සෞභාග්‍යා

නූතන ලෝකයේ කාන්තාවන්; මව්වරුන්, පවුලේ ආදායම් උපයන්නියන්, දියණියන්, නායිකාවන් සහ ලෝකය ජයගන්නට කැපවී කටයුතු කරන ප්‍රබල ස්වාධීන චරිත ලෙස අතිශය සුවිසල් කාර්යභාරයක් ඉටුකරයි. ජීවිතය පුරා ඔවුන් කරන කැපකිරීම් ඉතා විශාල වන අතර, රැකියාවත් පවුලත් සමබරව පවත්වාගන්නට ඔවුන් වෙහෙසෙන්නේ, අපූරු හැකියාවක් පළකරමිනි.

 

සෙලින්කෝ ලයිෆ් සෞභාග්‍යා, දසත පැතිරීගිය ඔවුන්ගේ කැපකිරීම් සහ දිරිය අගයමින් ඔවුන් සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ රක්ෂණ සැලසුමකි.

 

ක්‍රියාත්මකවන ආකාරය

සෞභාග්‍යා මඟින්, රක්ෂණ කාලපරිච්ඡේදය අතරතුර රක්ෂණ හිමිකාරිනියට වාරික වශයෙන් ‘එකවර මුදල් ගෙවීම්’ සහ ජීවිත ආවරණයක් ලබාදෙන අතර, අදාළ කාලපරිච්ඡේදය අවසානයේ දී රක්ෂණ හිමිකාරිනිය ජීවත්ව සිටින්නේ නම් කල්පිරීම් මුදලක් පිරිනමයි.

ප‍්‍රතිලාභ

මේ සැලසුමේ ප්‍රතිලාභ ආකාර 3කින් හිමිවේ.

ඔබ සෞභාග්‍යා සැලසුමක් ලබාගත් විට, ඔබේ රක්ෂණ ඔප්පු කාලය පුරා සෑම වසර 4කට වරක්ම ඔබට සැලකිය යුතු ‘එකවර මුළු මුදල් ගෙවීම්’ හිමිවන අතර, ඒවා ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට යොදාගත හැක.

අදාළ කාලපරිච්ඡේදය අවසානයේ දී, රක්ෂිත මුළු මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වඩා ඉහළ අගය සහිත මුදල – ඒ වනවිට ගෙවා ඇති ‘එකවර ගෙවීම් අඩුකරගැනීමකින් තොරව’ ලබාගැනීමේ අමතර ප්‍රතිලාභය ද ඔප්පු හිමිකාරිනියට ලැබේ.

එසේම, මෙම සලසුමට ජීවිත රක්ෂණ ආවරණයක් ද ඇතුළත්ව ඇති නිසා, අනපේක්ෂිත ලෙස ඔප්පු හිමිකාරිනියගේ අභාවය සිදුවුණොත් – මූලික මුළු රක්ෂිත මුදල හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි වටිනාකම, ඔප්පු හිමියාගේ ප්‍රතිලාභීන් වෙත හිමිවේ.

උදාහරණ :

ඔබ වයස අවුරුදු 30ක අයෙකු නම් සහ වසර 20ක් සඳහා රු. 500,000/-ක මූලික ආවරණයක් සඳහා සෞභාග්‍යා සැලසුමක් ලබාගන්නේ නම්, සෑම වසර 4කටම වරක් ඔබට රු. 60,000/-ක් බැගින් වන සැලකියයුතු ගෙවීම් හිමිවෙනවා.

කාලය
කාලානුරූප ගෙවීම (අදාළ කාලය අවසානයේ)
රක්ෂිත වටිනාකමෙන් % ප‍්‍රතිශතයක් ලෙස

 වසර 12

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර

20%
20%
රක්ෂිත මූලික වටිනාකම හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි අගය

 වසර 16

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර

15%
15%
15%
රක්ෂිත මූලික වටිනාකම හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි අගය

වසර 20

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර
20 වැනි වසර

12%
12%
12%
12%
රක්ෂිත මූලික වටිනාකම හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි අගය

 වසර 24

4 වැනි වසර
8 වැනි වසර
12 වැනි වසර
16 වැනි වසර
20 වැනි වසර
24 වැනි වසර

10%
10%
10%
10%
10%
රක්ෂිත මූලික වටිනාකම හෝ එකතු වූ අරමුදල යන දෙකෙන් වැඩි අගය

20 වැනි වසරේ කල්පිරීමේදී රු. 500,000/-ක රක්ෂිත වටිනාකමක් සහිත රක්ෂණයක් සඳහා ඔබේ එකතු වූ අරමුදලේ ඇති ශේෂය

වසරකට 7%ක ලාභාංශ අනුපාතයක් ඇතැයි සලකා නිරූපිත කල්පිරීම් ප‍්‍රතිලාභය රු. 950,000/-

වසරකට 9%ක ලාභාංශ අනුපාතයක් ඇතැයි සලකා නිරූපිත කල්පිරීම් ප‍්‍රතිලාභය රු. 1,180,000/-

අයැදුම් කළ හැකි අය

ඔබ අවුරුදු 18 – 58 අතර වයසේ කාන්තාවක් නම්, වසර 12, 16, 20 හෝ 24 යන කාලපරිච්ඡේදයක් සඳහා මේ සැලසුම ලබාගැනීම සඳහා ඔබ සුදුසුකම් ලබනවා.

ගෙවිය හැකි ආකාරය

මේ සැලසුම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීම් කළහැක.

අමතර ප‍්‍රතිලාභ

පහත දැක්වෙන අමතර ප‍්‍රතිලාභ ඔබේ ජීවිත රක්ෂණ සැලසුමට එකතු කරගත හැකියි.

  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ප්‍රොටෙක්ෂන් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ජීව යාත‍්‍රා
  • සෙලින්කෝ ලයිෆ් යුගදිවි
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි ඉන්කම් ප‍්‍රතිලාභය
  • සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි
  • සෙලින්කෝ ලයිෆ් බරපතළ සැත්කම්
  • සෙලින්කෝ ලයිෆ් පවුලේ රෝහල් වියදම්
  • සෙලින්කෝ ලයිෆ් අමතර ආවරණය

අතිරේක ප‍්‍රතිලාභ

අප සමාගමත් සමග ඇති ළබැඳියාව වෙනුවෙන් පිරිනැමෙන අමතර ප්‍රසාද තිළිණ සඳහාත් සෙලින්කෝ ලයිෆ් සෞභාග්‍යා රක්ෂණ ඔප්පු හිමියන් සුදුසුකම් ලබනවා. ඒ අනුව, සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි

පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවීමට සියලු රක්ෂණ ඔප්පු හිමියන්ට වරම් ලැබෙන අතර, ඔවුන්ගේ දරුවන් ප්‍රණාම ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ලබනවා.