වර්ෂ 2014 දී අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ කුරේ මහතා 1987 වසරේ සහකාර පුහුණු කළමනාකරු ලෙස සෙලින්කෝ ඉන්ෂුවරන්ස් හා එක්ව අද වන විට මානව සම්පත් සහ පුහුණු අංශ ප‍්‍රධානී ලෙස කටයුතු කරයි.
සෙලින්කෝ ලයිෆ් හි අලෙවි බලකාය සැකසීමේදී කුරේ මහතා විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. ඔහු 2001 වසරේ සිට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී. එල්. සී. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
ජීවිත රක්ෂණය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පාත‍්‍රව සිටින කථිකයකුද වන කුරේ මහතා සුවිශේෂ ජාත්‍යන්තර ජීවිත රක්ෂණ සමුළුවක් වන මිලියන් ඩොලර් වටමේස සමුළුව ඇමතූ, එහි සාමාජිකයකු නොවන ප‍්‍රථම දකුණු ආසියානු නියෝජිතයා විය.
කුරේ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවිත ප‍්‍රාරක්ෂකයින් පුහුණු කිරීමේ මණ්ඩලයේ සාමාජිකයකු මෙන්ම වරලත් රක්ෂණ නියෝජිත ආයතන කළමනාකරුවකුද වෙයි.
