ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්

ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් යනු, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට සෙලින්කෝ ලයිෆ් විසින් හඳුන්වාදුන් තවත් අපූරු නව්‍ය නිෂ්පාදනයකි. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙනත් කිසිම ජීවිත රක්ෂණ සැලසුමකට සමාන කළනොහැකි, ප්‍රතිලාභ රැසක් ලබාදෙන ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් මඟින් ඔබේ ආදරණීයයන්ට පරිපූර්ණ ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන අතර, ඔප්පුව කල්පිරිමේදී ඔබ ගෙවන ලද සම්පූර්ණ වාරික, රක්ෂිත මුදල සමග ආපසු ඔබ වෙත ලබාදෙයි.  

ක්‍රියාත්මකවන ආකාරය

 

ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් , වටහාගැනීමට ඉතාම පහසු වන අතර, ඔබේ පවුලට ආරක්ෂාව සලසන අතරම කල්පිරීමේ දී ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිකරදීමටත් අවධානය යොමුකර ඇත.

 

ආරක්ෂණ ප්‍රතිලාභය

ඔබගේ ආදරණීයයන්ට රැකවරණය සැලසීම අතිශයින්ම වැදගත් කාරණයකි. ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් මෙම අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙමින් ඔබගේ ආදරණීයයන්ට අසමසම රැකවරණයක් සපයයි. රක්ෂිත මුදල මෙන් 8 ගුණයක්, ජීවිත රක්ෂණාවරණය ලෙස ගෙවනුලැබේ. මෙම ජීවිත රක්ෂණ ආවරණය සෑම වසරකම 2.5% බැගින් වැඩිවේ.

උදා:

ඔබ රු. 1,000,000/– රක්ෂිත මුදලක් සහිත ඔප්පුවක් ලබාගත්තොත්, පළමු වසර තුළදී අවාසනාවන්ත ලෙස අභාවයට පත්වුණොත්, ඔබේ ආදරණීයන්ට රු.8,000,000/–ක රක්ෂණ ප්‍රතිලාභයක් හිමිවේ. 5 වන ඔප්පු වර්ෂය අවසානයේ දී ඔබේ අවාසනාවන්ත අභාවය සිදුවුණොත්, ඔබේ ආදරණීයන්ට හිමිවන රක්ෂණ ප්‍රතිලාභය රු.8,800,000/–කි

අයැදුම් කළහැකි අය

ඔබ අවුරුදු 18 – 60 අතර අයෙකු නම්, වසර 10, 15, 20 හෝ 25 යන කාලපරිච්ඡේදයක් සඳහා මේ ජීවිත රක්ෂණ සැලසුම ලබාගැනීමට හැකිය.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

 

කල්පිරීමේ ප්‍රතිලාභය

ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්, ජීවිත රක්ෂණයක් පමණක් නොව බුද්ධිමත් ආයෝජනයක් ද වන නිසා ඉහළ කල්පිරීමේ ප්‍රතිලාභයක් එමගින් ඔබට හිමිවන බව සහතික කෙරේ. ඔබ ගෙවනලද සියලුම වාරිකවල සම්පූර්ණ මුදල්, රක්ෂිත මුදල සමග කල්පිරීමේ දී ඔබට ආපසු ලබාදෙයි. මෙය සහතික කර ඇත! එමනිසා, කල්පිරීමේ දී ඔබ ගෙවා ඇති මුදලට වැඩි මුදලක් ඔබට ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් මගින් හිමිවේ.

 

 

 

අතිරේක ප්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.