වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන ආර්. රෙංගනාදන් මහතා සමාගම ආරම්භ කරන විටම එයට එක් වූ අතර, මේ වන විට ඔහු සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් සමාගමේ සභාපති ලෙස එය ඉතා සාර්ථකව මෙහෙයවමින් සිටියි.
ජීවිත රක්ෂණ මෙහෙයුම් 1988 වසරේ ආරම්භ කළ අවධියේ සිටම ප‍්‍රධාන තනතුරෙහි රැුඳී සිටිමින්, ඉන්පසුව ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය පුද්ගලීකරණය වීමත් සමඟ ශී‍්‍ර ලංකාවේ සෑම පවුලක් වෙතම ජීවිත රක්ෂණය පිරිනැමීම සඳහා වූ දැක්මෙන් යුතුව ඔහු විසින් මෙම සමාගම නිවැරදි දෙසට මෙහෙයවනු ලැබ ඇත. ශී‍්‍ර ලංකාවේ රක්ෂණය ලැබීමේ හැකියාව ඇති ජනගහනයේ විවිධ අවශ්‍යතා සඳහා සරිලන පරිදි නව්‍යකරණයෙන් යුතු සැලසුම් සහ සේවාවන් හඳුන්වාදෙමින් ඔහු පවුල්වල ප‍්‍රධාන ආදායම් සපයන්නන් මිලියනයකට ජීවිත රක්ෂණය පිරිනැමීම සඳහා සෙලින්කෝ ලයිෆ් මෙහෙයවා ඇත.
ඔහුගේ මූල්‍ය හසළත්වය සහ ¥රදර්ශීබව ඔස්සේ වසර 31ක් පමණක් වූ කාලයක් ඇතුළත රු. බිලියන 88ක දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදලක් ගොඩනැගීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය. එසේම, පසුගිය වසර 15 පුරා අඛණ්ඩව ශී‍්‍ර ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම රැුඳීසිටීම සඳහා සෙලින්කෝ ලයිෆ් මෙහෙයවීමට ඔහු සහ ඔහුගේ කළමනාකාරිත්ව කණ්ඩායම සමත් විය.
සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ සමාගමක් වන සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් මඟින් පිළිකාවට ගොදුරු වූ පිරිස් වෙනුවෙන් ප‍්‍රතිකාර සඳහා නව ලොව නවතම උපකරණ සහ පහසුකම් පිරිනමන අතරතුරදී, රෙංගනාදන් මහතා සිය ¥රදර්ශී දැක්ම ඔස්සේ කටයුතු කරමින් සකී‍්‍රය විශ‍්‍රාමිකයින් සඳහා සමාගමෙහි අනෙක් අනුබද්ධ සමාගම වන සෙරීන් රිසෝට්ස් ලිමිටඞ් හි ‘‘නිවෙසින් පිටත නිවෙසක්’’ ආරම්භ කර ඇති අතර, කොළඹ සිට සැතපුම් 9ක් පමණක් වූ දුරකින් ඇති උස්වැටකෙයියාවේ පිහිටි සුවපහසු නිවාඩු නිකේතනයක් වන ‘ලා සෙරීනා’ නම් වන එය මේ වන විට ජනතාවට සේවය සැලසීම සඳහා සූදානමින් සිටියි.
