ෆැමිලි සවාරි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම්වලින් කරන සියලු පාරිභෝගික ප්‍රවර්ධන හා පාරිභෝගික ළබැඳියා අතරින් විශාලතම වැඩසටහන, සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ය.

අඛණ්ඩව වසර ගණනක් පුරා සෙලින්කෝ ලයිෆ් පවත්වාගෙන එන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් සමග විශ්වාසයෙන් යුතුව රැඳීසිටින පාරිභෝගිකයන්ට, ලොව පුරා රටවල් ගණනාවකට විස්මිත විදේශ සවාරි පිරිනමා ඇති අතර, ඊට අමතරව වටිනා රන්කාසි දිනාගැනීමටත්, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් ගැනීමටත් අවස්ථාව උදාකරදී ඇති අතර තවත් ත්‍යාග රාශියක් පිරිනමා ඇත. ඒ නිසා, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි, රක්ෂණ ඔප්පු හිමියාට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ මුළු පවුලටම ජීවිත කාලයක් පුරා පවතින මිහිරි මතකයන් නිර්මාණය කරන අපූරු ප්‍රවර්ධන වැඩසටහනකි.

ෆැමිලි සවරි 2024 දීත් අඛණ්ඩව 19 වන වතාවට ආරම්භ විය! ජයග්‍රාහකයින් 1,000 දෙනා (පවුල් 250) සඳහා ශ්‍රී ලංකාවේ Pearl Bay Water Park හි සතුට සහ විනෝදයෙන් පිරුණු දිනයක් නියමිතය.


ඉතාමත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 40 දෙනා (පවුල් 10) සම්පූර්ණ වියදම ගෙවා Malaysia සංචාරයකට යවනු ලබන අතර, ජයග්‍රාහකයින් 20 දෙනා (පවුල් 5) සම්පූර්ණ වියදම ගෙවා China සංචාරයකට යවනු ලබයි!

ත්‍යාග පහත පරිදි වේ!

 ඔබට අවශ්‍ය සියලුම තොරතුරු සඳහා පිටපත බාගත කර බලන්න

අතීත ෆැමිලි සවාරි මතකයන්