ෆෝචූන් ප්ලස්
සෙලින්කෝ ලයිෆ් ෆෝචූන් ප්ලස්
ධනය වර්ධනය කරන ජීවිත රැකවරණය
සෙලින්කෝ ලයිෆ් ෆෝචූන් ප්ලස් යනු, කෙටි කාලීන වාරික ගෙවීමක් තුළින් මධ්‍ය කාලීන ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් සහ ආයෝජන සැලසුමක් ලබා ගත හැකි, දිගු කාලීනව වාරික ගෙවීමේ වගකීම නොමැතිව, මනා කළමනාකාරිත්වයෙන් යුතු ව ආදායම් උපයන ඔබගේ ධනයට ආරක්ෂාව ලබා දෙමින් එය තවත් වර්ධනය කරන ආකර්ෂණීය ජීවිත රක්ෂණ සැලසුමකි.
ෆෝචූන් ප්ලස් වඩාත් පහසු වාරික ගෙවීම 3ක් සහ වසර 8ක ඔප්පු කාලසීමාවක් ලබා දෙන අතර, දක්ෂ වෘත්තිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ජීවිත රැකවරණය හා ධනය ඉපයීම සඳහා බුද්ධිමත් සැලසුම් සොයනා අය වෙනුවෙන් ඇති ගැලපෙනම ජීවිත රක්ෂණ සැලසුමයි.
ෆෝචූන් ප්ලස් සැලැස්ම හරහා ඔබට පිරිනමන ප්‍රතිලාභ මොනවාද?
- කෙටිකාලීන වාරික ගෙවීම තුලින් මධ්‍යකාලීනව ලැබෙන ආවරණය
මුල් වර්ෂ 3 පමණක් වාරික ගෙවීමෙන්, වසර 8ක් පුරා ජීවිත රක්ෂණයෙන් ලැබෙන සියලුම ප්‍රතිලාභ අත්විඳින්න.
- පරිපූර්ණ ජීවිත රැකවරණය සමඟ ධන අරමුදලක් ගොඩනගා ගැනීමට හැකි වීම.
අපගේ ඉදිරියට නිකුත් කරන ලාභාංශ අනුපාත අනුව වසර 8 පුරාම ඔබ සැලැස්මේ ධන අරමුදලට කරන ආයෝජනය තව තවත් වර්ධනය වන අතරම, එම කාලයේ දී ඔබට ජීවිත රැකවරණය ද හිමි වේ.
- ළබැඳි පාරිතෝෂික (Loyalty Rewards) සහිතව ධන අරමුදලෙන් ලැබෙන ආකර්ශනීය කල් පිරීමේ ප්‍රතිලාභය
වර්ෂ 8 අවසානයේදී වර්ධනය වූ කල්පිරීමේ ප්‍රතිලාභය සමගින් සුවිශේෂී ළබැඳි පාරිතෝෂික දීමනාව ද (ඉතුරුම් කොටසේ වාර්ෂික වාරිකය මෙන් 1.2x ට සමානව) හිමි වීමෙන් මෙම සැලසුමට ඔබ කල ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභයක් ගැනීමට හැකි වේ.
- කල් පිරිමේ ප්‍රතිලාභය ලබා ගත හැකි නම්‍යශීලි ක්‍රම
ඔබගේ මුල්‍ය අපේක්ෂාවන්ට අදාළව කල් පිරීමේදී එක වර මුළු මුදලක් ලෙස හෝ තෝරාගත් කාලයකට මාසික ගෙවීම් ලෙස කල් පිරීමේ ප්‍රතිලාභය ලබා ගත හැකියි.
රක්ෂණාවරණය පිළිබඳ වැඩි විස්තර
ලක්ෂණය |
විස්තර |
|---|---|
|
වාරික ගෙවන කාල සීමාව |
වසර 3 (වාර්ෂික වාරික පමණයි) |
|
රක්ෂණ ඔප්පු කාල සීමාව |
වසර 8 |
|
ඇතුලත් වීමේ වයස් සීමාව |
අවුරුදු 18 සිට 65 දක්වා |
|
ආවරණය අවසන් වන උපරිම වයස් සීමාව |
වසර 73 දක්වා |
|
ජීවිත ආවරණ ප්‍රතිලාභය |
සම්පුර්ණ වසර 8 සඳහා ලැබේ |
|
ජීවිත රක්ෂණය සඳහා ලබා ගත යුතු අවම ආවරණය |
රු 2,000,000ක් හෝ අරමුදලේ වාර්ෂික දායකත්වයට සමාන අගයක්, යන අගයන් දෙකෙන් වැඩි අගය |
|
ජීවිත රක්ෂණය සඳහා ලබා ගත හැකි උපරිම ආවරණය |
සීමාවක් නොමැත |
|
ධන අරමුදල ගොඩනැගීම සඳහා අවම වාර්ෂික මූලික වාරිකය (ඉතුරුම්) |
රු 500,000 |
|
ළබැඳි පාරිතෝෂිකය (Loyalty Rewards) |
රක්ෂණාවරණය කල් පිරීමේ දී වාර්ෂික ඉතිරි කිරීමේ වාරිකයෙන් 1.2x ක වටිනාකමක් ධන අරමුදලට නොමිලේ එකතු වේ. (ඒ සඳහා සියලු වාරික ගෙවා කල්පිරිමේදී රක්ෂණාවරණය සක්‍රියව තිබිය යුතු වේ.) |
|
ධන අරමුදලෙන් කල් පිරීමට පෙර අර්ධ වශයෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිලාභය |
3 වැනි ඔප්පු වර්ෂයට පසුව ඔප්පු කාලය තුළ දී වාර 2ක් (එක වරකදී අරමුදලෙන් 10% ක උපරිමයක් දක්වා) ලබා ගත හැකි ය. |
|
ධන අරමුදල ටොප්-අප් (Top-up) කිරීමේ පහසුකම කල්පිරීමේ ප්‍රතිලාභය ගෙවීමේ ක්‍රම |
වාර්ෂික වාරිකයට අමතරව, රක්ෂණ කාල සීමාවේදී ඔබගේ අතිරේක ආදායම් ධන අරමුදලට ටොප්- අප් කිරීමෙන් ධන අරමුදලේ අගය හා වර්ධනය තවත් වැඩි කරගත හැකිය. |
|
කල් පිරීමේ ප්‍රතිලාභය ගෙවීමේ ක්‍රම |
මුළු මුදල එක වර ලබා ගැනීම හෝ තෝරාගත් කාලයකට මාසික ගෙවීම් ලෙස ලබාගත හැකි ය. |
ධන අරමුදලේ වර්ධනය නිදර්ශනය කිරීම
- ඔප්පු හිමියාගේ වයස – අවුරුදු 40
- වාරික ගෙවන කාල සීමාව – වසර 3
- රක්ෂණ ඔප්පු කාලය – වසර 8
- වාරිකය ගෙවන ආකාරය – වාර්ෂිකව
ඔප්පු කාලසීමාව තුළ දී තැන්පතු මුදල නැවත ආපසු ලබා නොගත් බවට උපකල්පනය කරමින්, ඔප්පු කාලය තුළ ආයෝජනය කළ හැකි විවිධ දායකත්ව මුදල් වලට වසර 8 අවසානයේ දී ලැබෙන නිදර්ෂිත කල්පිරීමේ ප්‍රතිලාභ පහත දැක්වේ.
| ධන අරමුදල සඳහා වාර්ෂික දායකත්වය (රු) | ලබා ගත යුතු අවම ජීවිත ආවරණය | මුළු වාර්ෂික වාරිකය (ධන අරමුදල + ජිවිත ආවරණය) | වසර 3 සඳහා මුළු ආයෝජනය | වසර 8 අවසානයේ කල්පිරීමේ ප්‍රතිලාභය නිදර්ශනයක් ලෙස* | ||
| 6% | 8% | 10% | ||||
| 500,000 | 2,000,000 | 529,740 | 1,589,220 | 2,118,836 | 2,325,559 | 2,556,191 |
| 1,000,000 | 2,000,000 | 529,740 | 3,089,220 | 4,241,929 | 4,655,697 | 5,117,309 |
| 2,000,000 | 2,000,000 | 2,029,740 | 6,089,220 | 8,488,114 | 9,315,971 | 10,239,546 |
*මෙය කල්පිරීමේ ප්‍රතිලාභ පිළිබඳ නිදර්ශනයක් පමණයි. සමාගම විසින් මාසිකව ප්‍රකාශ කරන ලාභාංශ අනුපාත, වාරික ගෙවීමේ දිනයන් සහ ඔප්පු කාලසීමාවේ දී ඔප්පු හිමියා අරමුදලෙන් සිදු කරන මුදල් ආපසු ගැනීම් අනුව, ඔප්පු හිමියාට සැබවින්ම කල් පිරීමේ ප්‍රතිලාභයේ අගය වෙනස් විය හැකි ය.
මෙහි දැක්වෙන 6%, 8% සහ 10% අනුපාතයන් යනු අරමුදල් කළමනාකරණ ගාස්තුව අඩු කිරීමට පෙර ලැබෙන, උපාය ගත අනුපාතයන් (Earned Rates) වේ.
ඔප්පු හිමියාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව වාරිකයේ අගය වෙනස් වේ.
‘Fortune Plus’ ඔබගේ අනාගතයට වාසනාව ගෙනෙන අයුරු පිළිබඳ වැඩි විස්තර දැනගන්න, (011) 2 461 461 අමතන්න.
නැතිනම් ඔබේ විශ්වසනීය සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකට අදම කතා කරන්න.