අවුරුදු 3 කෙටිකාලීන දීමනාව

අවුරුදු 3 කෙටිකාලීන දීමනා සැලැස්ම

ඔබේ ජීවිතයේ දීර්ඝ කාලීන ඉලක්ක-අභිප්‍රායයන් හඹායාම සඳහා, සමහර කෙටිකාලීන ඉලක්ක ජයගැනීමට හැකිවීම ලොකු ශක්තියක් බව අපි ඉතා හොඳින් තේරුම්ගෙන ඇත. වර්තමානය වනවිට මූල්‍ය සැලසුම් කිරීම, සෑම කෙනෙක් විසින්ම අනිවාර්යයෙන් කළයුතු දෙයක් බවට පත්වී ඇත. එහෙත් එහිදී, හොඳ ලාභදායී සහ සුරක්ෂිත ආයෝජන පමණක් තෝරාගැනීමට ඔබ ඉතා විමසිල්ලෙන් සහ විචක්ෂණශීලීව කටයුතු කළයුතුය. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන සෙලින්කෝ ලයිෆ්, ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ප්‍රාග්ධනයට සැලකියයුතු ප්‍රතිලාභයක් උපයාගැනීම සඳහා ඉදිරිපත් කරන වසර 3ක කෙටිකාලීන දීමනා?? සැලැස්ම, ඔබට අවබෝධ කරගැනීමට පහසු අපූරු ආයෝජනයකි.

ක්‍රියාත්මක වන ආකාරය

මෙය ආකර්ශනීය පොලී අනුපාතයක් හිමිවන වසර තුනක මූල්‍ය ආයෝජනයක් වන අතර, කාලසීමාව අවසානයේ ඔබට ප්‍රාග්ධනය සහ පොලිය ලබාගත හැක.

එක් වාරිකයක වටිනාකම (රු.)වසර තුනක් අවසානයේදී නිදර්ශන ප්‍රතිලාභය
100,000127,000
2,500,0003,175,000
5,000,0006,350,000

*ඉහත දැක්වෙන තොරතුරු විදහා දැක්වීම සඳහා පමණි. කළමනාකාරිත්වයේ උපදෙස් අනුව සමාගම විසින් මාසික පදනමින් සත්‍ය අනුපාතය ප්‍රකාශයට පත් කෙරේ.

වත්මන් වාර්ෂික පොලී අනුපාතය 12% (නීතිරීති සහ කොන්දේසි අදාළ වේ)

අයැදුම් කළ හැකි අය

ඔබ අවුරුදු 18 – 60 අතර වයසේ අයෙකු නම්, මේ රක්ෂණ සැලසුම ලබාගැනීමට ඔබ සුදුසුකම් ලබනවා.

ගෙවීම් මාදිලි

මේ සැලසුම සඳහා ගෙවීම් කළහැක්කේ එකවර ගෙවීම් ක්‍රමය යටතේ පමණි.

කාල සීමාව

මෙම රක්ෂණ සැලසුම ලබාගත හැක්කේ වසර තුනක කාල සීමාවක් සඳහා පමණි.