  • වාරික සහතික ප්‍රතිලාභය

  • විශ්‍රාම යන දිනයේ දී මාසික විශ්‍රාම වැටුපක් හෝ එකවර ගෙවීමක්

  • ලැබීමට හිමිකම් කියයි නම්, වෙනත් අතිරේක ප්‍රතිලාභ

සෞඛ්‍ය / අතිරේක ප්‍රතිලාභ

ඔබේ ජීවිතයට හොඳම සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් වෙතින් ලබාගත හැකි, අමතර සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගැනීමට ද මෙම සැලැස්ම අවස්ථාව උදාකරයි.

 

  • හදිසි මරණ ප්‍රතිලාභය
  • පූර්ණ / අර්ධ සහ ස්ථිර ආබාධිත ප්‍රතිලාභ
  • බරපතළ රෝග ප්‍රතිලාභය
  • හොස්පිටල් කෑෂ් ප්‍රතිලාභය
  • මේජර් සර්ජරි ප්‍රතිලාභ
  • වෛද්‍ය ප්‍රතිපූරණ ප්‍රතිලාභය

වාරික සහතික ප්‍රතිලාභය

අවාසනාවන්ත අභාවයක දී, විශ්‍රාම යාමට නියමිත දිනය දක්වා ඔබේ විශ්‍රාම අරමුදලේ මූලික වාරික ගෙවීම සෙලින්කෝ ලයිෆ් විසින් දිගටම කරගෙන යන අතර, එමගින් ඔබ නොමැති කාලය තුළ ද ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අරමුදල ගොඩනඟයි. පූර්ණ සහ ස්ථිර ආබාධිත වන අවස්ථාවක දී, මූලික වාරිකය මෙන්ම ජීවිත ආවරණය සඳහා වාරික ගෙවීම ද, සෙලින්කෝ ලයිෆ් විසින් ඔබ විශ්‍රාම යන දිනය දක්වා දිගටම කරගෙන යයි.

ළබැඳියා තිළින

නියමිත දිනට දින 180ක් තුළ ගෙවිය යුතු සියලු වාරික ඔබ ගෙවා ඇත්නම්, විශ්‍රාම අරමුදලට ඇති ඔබේ කැපවීම අගය කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් ඔප්පු කාලසීමාව තුළදී නියමිත කාලයකට වරක් ‘ළබැඳියා තිළින’ බැර කරයි. මෙමගින් ඔබේ විශ්‍රාම අරමුදල තව තවත් වර්ධනය වන අතර, ඒ සඳහා ඔබ කළයුත්තේ ඔබගේ සියලු වාරික නියමිත වේලාවට ගෙවීම පමණයි. ළබැඳියා තිළිනවල මුළු වටිනාකම රඳාපවතින්නේ, ඔප්පු කාලසීමාව සහ වාරික ගෙවීමේ ආකාරය මතයි.

විශ්‍රාම අරමුදලේ වර්ධනය

වෘත්තීය ආයෝජන කළමණාකරුවන් විසින් ඔබේ විශ්‍රාම අරමුදල ඉතා සැලකිල්ලෙන් යුතුව කළමනාකරණය කරයි. ඔබේ විශ්‍රාම අරමුදල මාසයෙන් මාසයට වර්ධනය වන බවට ඔවුන් වගබලාගන්නා අතර, කාලසීමාව  අවසානයේ දී ආකර්ෂණීය කල්පිරීමේ ප්‍රතිලාභයක් හිමිවන බවද තහවුරු කරයි.

විශ්‍රාම ප්‍රතිලාභ සඳහා උදාහරණයක්:

විශ්‍රාම අරමුදල සඳහා වාර්ෂික මූලික වාරිකය සහ මූලික රක්ෂිත මුදලලෝයල්ටි ත්යාගසියලු වාරික (රු.) ගෙවීමෙන් පසු වසර 20 අවසානයේ දී අරමුදල් සහ මූලික සහතික කළ සම්පූර්ණ ලෝයල්ටි ත්යාග (ආපසු) (පරිණත වටිනාකම + ලෝයල්ටි ත්යාග)
4%8%12%
100,0001,150,0003,754,7735,301,3267,801,698
250,0002,875,0009,419,70713,298,75419,569,336
500,0005,750,00018,861,26526,627,79939,182,067

ඉහත දැක්වෙන්නේ, වාර්ෂිකව 4%, 8%, 12% යන උපකල්පිත ලාභාංශ අනුපාත මත, සියලු කළමනාකරණ ගාස්තුවලින් පසුව සහ සියලු වාරික අදාළ නියමිත දිනට ගෙවනු ඇතැයි කරන ලද උපකල්පන මත පදනම් වූ උදාහරණයක් පමණි. තවද, ඉහත උපකල්පනය කරන ලද ලාභාංශ අනුපාත සහතික කර නොමැති අතර පවතින වෙළෙඳපොළ තත්ත්වයන්ගේ උච්චාවචනයන්ට යටත් වේ. සමාගම විසින් ගෙවන සැබෑ කල්පිරීමේ ප්‍රතිලාභ තීරණය වන්නේ, ප්‍රකාශයට පත්කරන සැබෑ ලාභාංශ අනුපාත මතයි. 

ඉහත විදහා දක්වන අගයන්, වාරික ගෙවීමට තෝරාගත් ක්‍රමය මත වෙනස් වේ. (එනම්, අර්ධ-වාර්ෂික, කාර්තුමය හෝ මාසික)

ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා උදාහරණ:

 

අන්තර්ගත ආරක්ෂණ ප්‍රතිලාභ
ප්‍රතිලාභියාගේ මරණය

මරණ ආවරණය (මූලික රක්‍ෂණ මුදල + අමතර ජීවිත පරිවර්තකය)

රු.1,000,000*

  • වාරික සහතික ප්‍රතිලාභ (PAB)

ප්‍රධාන ජීවිත රක්‍ෂණ ලාභියාගේ මරණය සිදුවූ හෝ පූර්ණ ස්ථීර ආබාධිත තත්ත්වයට පත්වූ අවස්ථාවක දී, වාරික ගෙවීමෙන් නිදහස් කෙරෙන අතර, විශ්‍රාම අරමුදල ගොඩනැගීම අඛණ්ඩව සිදුවනු ඇත.

*ජීවිත රක්‍ෂණලාභියා විසින්, මරණ ආවරණයේ ප්‍රමාණය තීරණය කළහැක.

වාර්ෂික මූලික වාරිකය වන රු.100,000, මූලික රක්‍ෂණ මුදල සහ ඔබේ විශ්‍රාම අරමුදල ගොඩනැගීමට ආවරණය සැපයීමට යොදාගැනේ. ‘අතිරේක ජීවිත ආවරණය’සහ ‘වාරික සහතික ප්‍රතිලාභ’ සඳහා වාරික ද ඇතුළුව, වාර්ෂික සම්පූර්ණ වාරිකය රු. 113,352 කි.