Easy Life
සැලසුම පිළිබඳ විස්තර
ආරක්‍ෂිත ජීවිතයක් ගෙවීමට, සුවිශේෂී රක්ෂණාවරණයක් ලබා ගන්න.ඔබට දැරිය හැකි ආකාරයට ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍ය සුරකින්න. පිළිකා / මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් (Myocardial Infarction) / ආඝාතය (Stroke) / ප්රධාන අවයව බද්ධ කිරීම (Major Organ Transplant)/ කිරීටක ධමනි ආශ්‍රිත ශල්‍යකර්ම (Coronary Artery Surgery) (එකක් හෝ ඊට වැඩි ගණනක්)/ වකුගඩු ක්‍රියාවිරහිත වීම් (Renal Failure) වැනි ප්‍රධාන අසාධ්‍ය රෝග 6ක් මෙම රක්ෂණාවරණය මගින් වාර්ෂිකව ආවරණය කෙරෙයි. එසේම, ස්වභාවිකව හෝ හදිසි අනතුරකින් හෝ සිදුවන මරණයකදී මුල්‍ය සහය ද ලබා දේ. වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නැත. ඒ නිසා ලියාපදිංචි වීම ඉතා පහසුයි. වයස අවුරුදු 18 සිට 55 දක්වා කාලය අතර දී ඔබට මෙම රක්ෂණාවරණය ලබා ගත හැකිය. ඉදිරි ගමන් වෙත සිත යොමු කල යුතු මොහොතක සිත නිදහසින් වැඩ කරන්නට අවශ්‍ය ආරක්ෂාව ඔබට ලබාදෙන මෙම රක්ෂණාවරණය සැබවින්ම කාලෝචිත තීරණයකි.
රක්ෂණාවරණයට සුදුසුකම් ලැබීම
1. සෙලින්කෝ ලයිෆ් Easy Life රක්ෂණාවරණය යනු කුමක් ද?
සෙලින්කෝ ලයිෆ් Easy Life රක්ෂණාවරණය යනු, PickMe ගනුදෙනුකරුවන් සඳහා නිර්මාණය කල සුවිශේෂී රක්ෂණාවරණයකි. පහත සඳහන් අනපේක්ෂිත සිදුවීම් වල දී මුල්‍ය ආරක්ෂාවක් ලබා දීම එමගින් සිදු කරයි:
- මරණයට පත් වූ විට ලැබෙන ප්රතිලාභය
- අහඹු මරණ ප්‍රතිලාභය
- ප්‍රධාන අසාධ්‍ය රෝග හයෙන් එකක් සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීම හෝ ශල්‍යකර්මයක් සිදු කිරීම
අසීරු කාල වලදී ඉටු කල යුතු මුල්‍ය වගකීම් ඔබට සහ ඔබේ පවුලේ යට පාලනය කරගත හැකි බවට මෙම සැලසුම මගින් සහතික කෙරෙයි.ඔබ උපයන අතරවාරයේ, ආරක්‍ෂිත ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව සලසන, ඔබට දැරිය හැකි හා සරල රක්ෂණාවරණයකි මෙය.
2. ඊට වයස් සීමාවක් තිබේ ද?
ඔව්. මෙම රක්ෂණාවරණය සඳහා අයදුම් කිරීමට නම් ඔබගේ ඊළඟ උපන්දිනයේදී ඔබේ වයස අවුරුදු 18 සිට 55 දක්වා විය යුතු වේ.
ඔබට ලැබෙන ආරක්ෂාව
1.මා හට මිල දී ගත හැකි රක්ෂණාවරණයේ රක්ෂිත මුදල (sum assured) කොපමණද?
පහත පරිදි, මිලදී ගනු ලබන සැලසුම් වර්ගයට අනුව රක්ෂිත මුදල ස්ථාවර වේ:
පිරිනමන ප්‍රතිලාභ |
මරණයට පත් වූ විට ලැබෙන ප්රතිලාභය |
අහඹු මරණ ප්‍රතිලාභය |
අසාධ්‍ය රෝග පිලිබඳ ආවරණය |
|---|---|---|---|
|
ප්‍රයිමරි (Primary) |
100,000 |
100,000 |
100,000 |
|
ක්ලැසික් (Classic) |
200,000 |
200,000 |
200,000 |
|
සිග්නේචර් (Signature) |
300,000 |
300,000 |
300,000 |
|
සුපිරියර් (Superior) |
400,000 |
400,000 |
400,000 |
|
ප්‍රිමියර් (Premier) |
500,000 |
500,000 |
500,000 |
2. ලබාදෙන ආවරණ/ප‍්‍රතිලාභ මොනවාද?
පහත සඳහන් සිදුවීම් වල දී මූල්‍ය සහය ලබාදීම මෙම රක්ෂණ සැලසුම මගින් සිදු කරයි:
මරණයට පත් වූ විට ලැබෙන ප‍්‍රතිලාභය – ඔබ මරණයට පත්වවුහොත්, මරණයට පත් වූ විට ලැබෙන ප‍්‍රතිලාභයට සමාන ගෙවීමක්, ඔබේ පවුල වෙත එකවර ගෙවීම සිදු කරනු ලබයි.
- අහඹු මරණ පිළිබඳ ප‍්‍රතිලාභය – හදිසි අනතුරකින් ඔබ මරණයට පත්වුවහොත් (අහඹු මරණයක්), මරණයට පත් වූ විට ලැබෙන ප‍්‍රතිලාභ මුදලට සමාන අතිරේක ගෙවීමක් සිදු කරයි.
- අසාධ්‍ය රෝග පිළිබඳ ආවරණය – පහත සඳහන් ප‍්‍රධාන රෝග අතරින් ඕනෑම එකක් සම්බන්ධයෙන් රෝග විනිශ්චයක් හෝ ශල්‍යකර්මයක් හෝ ඔබ පිළිබඳ සිදු කරන ලද අවස්ථාවක, ඔබට ගෙවීමක් ලැබෙනු ඇත:
- පිළිකා (Cancer)
- හෘදයාබාධ (Myocardial Infarction)
- ආඝාතය (Stroke)
- ප්රධාන අවයව බද්ධ කිරීම (Major Organ Transplant)
- කිරීටක ධමනි ආශ්‍රිත ශල්‍යකර්ම (Coronary Artery Surgery)
- වකුගඩු ක්‍රියා විරහිත වීම (Renal Failure)
3. මා වෙත ආරක්ෂණය ලැබීම ආරම්භ වන්නේ කොතැන් සිට ද?
පහත කරුණු සම්පූර්ණ වීමේ දී , ඔබේ රක්ෂණාවරණයේ බලපැවැත්වීම ආරම්භ වේ:
- ඔබ විසින් ඔබගේ රක්ෂණාවරණය පිළිගෙන, පළමු වාරිකය ගෙවීම සිදු කළ පසුව, සහ
- ඔබ විසින් ඔබගේ රක්ෂණාවරණය පිළිගත් බවට තහවුරු කරමින්, ඔබේ රක්ෂණ සහතිකය නිකුත් කිරීම සිදු කළ පසුව.
4. මෙම රක්ෂණාවරණය සම්බන්ධ පොරොත්තු කාලසීමාවන් (waiting periods) මොනවා ද?
- අහඹු මරණ පිළිබඳ ප‍්‍රතිලාභය සම්බන්ධයෙන් හැරෙන්නට අනෙකුත් සියලූම ප‍්‍රතිලාභ (එනම්, ආවරණයන්) සම්බන්ධයෙන්, ආවරණය පිළිගත් දිනයේ සිට දින-90ක පොරොත්තු කාලසීමාවක් පවතියි.
- මෙයින් අදහස් වන්නේ, මරණයට පත් වූ විට ලැබෙන ප්රතිලාභය (අහඹු-නොවන) හෝ අසාධ්‍ය රෝග පිළිබඳ ආවරණය හෝ සම්බන්ධයෙන් හිමිකම් පෑම් සිදු කළ හැකි වන්නේ මෙකී පොරොත්තු කාලසීමාවෙන් පසුව බවයි.
- රක්ෂණාවරණය සක‍්‍රීය කළ වහාම, අහඹු මරණ පිළිබඳ ප‍්‍රතිලාභය සඳහා හිමිකම් පෑමේ හැකියාව හිමි වේ. සම්පූර්ණ විස්තරය සඳහා, කරුණාකර ඔබේ රක්ෂණ ඔප්පුව බලන්න.
5. කෙතරම් කාලසීමාවක් සඳහා මා හට ආරක්ෂණය ලැබෙනවාද?
සහතිකය බලපැවැත්වීමේ දින සිට වසර එක (01) ක කාලයක් සඳහා මෙම සැලසුම මගින් ඔබට ආරක්ෂණය හිමි වේ.
ගාස්තු සහ අය කිරීම්
1. මෙම සැලසුම සම්බන්ධයෙන් මාගේ වාරිකය ගණනය කෙරෙන්නේ කෙසේද?
මෙය, වාර්ෂික වාරික රක්ෂණ ඔප්පුවකි (annual premium policy). එනම්, ඔබේ රක්ෂණාවරණය සම්බන්ධයෙන් ඔබ විසින් ගෙවනු ලබන්නේ එක් වසරකට එක් වරක් පමණි. ඔබේ වාර්ෂික වාරික මුදල පදනම් වන්නේ, මෙම සැලසුමට ඔබ සම්බන්ධ වන අවස්ථාවේ වන ඔබේ වත්මන් වයස අනුව ය. ඔබ වයසින් වැඩි වනවිට, ඔබේ වාර්ෂික වාරික මුදල ද ඉහළ යා හැකිය.
2. හිමිකම් පෑමක් මා වෙත ගෙවීමෙන් පසුව මාගේ රක්ෂණ ඔප්පුවට සිදු වන්නේ කුමක් ද ?
හිමිකම් පෑමක් සිදු කළහොත් (මරණයට පත් වූ විට ලැබෙන ප‍්‍රතිලාභය හෝ අසාධ්‍ය රෝග රක්ෂණාවරණය සඳහා), ඒ සම්බන්ධයෙන්
ගෙවීම සිදු කිරීමෙන් පසුව, රක්ෂණ ඔප්පුව ස්වයංක‍්‍රීයවම අවසන් කෙරෙයි.
3. මාගේ වාරිකය සම්බන්ධයෙන් මම ගෙවීම කරන්නේ කෙසේද?
PickMe යෙදුම මගින්, පහත දෑ භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකියි:
A. ක්‍රෙඩිට් කාඞ්පත
B. ඩෙබිට් කාඞ්පත
හිමිකම් පෑමක් සිදු කිරීම
මට යමක් සිදු වූ විටෙක, මුදල් ලැබෙන්නේ කා හට ද?
අසාධ්‍ය රෝග සම්බන්ධයෙන් වන හිමිකම් පෑමක දී, අසාධ්‍ය රෝගය පිළිබඳ රෝග විනිශ්චය කිරීමෙන් අනතුරුව, ජීවිත රක්ෂිතයා වෙත අප විසින් ගෙවීම සිදු කරනු ලබයි . මරණය සම්බන්ධයෙන් වන හිමිකම් පෑමක දී, ඔබ විසින් නම් කරන ලද නාමිකයා වෙත අප විසින් ගෙවීම සිදු කරන ු ලබයි.
හිමිකම් පාන්නා විසින් සෙලින්කෝ ලයිෆ් වෙත ඒ බව දැනුම්දීම සිදු කළ යුතු අතර, ඔවුන්ගේ හිමිකම් පෑම සනාථ කිරීමේ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතු වේ. වැඩි විස්තර සඳහා, කරුණාකර රක්ෂණ ඔප්පුවේ 1 වන ඇමුණුම බලන්න.
2. මාගේ නාමිකයා, මට වෙනස් කළ හැක්කේ කෙසේද?
නාමිකයන් සඳහා වන පෝරමය නැවත සම්පූර්ණ කිරීම මගින් ඔබගේ වත්මන් නාමිකයා වෙනස් කිරීමේ හැකියාව ඔබට ඇත. පහත දී ඇති බොත්තම Click කර අදාළ පෝරමය බාගැනීමට ඔබට හැකියි. ඔබේ (රක්ෂණාවරණය හිමි පුද්ගලයාගේ) ජාතික හැඳුනුම්පත සමගින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද
එම පෝරමය ද රැගෙන, ළඟම පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා කාර්යාලය වෙත ගොස් භාරදෙන්න.
3. මාගේ නාමිකයා සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය විස්තර මොනවාද?
අවශ්‍ය විස්තර යනු, නාමිකයාගේ සම්පූර්ණ නම, උපන්ද ිනය, ජාතික හැඳුනුම්පත් අංකය, නාමිකයා හා ඔබ අතර පවතින සබඳතාව, නාමිකයාට හිමි විය යුතු කොටසෙහි ප‍්‍රතිශතය ය ි. හිමිකම් පෑම් සම්බන්ධයෙන් ඉතාමත් නිවැරද ිව හා කඩිනමින් කටයුතු කිරීමට මෙම තොරතුරු අපට උපකාරී වනු ඇත.
4. හිමිකම් පෑමක් ඉදිරිපත් කරන්නේ කෙසේද?
හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීමේ දී, හිමිකම් පෑම් පිළිබඳ අපගේ ක‍්‍රියාවලිය අනුගමනය කරන්න. පහතින් දී ඇති බොත්තම Click කර අදාළ පෝරමය බාගැනීමේ හැකියාව ඔබට ඇත. නිසි ලෙස සම්පූර්ණ කරන ලද පෝරමය, කරුණාකර ළඟම පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා කාර්යාලය වෙත ගොස් භාරදෙන්න.
5. ඉදිරිපත් කළ හිමිකම් පෑම පිළිබඳ තත්ත්වය මා විසින් පරීක්ෂා කරන්නේ කෙසේද?
හිමිකම් පෑම ඉදිරිපත් කිරීමෙන් පසුව ඔබේ හිමිකම් පෑම පිළිබඳ තත්ත්වය, පහත දක්වා ඇති විකල්ප හරහා ඔබට පරික්ෂා කළ හැකිය ි:
දුරකථනය මගින්: 0112 461 461; ඊමේල් මගින්: care@ceylife.lk, service@ceylife.lk
6. සෙලින ්කෝ ලයිෆ් PickMe සමූහ ආරක්ෂණය (Ceylinco Life PickMe Group Protection) යටතේ වන ප‍්‍රතිලාභ ගෙවීමක් සිදු නොකරන යම් තත්ත්වයක් පවතී ද?
කරුණාකර, රක්ෂණ ඔප්පුවට අදාළ නීතිරීති සහ කොන්දේසි බලන්න.
අවසන් කිරීම සහ අවලංගු කිරීම
1. මාගේ රක්ෂණාවරණය අවසන් කෙරෙනු ඇත්තේ කුමන තත්ත්වයන් යටතේ ද?
පහත සඳහන් අවස්ථාවන් හි දී, ඕනෑම රක්ෂිත සාමාජිකයකුගේ රක්ෂණාවරණය වහාම සහ ස්වයංක‍්‍රීයව අවසන් වේ:
a. රක්ෂිත සාමාජිකයා සම්බන්ධයෙන් මරණය හෝ අසාධ්‍ය රෝග පිළිබඳ හිමිකම් පෑමක් යන දෙක අතරින් පළමුව සිදු වන සිදුවීමෙන් පසුව.
b. වයස අවුරුදු 56ට එළඹීමෙන් පසුව.
c. රක්ෂණ සහතිකයේ කල් ඉකුත්වී දින 30ක් ඇතුළත රක්ෂණාවරණය අලූත් නොකළහොත්.
d. ඊළඟ රක්ෂණ ඔප්පු සංවත්සර දින දී රක්ෂණාවරණය නතර කිරීමට සමාගම විසින් තීරණය කළහොත්.
2. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සැලසුම් ගැන වැඩි විස්තර දැනගැනීමට කැමැත්තෙමි. මා සම්බන්ධ විය යුත්තේ කා සමග ද?
අපගේ විකුණුම් උපදේශකවරුන් සමග ඔබව සම්බන්ධ කිරීමේ හැකියාව අපට ඇත. සෙලින්කෝ ලයිෆ් සැලසුම් පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර https://www.ceylincolife.com/ සබැඳිය මත ක්ලික් කර අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න, නැතහොත් අංක 011 2 461 461 ඔස්සේ අප අමතන්න.