සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි.
දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම් පුද්ගලයින් 37000 ක පමණ සංඛ්‍යාවකගේ ජීවිත ස්පර්ශ කරමින් සාම්ප්‍රදායික ත්‍යාගවලින් වෙනස් වූ අත්දැකීම් ලබා දෙමින් ෆැමිලි සවාරි වැඩසටහන ප්‍රචලිත වී ඇත. 2026 වර්ෂය සඳහා ෆැමිලි සවාරි සංචාරක ගමනාන්ත නිවේදනය කිරීමත් සමඟ මෙම උද්යෝගය නොකඩවා පවතී.
ෆැමිලි සවාරි 19 වැඩසටහන තුළින් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සඳහා චීනයේ බීජිං වෙත සියලු වියදම් සහිත නිවාඩුවක් හිමි වන අතර ඔවුන්ට බීජිං නගරයේ සංස්කෘතිය සහ ලෝක ප්‍රසිද්ධ ස්ථාන ගවේෂණය කිරීමට අවස්ථාව හිමි වනු ඇත. 40 දෙනෙකුගෙන් සමන්විත තවත් පවුල් 10 ක් විදේශීය විනෝද චාරිකාවක් ලෙස මැලේසියාව බලා යන අතර පුද්ගලයින් 1000 කගෙන් පමණ පිරිසක් එනම් පවුල් 250 ක් බණ්ඩාරගම පර්ල් බේ ජල උද්‍යානයේදී අසමසම අත්දැකීම් වලින් පිරුණු දිනයක් භුක්ති විඳිනු ඇත.
මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ 2026 වර්ෂයේ ජනවාරි මාසයේදී පැවැත්වෙන මහා දිනුම් ඇදීමක් මඟිනි.
“ෆැමිලි සවාරි යනු සංචාරය කිරීම ගැන පමණක් අවධානය යොමු කළ වැඩසටහනක් නොව, එය පවුලේ සමාජිකයන් සමීප කරවන අත්දැකීම් සහ ජීවිත කාලය පුරාම පවතින මතකයන් නිර්මාණය කිරීමට අවස්ථාවන් ලබා දීමක්,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. “මෙම වසරේත් ජයග්‍රහණය කරන සෑම පවුලක් සඳහාම පුදුමය උපදවන අත්දැකීමක් ලබා ගත හැකියි. ඔවුන්ගේ ජීවිතවල ඉලක්ක අත්කර ගැනීම පිළිබඳ විශ්වාසය අප කෙරෙහි තබන ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමේ ක්‍රමයක් ලෙස අප මෙය දකිනවා.”
ෆැමිලි සවාරි දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට දැනට සිටින රක්ෂණ ඔප්පු හිමියන් ප්‍රවර්ධන කාලය තුළ ඔවුන්ගේ රක්ෂණ ඔප්පු සක්‍රීයව තබා ගැනීම හෝ විශ්‍රාම සැලසුම්වල නිර්දේශිත අවම
ශේෂයන් පවත්වා ගැනීම අවශ්‍ය වෙයි. 2025 සැප්තැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා ජීවිත රක්ෂණ ඔප්පුවක් මිලදී ගන්නා නව ගනුදෙනුකරුවන්ටද දිනුම් ඇදීමට ඇතුළත් විය හැකි අතර ඒ සඳහා මෙම කාලය තුළ මාසික වාරික තුනක් ගෙවිය යුතු වේ. Ceylife ඩිජිටල් යෙදවුම බාගත කර ඇති රක්ෂණ ඔප්පු හිමියන්ට අමතර ජයග්‍රහණ අවස්ථා ලබා දීම සහ ඔවුන් සෙලින්කෝ ලයිෆ් හි ඔප්පුහිමියන් වී සිටි කාලයට අනුරූපව තවත් දිනුම් අවස්ථා හිමි වෙයි.
වසර ගණනාවක් පුරා ෆැමිලි සවාරි ජයග්‍රාහකයින් ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය සහ තුර්කිය වැනි දුර බැහැර ගමනාන්ත වෙත මෙන්ම චීනය, ඩුබායි, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි සමීප රටවලටද සංචාරක අත්දැකීම් ලබා ගෙන ඇත. ෆැමිලි සවාරි 19 අමතක නොවන අත්දැකීමක් බවට පත් කරමින් ජනප්‍රිය සන්නාම තානාපතිවරුන් වන රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ පුත් මිනෙත් නැවතත් ජයග්‍රාහකයින් සමඟ ඔවුන්ගේ ගමන්වලට එක් වෙයි.
සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් විය.