රෝහල් ගාස්තු ප‍්‍රතිලාභය

ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකු රෝහල්ගත කිරීම, ඔබේ ජීවිතයේ ඔබ මුහුණදෙන දුෂ්කර අවස්ථාවකි. සැනසිල්ලකට ඇත්තේ, වෛද්‍ය සේවාවේ දියුණුව සහ ඕනෑම රෝගයකට ප්‍රතිකාර කළහැකි අතිනවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබීමත්, පිරිසිදු හා සුවපහසුකම් සපිරි රෝහල් තිබීමත් ය. එහෙත්, නේවාසික වෛද්‍ය ප්‍රතිකාර හා රෝහල් පහසුකම්වල වේගවත් නවීකරණයත් සමගම, රෝහල් ගතවීමක දී දැරීමට වන වියදම් ද ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇතිබව නොරහසකි. එබැවින්, අනාගතයේ දී ඔබට ඒ වෙනුවෙන් මුහුණදීමට වියහැකි වියදම වෙනුවෙන්, යම් ආකාරයක මූල්‍ය පිටිවහලක් පවත්වාගැනීම නුවණට හුරු ය.

එවැනි අවස්ථාවලදී, ඔබටත් සහ ඔබේ පවුලේ ආදරණීයයන්ටත් සෙලින්කෝ ලයිෆ් ‘රෝහල් ගාස්තු’ රැකවරණය සලසාගන්න දැන් ඔබට පුළුවන්.

 

ක්‍රියාත්මක වන ආකාරය

‘හොස්පිට්ල් කෑෂ්/ රෝහල් ගාස්තු’ ප්‍රතිලාභය, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සැලසුම් සියල්ලටම පාහේ එකතුකර ගතහැකි අතර එහි වාරිකය තීරණය වන්නේ, ඔබේ වයස, රක්ෂණ කාලසීමාව සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද ඇතුළු වෙනත් සාධක අනුවයි.

රෝහල්ගත වීමේ දී රු.12,500 දක්වා වන දෛනික මුදල් ප්‍රතිලාභයක් ඔබට ලැබෙන අතර, මෙම ප්‍රතිලාභය වසරේ දින 365 පුරාම ඔබට ආවරණය ලබාදෙයි.

ප‍්‍රතිලාභ

මුළු ජීවිත රක්ෂණ ආවරණයෙන් 1%ක සිට රු. 12,500ක උපරිමයක් දක්වා මෙමගින් ඔබට ආවරණය හිමිවන අතර, මේ සැලසුම සකසා ඇත්තේ උද්ධමනය සඳහා ගැළපෙන සේ රක්ෂිත මුල් මුදල වාර්ෂිකව 5% බැගින් ඉහළයන ආකාරයටයි.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමට සිදුවුවහොත් ඉහත මුදලට අමතරව තවත් රු.5,000ක දෛනික ගෙවීමක් ඔබට හිමිවේ.