මෙඩිකල් සේවර්

අනෙ සෞඛ්‍යෂණ ආවරණ වයස 70න් පසුව ල්පිරුණත්, සෙලින්කෝ ලයිෆ් මෙඩිකල් සේවර් සැලසුම ඉන් ඔබ්බටත් දීර්ඝව ඔබ ආරක්ෂා කරයි !

සෙලින්කෝ ලයිෆ් ‘මෙඩිකල් සේවර්’ සැලසුම, අද මෙන්ම හෙට දවස වෙනුවෙනුත් ඔබට ගතහැකි පුළුල්ම හා සුරක්ෂිතම සෞඛ්‍ය රක්ෂණ ආවරණයයි. සෙලින්කෝ ලයිෆ් ‘මෙඩිකල් සේවර්’ සැලසුම, ඔබගේ අද දවසේ සෞඛ්‍ය වියදම් ප‍්‍රතිපූරණය කරදෙන අතරේ – අනාගත සෞඛ්‍ය වියහියදම් ආවරණය කිරීම සඳහා කල්පිරීමෙන් පසුව ද ශක්තිමත් වෛද්‍ය අරමුදලක් ගොඩනංවන කදිම රක්ෂණ සැලසුමකි. මෙම විශිෂ්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණය ඔබගේ සහ ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ අද දවසේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආවරණයක් සපයන අතර, හෙට දවසේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ද ඔබගේ මුදල් නිසි ලෙස ආයෝජනය කරයි. 

ක්‍රියාත්මක වන ආකාරය

අද සහ හෙට මෙන්ම – ඔප්පුව ල්පිරීමෙන් ඔබ්බට වුවද ඔබේ සෞඛ්‍ය අවශ්‍යතා ආවරණය කරන පළමු සෞඛ්‍ය රක්‍ෂණ සැලැස්ම වන සෙලින්කෝ ලයිෆ් ‘මෙඩිල් සේවර් හි ඇති ප්‍රධාන ලක්ෂණ තුනකි:

ඔප්පු කාලසීමාව තුළ ඔබගේ වර්තමාන වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම

ඔප්පු කාලසීමාව පුරාම ජීවිත රක්ෂණ ආවරණයක් හිමිවීම සහ,

ඔබේ විශ‍්‍රාමික කාලයේ නැතහොත් ජීවිතයේ සැඳෑ සමයේ දී, ඔබට අවශ්‍ය වන දිගුකාලීන සෞඛ්‍ය හා හෙද සේවා වියදම් පියවාගැනීමට ‘අනාගත සෞඛ්‍ය රක්ෂණ ආවරණයක්’ ලෙස, ඔප්පුව කල්පිරීමෙන් පසුවත් ඔබේ සෞඛ්‍ය වියදම් සපුරාලීම සඳහා ‘ශක්තිමත් වෛද්‍ය අරමුදලක්’ ගොඩනංවාගැනීමට ඔබට උපකාර කිරීම.

ප්‍රතිලාභ

රටේ ජීවන වියදම වැඩිවීමත් සමග අපේ සෞඛ්‍ය වියදම් ද ඉහළයාම, නිරන්තරයෙන් දැකිය හැකි තත්ත්වයකි. ‘මෙඩිකල් සේවර්’ සමඟ, ඔප්පුව කල්පිරීමෙන් පසුවත් දිගුකාලීන සෞඛ්‍ය සහ හෙද සත්කාර සඳහා ‘අනාගත වෛද්‍ය අරමුදලක්’ ගොඩනැගීමට, මසකට රු. රු.5,000ක් වැනි අවම මුදලකින් ආරම්භ වන මූලික වාරිකයක් ඔබට ඉතිරි කළහැ. එහිදී ඔබ කළයුතු වන්නේ, එකඟ වූ වාරික ගෙවීමේ කාලය තුළදී, මාසිකව, කාර්තු වශයෙන්, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව දායකවෙමින්, ඔබේ අරමුදල වර්ධනය වන ආකාරය දෙස සතුටින් බලාසිටීමයි. මීට අමතරව, ඔබට අමතර මුදලක් ලැබෙන සෑමවිටම එමගින් ඔබේ ‘මෙඩිකල් සේවර් අරමුදල’ ටොප්-අප් (top-up) කිරීමෙන්, ඔප්පු කාලසීමාව තුළදී ඔබේ අරමුදලේ වර්ධනය තවතවත් වේගවත් කරගත හැක.

 

‘මෙඩිකල් සේවර්’ සැලැස්මේ කල්පිරීමේ ප්‍රතිලාභය පිළිබඳ වඩාත් හොඳින් තේරුම්ගැනීමට මෙම උදාහරණය බලමු.

 

රක්ෂණ ඔප්පුහිමියාගේ වයස: අවු. 45

ඔප්පු කාලසීමාව: අවු. 20

වාරික ගෙවන ආකාරය: මාසික

 

 

ඔප්පු කාලසීමාව තුළ අරමුදල් ආපසුගැනීමක් සිදුවූයේ නැතැයි උපකල්පනය කරමින්, විවිධ අරමුදල් දායක මුදල් සඳහා වසර 20 අවසානයේ කල්පිරීමේ ප්‍රතිලාභය මෙම වගුවෙන් අපට දැකගත හැකිය.

Header Col 3
Header Col 3
Table Header
Column 1
Column 2
Column 3
Column 1
Column 2
Column 3
වෛද්‍ය අරමුදල සඳහා මාසික දායකත්වය (රු.) වසර 20 සඳහා මුළු අරමුදල් දායකත්වය (රු.)වසර 20 අවසානයේ විදහාදක්වන ප්‍රතිලාභය * (රු.)
4%8%12%
15,0003,600,0006,304,9529,564,75314,879,721
35,0008,400,00014,452,71621,945,95734,171,378
75,00018,000,00030,748,24546,708,36472,754,692

ඉහත දැක්වෙන්නේ, සියලු වාරික නියමිත දිනට ගෙවා ඇතැයි උපකල්පනය කර, සියලුම කළමනාකරණ ගාස්තුවලින් පසු; 4% (වාර්ෂික), 8% (වාර්ෂික), සහ 12% (වාර්ෂික) යන උපකල්පිත ලාභාංශ අනුපාත මත පදනම් වූ උදාහරණයක් පමණි. මෙය කල්පිරීමේ ප්‍රතිලාභය පිළිබඳ යම් විදහාදැක්වීමක් පමණක් වන අතර, සමාගම විසින් මාසිකව ප්‍රකාශිත ලාභාංශ අනුපාත, වාරික ගෙවන දින හා ඔප්පු කාලසීමාව තුළ ඔප්පුහිමියා විසින් ආපසුගන්නා මුදල් අනුව, සැබෑ ප්‍රතිලාභ වටිනාකම වෙනස්විය හැකිය.

සුවිශේෂී කල්පිරීමේ ප්‍රතිලාභ පියවීමේ විකල්ප ක්‍රම (‘ලයිෆ් ලයින්’ / මාසික සෞඛ්‍ය ගෙවීම්)

ඔබේ ‘මෙඩිකල් සේවර් අරමුදලේ’ කල්පිරීමේ ප්‍රතිලාභය, එකවර ලබාගන්නා මුදලක් ලෙස ඔබට ලබාගත හැක. නමුත්, ඔබේ විශ්‍රාම කාලයේ ඇතිවිය හැකි අවශ්‍යතා ගැන සිතා – කල්පිරීමෙන් පසුව වුවද දීර්ඝ කාලයක් ‘අනාගත වෛද්‍ය අරමුදලක්’ ලෙස පවත්වාගෙන යාමට ඔබ කැමති නම්, ඔබට එම මුදල් ලබාගැනීමට විකල්ප ක්‍රම දෙකක් ඇත.

ඉන් පළමුවෙනි ක්‍රමය, ලයිෆ් ලයින් ලෙස මුදල් ලබාගැනීමයි. ඔබගේ රක්ෂණ ඔප්පුව කල්පිරීමෙන් අනතුරුව කල්පිරීමේ වටිනාකම එකවර ලබාගන්නවා වෙනුවට, ඔබ ‘ලයිෆ් ලයින්’ මුදල් ලබාගැනීමේ ප‍්‍රතිලාභය තෝරාගතහොත් තවත් වසර 20ක් දක්වා ඔබගේ ‘වෛද්‍ය අරමුදල’ පවත්වාගත හැකි අතර, අනාගතයේ සිදුවිය හැකි හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවලදී ඔබේ එම අරමුදලෙන් මුදල් ආපසුගත හැක.

දෙවෙනි ක්‍රමය, මාසික ගෙවීම්’ ලෙස මුදල් ලබාගැනීමයි. එහිදී, ඔබගේ රක්ෂණ ඔප්පුව කල්පිරීමෙන් අනතුරුව කල්පිරීමේ වටිනාකම එකවර ලබාගන්නවා වෙනුවට, ඔබේ අනාගත සෞඛ්‍ය වියදම් සඳහා මාසිකව දීමනාවක් ලබාගැනීමට ඔබට තීරණය කළහැකි අතර යම් එකඟ වූ කාලසීමාවක් පුරා එම මාසික දීමනාව ඔබට හිමිවේ. මෙම දීර්ඝ කළ කාලසීමාව තුළ ද සෙලින්කෝ ලයිෆ් ඔබේ අරමුදලට ලාභාංශ පිරිනමන නිසා, ඔප්පුව කල්පිරීමෙන් පසුව ද ඔබේ ‘වෛද්‍ය අරමුදල’ වර්ධනය වන ආකාරය ඔබට දැකගත හැකිය.

 

වැඩි රැවරණයක් සඳහා ජීවිත හා අමතර ප්‍රතිලාභ

‘මෙඩිකල් සේවර්’ සැලසුම සෞඛ්‍ය ආවරණයක් වුවද, එය මූලික වශයෙන් ජීවිත රක්‍ෂණ ආවරණයක් වන නිසා ඔබට නිරායාසයෙන්, දැරිය හැකි වාරිකයක් යටතේ ජීවිත ආවරණයක් ලබාගැනීමේ සුදුසුකම හිමිවේ. යම් හෙයකින් ඔප්පු කාලසීමාව තුළ ඔබ අකාලයේ අභාවයට පත්වුණොත්, එසේ අභාවය සිදුවන අවස්ථාවේ ‘වෛද්‍ය අරමුදලේ පවතින ශේෂය’ සමඟ – එකඟ වී ඇති ‘ජීවිත ආවරණයේ වටිනාකම’, ඔබේ ප්‍රතිලාභීන්ට හිමිවේ.

 

තවද, ඔබේ මූලික ජීවිත ආවරණයට අමතරව ඔබේ ආරක්ෂණ ප්‍රතිලාභය තවතවත් වැඩිකරගැනීම සඳහා, ඔබේ කැමැත්ත මත තෝරාගත හැකි – අතිරේක ප්‍රතිලාභ රාශියක් – ‘මෙඩිල් සේවර්’ සැලැස්ම මගින් ඔබට ලබාදෙයි.

 

වෛද්‍ය/ ශල්‍යර්ම වියදම් ප්‍රතිපූරණය සඳහා ගෝලීය සහ දේශීය රෝහල්ගතවීම් ආවරණය (හෙල්ත් සපෝර්ට් ප්ලස් ප්‍රතිලාභය)

‘මෙඩිල් සේවර් සැලැස්මේ’ මූලික ලක්ෂණය, වෛද්‍ය සහ ශල්‍යර්ම වියදම් සඳහා ජාත්‍යන්තර ප්‍රතිපූරණ ආවරණයක් ලබාදීමයි. මෙම ප්‍රතිලාභය හැඳින්වෙන්නේ, ‘හෙල්ත් සපෝර්ට් ප්ලස් අමතර ප්‍රතිලාභය’ ලෙසිනි.

‘හෙල්ත් සපෝර්ට් ප්ලස් අමතර ප්‍රතිලාභය’ මගින්, ඔප්පු කාලසීමාවේ දී ඔබ හෝ ඔබේ සහකරු/ සහකාරිය, ඔබේ දරුවන් හෝ ඔබේ දෙමාපියන් – අසනීපයක් හෝ හදිසි අනතුරක් නිසා රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත්, ඔබට මූල්‍යමය සහාය හිමිවන බව සහතික කර ඇත.  ඒ සඳහා, පැකේජ 14ක් අතරින් ඔබට ගැළපෙන ප්‍රතිපූරණ වටිනාකම් පැකේජයක් සහ අමතර ප්‍රතිලාභ තෝරාගත හැක

හදිසි අවස්ථාවකදී වෛද්‍ය අරමුදලෙන් අර්ධ වශයෙන් ආපසු මුදල් ලබාගත හැකි ප‍්‍රතිලාභය

වසර දෙකක් සම්පූර්ණ කර නියමිත වාරික නිසිලෙස ගෙවා ඇති සක්‍රීය ඔප්පුවකට, අදාළ ඔප්පු වර්ෂය තුළදී ‘එක් ආපසුගැනීම දී රු.25,000/- අවමයකට යටත්ව’ ‘වසරකට දෙවරක්’, වෛද්‍ය ටයුතු හා සම්බන්ධ වියදම් පියවාගැනීමට, වෛද්‍ය අරමුදලේ ශේෂයෙන් 20% දක්වා ආපසුගැනීමට හැ.

 

නමුත්, බරපළ රෝගාබාධ හෝ බරපළ ශල්‍යකර්ම අවස්ථාවක දී වෛද්‍ය අරමුදලේ ශේෂයෙන් 95%ක් දක්වා මුදලක් ආපසුගැනීමට ඔබ සුදුසුකම් ලැබිය හැක. ඒ සඳහා එකී අවශ්‍යතාව සනා කිරීමට අදාළ සාක්ෂි ඉදිරිපත් ළයුතුය.

වෛද්‍ය අරමුදල් වර්ධක ප්‍රතිලාභය

ඔබ, ඔබේ ‘මෙඩිල් සේවර්’ වාරික, නිතිපතා – නියමිත වේලාවට ගෙවන්නේ නම්, හිමිවන අමතර වාසි ද ඇත. සෙලින්කෝ ලයිෆ් හි අපි ඔබ වෙනුවෙන් – සෑම වසර 4කට වරක්ම, වෛද්‍ය අරමුදල සඳහා එක් වාර්ෂික වාරිකයක් හා ජීවිත රක්ෂණය සඳහා එක් වාර්ෂික වාරිකයක් බැගින් ඔබගේ වෛද්‍ය අරමුදලට බැරකරන්නේ, අරමුදල තවතවත් ඉහළ නැංවීම සඳහා ය.

 

මේ වාසිය හිමිකරගැනීමට ඔබ කළයුත්තේ, සියලුම වාරික නියමිත දිනට ගෙවන බව තහවුරු කිරීම හෝ ගෙවියයුතු වූ දිනයේ සිට දින 365ක් ඇතුළත ඔප්පුව නැවත සක්‍රීය බව තහවුරු කිරීම, සහ ආසන්නම වසර හතර තුළ මුදල් ආපසු නොගත් බවට වගබලාගැනීමයි.

වෛද්‍ය අරමුදල ටොප්-අප් (Top-up) කිරීමේ පහසුකම

අරමුදලේ ශේෂය වැඩිකිරීම සඳහා, වාරික ගෙවන කාලය තුළදී අමතර මුදල් තැන්පත් කරමින් වෛද්‍ය අරමුදල ටොප්-අප් (Top-up) කිරීමේ හැකියාවක් ද ඇත.