You are currently viewing NAFLIA 2025 උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් සම්මාන 14 ක් සමඟින් ඉහළ කීර්තියක් ලබයි
සමාගමේ නියෝජිතයින් සහ සම්මාන ප්‍රදානය කරන්නන් සමඟින් එක් එක් කාණ්ඩවල ඉහළම ජයග්‍රහණ ලබාගත් සෙලින්කෝ ලයිෆ් හි තිදෙනා.

NAFLIA 2025 උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් සම්මාන 14 ක් සමඟින් ඉහළ කීර්තියක් ලබයි

  • Post author:
  • Post category:Uncategorized
Share On

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය.

මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ නියෝජිතයින් කිහිප දෙනෙකු ජාතික සම්මාන ද දිනා ගැනීම විශේෂත්වයක් විය. ඔවුන් මහා පරිමාණ සමාගම් අතරින් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ රක්ෂණ සමාගම්වල වෘත්තිකයින් ද අභිභවා යාම ඔස්සේ සමාගමේ පුහුණු සංස්කෘතිය, උපදේශක ජාලය සහ විශිෂ්ඨත්වයේ ප්‍රමිතීන් විදහා දක්විණ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී රංග අබේනායක මහතා මෙසේ පැවසීය,“වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත්, ඉහළ පුහුණුවක් ලැබූ, සදාචාරාත්මක විකුණුම් නිළධාරීන් කණ්ඩායමක් ඕනෑම සමාගමකට මිල කළ නොහැකි වත්කමක් වේ. මෙම සම්මාන මගින් පුද්ගල විශිෂ්ටත්වය, විශිෂ්ට කණ්ඩායම් හැඟීම සහ ප්‍රබෝධමත් නායකත්වය සමඟින් විශ්මයජනක ප්‍රතිඵල අත්කරගත හැකි බව මනාව පෙන්නුම් කරයි. අපගේ සියලු ම ජයග්‍රාහකයින්ට අපගේ සුබ පැතුම්.”

විකුණුම් උපදේශක (බැංකු රක්ෂණ නොවන) කාණ්ඩයේ ඉහළම සම්මානය සෙලින්කෝ ලයිෆ් හි ඒ. එස්. හෙට්ටිආරච්චි මහතා දිනාගත් අතර සියලු කර්මාන්ත මට්ටම් අතරින් ඔහුගේ කාණ්ඩය සඳහා ජාතික සම්මානලාභියා ලෙස ද ඔහු කිරුළු පැළඳී ය. ඔහුගේ සමවෘත්තිකයින් වන ඒ. අයි. පී.

මංජුල මහතා සහ වයි. එල්. ඒ. එම්. සී. යකන්දාවල මහතා පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් අතර ජාතික සම්මාන කාණ්ඩයේ ද ඒ අයුරින් ම සම්මානයට පාත්‍ර වූයේ සෑම මට්ටමක දී ම සමාගමේ ශක්තිය අවධාරණය කරමිනි.

විකුණුම් අධීක්ෂණ (බැංකු රක්ෂණ නොවන) කාණ්ඩයේ ජයග්‍රහකයා ලෙස ආර්. පී. එදිරිසිංහ මහතා තේරී පත් වූ අතර එම කාණ්ඩයේ ජාතික සම්මානලාභියා ලෙසද ඔහු තවදුරටත් ගෞරව ලැබීය.

සමාගමේ ආධිපත්‍යය ශාඛා ප්‍රධානී (බැංකු රක්ෂණ නොවන) කාණ්ඩය දක්වා ද විහිදී ගියේ එස්. දර්ශන් මහතා මෙම කාණ්ඩයේ ජයග්‍රහකයා මෙන් ම ජාතික සම්මානලාභියා බවට ද පත් වීමෙනි. තව ද ආර්. පී. එල්. ධම්මික මහතා තෙවන ස්ථානය දිනාගත් අතර ජාතික සම්මාන කාණ්ඩයේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තේ ය.

සෙලින්කෝ ලයිෆ් හි නැගී එන දක්ෂතා ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර වේගවත් ආරම්භකයා සම්මාන කාණ්ඩයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් බී. වනති මහත්මිය සහ එස්. කාංචනා මහත්මිය විසින් දිනා ගන්නා ලදී.

ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්ව සිටියි. මෙම වසර ආරම්භයේ දී ම සමාගම ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන පද අතර සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය බවට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ අතර මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස එහි ස්ථාවරය නැවතත් තහවුරු කලේය.

සමාගම 2022 සහ 2023 වසරවලදී ද ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස සමාගම තේරී පත් වූ අතර 2023 වසරේ දී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ

ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කරන ලදී.