වර්ෂ 2014 දී අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ රණසිංහ මහතා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරීලෙස කටයුතු කරයි.
රණසිංහ මහතා 1986 වසරේදී නිෂ්පාදන කළමනාකරුවකු ලෙස සෙලින්කෝ ලිමිටඞ් හි සේවයට එක් විය. අලෙවි, වෙළෙඳ සහ උපායමාර්ගයික සැලසුම්කරණය සම්බන්ධයෙන් වසර 35කට අධික සේවා පළපුරුද්දක් සහිත ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. ආරම්භ කිරීමට දායක වූ පුරෝගාමී සාමාජිකයින්ගෙන් අයෙකි.
ඔහු සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් හි අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි. ශී‍්‍ර ලංකාවේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ ආරම්භක සාමාජිකයකු වන රණසිංහ මහතා එහි විධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුර ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවක් දරා ඇත.
රණසිංහ මහතා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ඵඊ් උපාධියක් හිමි කරගෙන සිටින අතර ඔහු වරලත් අලෙවිකරුවකු මෙන්ම එක්සත් රාජධානියේ වරලත් අලෙවි ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.
