ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි.
2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින් සියලු වියදම් දරන මෙම සංචාර තුලින් ජයග්රාහකයින්ට ලෝක ප්‍රසිද්ධ ගමනාන්ත තුනක මනරම් දර්ශන නැරඹීමේ අවස්ථාව හිමි විය.
ජයග්‍රාහකයින් 16 දෙනෙකු මැලේසියාව වෙත සංචාරය කිරීම සඳහා සුදුසුකම් ලැබූ අතර ක්වාලාලම්පූර්හි නිවුන් කුළුණු, බාටු ගුහා සහ ත්‍රාසය පිරි ජෙන්ටින් උස්බිම් අත්දැකීම් වලින් සමන්විත වූ රාත්‍රී දෙකක් සහිත දින තුනක සංචාරය සඳහා ඔවුන්ගෙන් හය දෙනෙකු සහභාගි විය.
දොළොස් දෙනෙකු ඩුබායි සංචාරය හිමි කර ගත් අතර ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ්කලීෆා නැරඹීමේ අවස්ථාව මෙන්ම නගර සංචාරයක් සහ නවීනත්වයේ ආශ්චර්යයන් සහ අරාබි චමත්කාරය මිශ්‍ර වූ බෝට්ටු සංචාරය සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ඇතුළත් වූ රාත්‍රී දෙකක සහ දින තුනක අත්දැකීම සඳහා හය දෙනෙකු පිටත් විය.
මෙම සංචාරයන් අතරින් තුර්කි සංචාරය වඩාත් ජනප්‍රිය වූ අතර සුදුසුකම් ලැබූ ජයග්‍රාහකයින් 20 දෙනෙකු තුළින් 12 දෙනෙකු සංචාරය කරන ලදි. රාත්‍රී හතරක් සහිත දින පහක් පුරා ඔවුන් ඉස්තාන්බුල්හි ශ්‍රේෂ්ඨත්වයේ ගිලී සිටි අතර හගියා සොෆියා (Hagia Sophia) සහ නිල් පල්ලියේ (Blue Mosque) සිට ඓතිහාසික ගලාටා කුළුණ සහ ටොප්කාපි මාලිගය දක්වා සංචාරය කරන ලදි.
සංචාරය සඳහා සහභාගී වීමට නොහැකි වූ පිරිසට ඒ හා සමාන මුදල් ත්‍යාගයක් ලබා දුන් බව සමාගම පවසයි.
2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් විය.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.