බරපතළ රෝග ආවරණය

ෆැමිලි දිගාසිරි ප‍්‍රතිලාභය (බරපතළ රෝග ආවරණය)

බරපතළ රෝග, අද වනවිට ලෝකයේ බහුල ලෙස දකින්න පුළුවන්. ඒවා ඔබේ සෞඛ්‍යයට ඇති කරන බලපෑමට අමතරව, ඒවා නිසා ඔබත් ඔබේ ආදරණීයයනුත් ඉතා දැඩි සේ මානසික පීඩාවට ද පත්වේ.  එවැනි රෝගාබාධවල ප්‍රතිකාර සඳහා දැරීමට වන වියදම් ද ඉතා අධික නිසා, එයින් තත්ත්වය තවත් උග්‍රඅතට හැරීමටද ඉඩ ඇත.

 

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි දිගාසිරි ප්‍රතිලාභය, ඔබට හෝ ඔබේ පවුලේ අයට එල්ල වන බරපතළ සෞඛ්‍ය අර්බුදවලදී රැකවරණය ලබාදෙන, විශේෂ බරපතළ රෝග රක්ෂණ ආවරණයකි. මෙමගින්, පහසු වාරිකයක් මත ඔබට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කරයි.

ක්‍රියාත්මක වන ආකාරය

බරපතළ රෝග/ ෆැමිලි දිගාසිරි ප්‍රතිලාභය, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සැලසුම් සියල්ලටම පාහේ එකතුකර ගතහැකි අතර එහි වාරිකය තීරණය වන්නේ, ඔබේ වයස, රක්ෂණ කාලසීමාව සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද ඇතුළු වෙනත් සාධක අනුවයි.

 

මේ සැලසුමෙන් ආවරණය ලබාදී ඇති බරපතළ රෝගී තත්ත්වයක් ඔබට ඇතැයි හඳුනාගත් විටක දී,  රු.5,000,000 දක්වා මුදලක් එක්වර ගෙවනු ලැබේ.

ප‍්‍රතිලාභ

මෙමගින් බරපතළ රෝග 36ක් සඳහා රැකවරණය සැලසෙන අතර, ජීවිත රක්ෂණ ආවරණයක් ද එහි අන්තර්ගත ය. ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑමට ඔබ බිල්පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර, ඔබේ වෛද්‍ය වාර්තාව සහ රෝග හඳුනාගැනීමේ කාඩ්පත පමණක් ඒ සඳහා ප්‍රමාණවත් ය.

ආවරණය කෙරෙන රෝගාබාධ

පිළිකාව, හෘදරෝග, බයි-පාස් සැත්කම්, ස්ට්‍රෝක් හෙවත් ආඝාත තත්ත්ව, වකුගඩු ආබාධ, අංශභාගය, තදබල සෙංගමාල තත්ත්වය, බරපතළ අවයව බද්ධකිරීම්, ප‍්‍රාථමික පුප්පුශීය ධමනි අධිපීඩන තත්ත්වය, බහුවිධ ස්ක්ලෙරෝසිස් තත්ත්වය, අන්ධතාව, හෘද කපාට සැත්කම්, බිහිරිබව, හෘද ධමනි සැත්කම්, නිදන්ගත අක්මා රෝග, තදබල ඉදිමුම්, නිදන්ගත පෙනහළු රෝගය, කෝමා තත්ත්වය, කටහඩ නැති වී යෑමේ තත්ත්වය, පේශික අක්‍රීයතාව, චාලක නියුරෝන රෝගය, ඒප්ලාස්ටික් ඇනීමියා තත්ත්වය, හානිකර නොවන මෂ්තිෂ්ක පටක වර්ධනය, ඇන්ජියෝප්ලාස්ටි තත්ත්වය සහ ඇල්ෂයිමර් රෝගය, මෙඩියුලරි සිස්ටික් රෝගය, සිස්ටෙමික් ලූපස් එරිතෙමැටෝසස් තත්ත්වය, බරපතළ හිසේ ඇම්ම, පර්යන්ත රෝගය, පෝලියෝ තත්ත්වය, ස්වාධීනව වැඩකටයුතු කරගැනීමේ හැකියාව නොමැති වීම, හෘදපටක ආශි‍්‍රත ආබාධ, වර්ධනාත්මක ස්ක්ලෙරොඩර්මා තත්ත්වය, නෙක්රොටයිසිං ෆැසිටිස් තත්ත්වය, ක්‍රෝනස් රෝගය, උග‍්‍ර අල්සරේටිව් කෝලයිටිස් තත්ත්වය.

*සම්පූර්ණ නියමයන්, කොන්දේසි සහ සවිස්තරාත්මක විස්තර සඳහා ප්‍රතිපත්ති ලේඛනය පරික්ෂා කරන්න.