You are currently viewing සෙලින්කෝ ලයිෆ් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කරයි

සෙලින්කෝ ලයිෆ් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කරයි

  • Post author:
  • Post category:Uncategorized
Share On

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.

බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක වටිනාකමක් සහ AAA- සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇති අතර එතුළින් වෙළඳපොල තුළ එහි ශක්තිය සහ කීර්තිය යළිත් තහවුරු වෙයි. ස්ථාවර සන්නාම වර්ධනය, පාරිභෝගික විශ්වාසය සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පැහැදිලි නායකත්වය පිළිබිඹු කරමින් 2023 වසරේ දී 27 වන ස්ථානයේ සිටි සමාගම සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණ ඇති අතර සන්නාමයට පවරා ඇති වටිනාකම සියයට 84.3 කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය යන දෙකෙහිම ඉහළම සන්නාමය ලෙස සිය තත්ත්වය නොකඩවා පවත්වා ගෙන යයි. මෙම ගෞරවය 2023 වසරේ ශ්‍රේණිගත කිරීම්වල ද ලබා ගැනීමට සමත් විය.

සමාගමේ නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් අලෙවිකරණ ප්‍රධානී දිරන්ජන් කනගසබේ මහතා මෙසේ අදහස් දැක්වීය: “නැවත වාරයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සන්නාමය ලෙස සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන පහක් ඉදිරියට පැමිණීම සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ ශක්තිය පිළිබඳ ප්‍රබල සහතිකයකි. මේ තුළින් මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ අපගේ ආරක්ෂාව පිළිබඳ පොරොන්දුව කෙරෙහි අප ක්‍රියා කරන ආකාරය විද්‍යමාන වෙයි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ අප තුළ ඇති නායකත්වය

පිළිබඳ ආඩම්බර වන අතර රක්ෂණ ඔප්පු හිමියන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට කැපවී සිටිමු.”

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් විය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.