බරපතළ සැත්කම් ප‍්‍රතිලාභය

සැත්කමකට භාජනයවීම ඕනෑම අයෙකුට ජීවිතයේ දී මුහුණදීමට වියහැකි අභියෝගයක් වන අතර, එය වඩාත් අභියෝගාත්මක වන්නේ වැඩිවෙන සෞඛ්‍ය සේවා වියදම් හමුවේ ය. ඒ හා බැඳුණු ප්‍රතිකාර වෙනුවෙන් එකවර විශාල ලෙස මුදල් වැයකරන්නට වීම, ඔබට පහසු කටයුත්තක් නොවිය හැක.

 

සෙලින්කෝ ලයිෆ් ‘මේජර් සර්ජරි’ – බරපතළ සැත්කම් සඳහා ලබාදෙන ප්‍රතිලාභය මඟින් ඔබේ සැත්කම් 500කටත් වැඩි ප්‍රමාණයකට ආවරණය ලබාදෙයි. එනිසා, ඔබත් ඔබේ පවුලේ ආදරණීයයනුත්  මත පැටවීමට ඉඩ තිබූ දැවැන්ත මූල්‍ය බරකින් නිදහස් විය හැකිබව දන්නා නිසා දැන් ඔබට සිත සැනසිල්ලේ සිටිය හැක.

ක්‍රියාත්මක වන ආකාරය

‘බරපතළ සැත්කම් ප්‍රතිලාභය’ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සැලසුම් සියල්ලටම පාහේ එකතුකර ගතහැකි අතර එහි වාරිකය තීරණය වන්නේ, ඔබේ වයස, රක්ෂණ කාලසීමාව සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද ඇතුළු වෙනත් සාධක අනුවයි.

ප‍්‍රතිලාභ

මෙමඟින් ලොකු කුඩා සැත්කම් 526ක් සඳහා, ඔබටත් ඔබේ පවුලේ අයටත් ආවරණය සැලසේ.

 

උද්ධමනය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි මිල වැඩිවීම් නිසා ඔබ අපහසුතාවට පත්වීම වැළැක්වීමට, මේ සැලසුම සකසා ඇත්තේ මුල් රක්ෂිත මුදල වාර්ෂිකව 10% බැගින් ඉහළයන ආකාරයටයි.

මූලික රක්ෂිත මුදල මෙන් 3 ගුණයක් දක්වා ඔබට මෙම සැලසුමෙන් හිමිකම් ඉල්ලාසිටිය හැකි අතර, ඔබේ සහකරු/ සහකාරිය සහ දරුවන් සඳහා ද මෙම ආවරණය ලබාගත හැක.